gossiplanka image 1
 

දකුණු ලක ගමක ජීවත් වූ රුමත් නව යොවුන් තරුණියකි. වසරක පමණ කාලයක සිට ඇයට ද පෙම්වතෙක් සිටී. පෙම්වතා සමඟ මුහුදු වෙරළේ උයන් තෙරේ, සිනමා ශාලාවල පෙම් රස බැලු ඇයට එක් දිනක පෙම්වතා යෝජනා කළේ, කොහේ හෝ ලැඟුම්හලක් වෙත ගොස් දිවා ආහාරය ගැනීමටය. තරුණිය මෙම යෝජනාවට එතරම් කැමැත්තක් දැක්වුයේ නැතත් දිගින් දිගටම කරන පෙම්වතාගේ ඇවිටිලි කිරිම නොසලකා හැරීමට ද නොහැකි විය.


ඒ අනුව ඉරිදා දිනෙක මිතුරියකගේ නිවසේ දානමය පින්කමක් සඳහා යන බවට මවට බොරුවක් පවසා ඉතා  අමාරුවෙන් අවසර ලබා ගත්තේ " හැබැයි දුවේ බොරු කියලා අහුවුනොත් අඬු දෙක කඩනවා'' යනුවෙන් වූ මවගේ තර්ජනා මධ්‍යයේය. කෙසේ හෝ පෙර කතිකා කර ගත් පරිදි නගරයේ දී දෙදෙනා හමු වී නගරයට මදක් ඇතින් වූ ලැගුම් හලක් වෙත ගියේ කාටත් රහසේය. එම සොඳුරු නවාතැන්පොළේ පැය කිහිපයක් ගෙන කළ පෙම් යුවළ දිවා ආහාරය ද ගෙන නිවෙස්වලට යාම සඳහා එහි තරප්පු පෙළ බසිමින් සිටියහ.


එක්වරම දුටු දෙයින් ඇය තුෂ්ණිම්භුනට දිව ගියේය. ඇය පසුපසින් ගිය පෙම්වතා දුළු සලමින් සිටි ඇයගෙන් ඒ ගැන විමසු විට  ආවේ අපේ අම්මනේ යනුවෙන් පැවසූ විට පෙම්වතාට ද කරු විසිවිය.නොසිතූ ලෙස දුව දැකීමෙන් කලබලයට පත් වූ මට ද සිය අනියම්  පෙම්වතා සමග පසුපස නොබලාම දිව ගියාලු.