gossiplanka image 1
 



ගංවතුරින් තමන්ට අහිමි වූ දේ මොනවාද කියා සඳහන් කරන්න කියා තිබූ පෝරමයක් පිර වූ අයෙක් පියෝ ටී වී සබඳතාවයක් අහිමි වුණු දේ අතර ලියා තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප්‍රදේශයකින්  අසන්නට ලැබිණි.ගංවතුරින් අවතැන්ව සිටි පිරිසකට ආධාර ලබාදෙන වැඩ පිළිවෙළක් ගමේ පොදු තැනකින් ක්‍රියාවට නංවා තිබී ඇත. අවතැන්ව සිටි පිරිස් තමන්ට බොහෝ  දේවල් අහිමි වුණු බව පවසා සිටි නිසා ඒවා මොනවා දැයි පැහැදිලිව සටහන්  කරන ලෙස එම පුණ්‍යායතනය ඉල්ලීමක් කර ඒ සඳහා පෝරමයක් ලබාදී තිබේ.


එම පෝරමය පිර වූ අයගේ සමහර ඉල්ලීම් ඉටු කළ  නොහැකි ඒවා බව එහි ප්‍රධානියෙක් අවතැන් වූ  අයට කියා ඇත. අත්‍යවශ්‍යම දේවල් පමණක් ලබාදෙන බව පැවසූ පරිත්‍යාග ශීලීන් නැතිවී ගිය දියුණු සන්නිවේදන ක්‍රම නැවත ලබාගැනීමට අදාළ ආයතන වලට කතා කරන්නැයි ඉල්ලීමක් ද කර

තිබේ.