රදාවාන ප්‍රදේශයේ අවන්හලකට මත්පැන් පානය කිරීමට පැමිණි තිදෙනකු එහි සේවකයා කටගැස්ම රැගෙන ඒමට ගිය අවස්ථාවේ දී අරක්කු බෝතලයක් ද රැගෙන පැන යාමේ පුවතක් කිරිවැල පොලිසියෙන් වාර්තා වේ. සිද්ධිය වූ දින සන්ධ්‍යාවේ ත්‍රිරෝද රියකින් එම අවන්හලට පැමිණ ඇති එම තිදෙනා අරක්කු බෝතලයක් පානය කොට තවත් බෝතලයක් රැගෙන ඒ සඳහා අවශ්‍ය බයිට් (කටගැස්ම) රැගෙන එන ලෙස එහි සේවකයාට දැනුම් දී ඇත.
ඒ සඳහා සේවකයා අවන්හලේ කුස්සියට ගිය අවස්ථාවේ දී ඔවුන් කලින් ගත් බෝතලයේ හා බයිට් වල මුදල් ද නොගෙවා දෙවන බෝතලය ද රැගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇත. පසුව අවන්හල් සේවකයන් ඒ පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය කළ පරීක්ෂණයක දී වතුරුගම ප්‍රදේශයේ පාලු ස්ථානයක් මත්පැන් බොමින් සිටිය දී ත්‍රිරෝද රථයක් ද සමඟ සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබුහ.
ඔවුන් තිදෙනා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ඔවුන්ව පුගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. කිරිඳිවැල පොලිසියේ උපපොලිස් පරික්ෂක දිසානායක මහතා පරික්ෂණ මෙහෙය වීය.
Comments
Post a Comment