විවාහ මංගල්‍යය දා තම දත් ඇන්දේ වූ අඩුවක් සම්පූර්ණ කිරීමට දන්ත කාර්මික ශිල්පියකු ලවා දතේ කොටසක් සරිකර ගත් මනාලයකු මුහුණ පෑ අපූරු සිදුවීමක් පසුගියදා අසන්නට ලැබුණේ අගනුවරට ආසන්න ප්‍රදේශයකිනි. දතේ හිඩැසක් අතර තබා තිබූ මේ දත් කොටස රාත්‍රී නින්දට යන විට ගලවා වතුර භාජනයක දමන ලෙස ඔහුට උපදෙස් ලැබුණු අතර ඔහු මඟුල් දා රාත්‍රියේ දත් කොටස ගලවා වතුර වීදුරුවක දමා අල්මාරිය පසුපස සඟවා තැබුවේ මනාලියගෙන් එය වසන් කිරීමටය.
පසුදා උදෙන්ම නැගිට වතුර වීදුරුව සෙව්වත් එය එතැන නොවීය. වෙනත් තැනෙක තිබූ හිස් වීදුරුව තම සැමියා පරික්ෂා කරන ආකාරය දුටු මනාලිය
" ඊයේ රෑ මාර වතුර තිබහක් ආවා. මම ඔයාගේ වතුර වීදුරුව බීවා." කීවෙන් ඔහුට දෙවියන් සිහිවිය.
හිතවත් වෛද්‍යවරයකුට මේ ගැන කී විට ” පුංචි දත් කෑල්ලක් බඩට ගියාට හානියක් වෙන එකක් නැහැ. කීවෙන් ඔහුගේ සිතට මද සහනයක් ලැබුණත් ඔහු තවමත් සිටින්නේ මඳ බියකින්ලු.
Comments
Post a Comment