අඩු ආදායම් දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරන පොලිස් සැරයන්
අම්බලන්ගොඩ හා ඒ අවට නගරවල අඩු ආදායම් ලබන පවුල්වල පාසල් දරුවන්ට නොමිළයේ පොත්, පාවහන්, පාසල් පොත් බෑග් ඇතුළු පාසල් උපකරණ ද කිලෝමීටර් ගණන් පාගමනින් පාසලට යන දුවා දරුවන්ට පාසලට යාමට පාපැදි, ශ්‍රවණාබාධිත දරුවන්ට ශ්‍රවණාබාධ දුරුකරන උපකරණ ප්රදානය කිරීමට අම්බලන්ගොඩ කෙරමිණියේ පදිංචි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරු ඒකකයේ සේවය කරන පොලිස් සැරයන් සුනිල් චන්ද්රසීරි මහතා පියවර ගෙන තිබේ.
එමෙන්ම අඩු ආදායම් පවුල්වල අයට ස්වයං රැකියා කරගෙන යාමට පාපැදි, ශ්‍රවණාබාධිත අයට ශ්‍රවණාබාධ දුරුකරන උපකරණ, පෙනීම දුර්වල අයට ඇස් කණ්ණාඩි වැනි දෑ ද මීට සමගාමීව ඒ කතා විසින් බෙදනු ලබයි.
ඒ මහතා සමස් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් ඇතුළු අනෙකුත් අයට කරනු ලබන සත්කාරය වෙනුවෙන් වැයකරනු ලබන මුදල රුපියල් ලක්ෂ පනහකට වැඩිය. සුනිල් චන්ද්‍රසිරී මහතා මේ සක්‍රියාව කරනුයේ වසර දහනවයක් තිස්සේ සිටය. නම් සඳහා ඔහුට අවශ්‍ය පිරිවැය සපයනු ලබන්නේ ජර්මනියේ ප්‍රකට සමාජ සේවිකාවක වන ඊ.එල්.කේ.ඊ. පිලීබහර් මහත්මියයි. මේ සුදු කාන්තාවගෙන් ලැබෙන මුදල් පරිත්‍යාගය තම සාක්කුවේ නොදමාගෙන බොහෝ විනිවිදතාවයෙන් යුතුව පොලිස් සැරයන් සුනිල් චන්ද්‍ර සිරි මහතා මේ සත්ක්‍රියාව සදහා යොදවනුයේ කාගේත් ආශිර්වාද මැද්දේය.
මේ ආකාරයට ඔහු මේ වනවිට වසර දහනවයක් තිස්සස් සිටම අම්බලන්ගොඩ හා ඒ අවට නගරවල අඩු අදායම්ලාභී ප්‍රජාව වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වටිනා සක්රියාවන් රැසක් සිදුකර තිබේ. තම සාක්කුව ගන නැතහොත් තමාගේ බඩ ගැන පමණක් සිතනා මිනිසුන් සිටිනා මෙවන් රටක පොලිස් සැරයන් සුනිල් චන්ද්‍රසිරි මහතා කරනු ලබන යම් සේවය ඇතන්ම අගය කළයුතු වටිනා සේවයකි.
Comments
Post a Comment