අවුරුද්දට ඉදෙවීම සඳහා කෙසෙල් කැනක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වූ පුද්ගලයෙකුට කෙසෙල් කැනක් වෙනුවට කෙසෙල් ගෝනියක්ම ලැබීමේ පුවතක් කොළඹට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබේ. මාතර ප්‍රදේශයේ පවුලක් විසින් කොළඹට ආසන්න ප්‍රදේශයක ඉඳි කරන ලද නිවසෙහි අවුරුද්දට පෙර පදිංචිවීම සඳහා සියලු කටයුතු සුදානම් කෙරිණි.
තමන් ඉදිකළ නිවසටෙ යාබද නිවෙසෙහි උදවිය තමන්ට විශාල වශයෙන් උදව් උපකාර කළා සේම තමන්ගේ හොඳම මිතුරන් බවටද පත්ව ඇති බැවින් තමන් පැමිණීමට පෙර දින ඒ බැව් ඔවුනට දැනුම් දීම සඳහා මාතර හිතවන දුරකථන ඇමතුමක් ගත්තේය.
" අංකල් අපි හෙට බඩුත් පටොගෙන එනෝ " ඔහු පැවසුවේය. ආරංචියට ඉමහත් සතුට පළකළ කොළඹ හිතවතා, පුතාලා එනකොට හොඳවයින් කෙසෙල් මලකුත් අරගෙන එන්න. යැයි පැවසීය. මාතර හිතවතා එම ඉල්ලීම සතුටින් පිළිගත්තේය. මේ ප්‍රදේශවල අය කෙසෙල්මල් යනුවෙන් හඳුන්වන්නේ කෙසෙල් කැන් බැව් නොදත් මාතර හිතවතා කෙසෙල්මල් යනු කෙසෙල් මෝ යැයි සිතා තම ප්‍රදේශයෙන් පහසුවෙන් සපයාගත හැකි කෙසෙල් මෝ හන අටක්ම කඩා පෝර උරයක දමා පසුදා එනවිට ලොරියේ පටවාගෙන ආවේය. සිදු වී ඇති පටලැවිල්ල ගැන දෙපිරිසටම හිනා ගියේ බෑගය ලිහා බැලු විටය. "ඔහේල කෙසෙල් මල කිව්වට අපිනම් කියන්නේ කෙසෙල් කැන කියලයි. මම නම් හිතන්නෙ ඒක තමයි නිවැරදි " මාතර හිතවතා කිවාලු.
Comments
Post a Comment