කොණ්ඩය සහ රැවුල වවාගෙන සිටි අනයෙකු හිටිහැටියේ කොණ්ඩය, රැවුල කැපීම් නිසා වීම් පුද්ගලයා හඳුනාගැනීමට නොහැකිව රියැදුරෙකුට සිදුවූ අකරතැබ්බයක පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය සැකවින් මෙසේය. මෙම පුද්ගලයා පෞද්ගලික බස්රථයක කොන්දොස්තරවරයෙකු ලෙස දිගුකලක පටන් රැකියාවේ නිර්තව සිටියි. මොහු කොණ්ඩය, රැවුල වවාගෙන සිටින නිසා සෑම පුද්ගලයෙකුම කොන්සදාස්තර කතා කොදහැටි හඳුනයි. එමෙන්ම මොහු කා අතරත් සුදශීලී අයෙකි.
වෙනසකටත් එක්ක කොණ්ඩය කා රැවුල කපලා දමින්න ඕනෑ යැයි කියමින් කාණ්ඩයත්, රැවුලත් කපා දැමුවේය. එදිනම රාත්‍රී මෙම පුද්ගලයා වැඩ අවසන් වී නිවස බලායාමට පාරට ආවේ බසයක් ගැනීමටය. ටික වේලාවක් පාරට වී සිටින විට බසයක් ආවේය. සුනිල් අයියා බසය නතර කිරීමට පාරට අතදැම්මත් බසය නතර නොකර ඉදිරියට ඇදුනේය. සුනිල් අයියාට හිතාගැනීමටවත් බැරි විය. වෙනදා තමන් අත නොදැම්මත් බසය නවත්වන යන අය අද බසය නතර නොකර යන්නට ගියේ මන්දැයි කල්පනා කරන්නට විය.
ඉදිරියට ඇදුන බසයේ හිටි පුද්ගලයකු " අයියේ අර බස්වල වැඩකරන සුනිල් අයියා නේද බස් එකට අත දැම්මේ" ඇයි නතර කළේ නැත්තේ යැයි රියැදුරායගන් ඇසීය. මල්ලි මට අදුරාගන්න බැරි වුණා. අපි එක දාගෙන යමු යැයි කියමින් බසය පිටුපසට ගත්තේය. පසුව " සුනිල් අයියේ අනේ ඔයා කොණ්ඩ, රැවුල කපලා නිසා අදුරාගන්න බැරිවුණා” සමාවෙන්න නගින්න කියා ළඟින් බස්සවන්නම් යැයි කියමින් සුනිල් අයියා බස් එකට නංවාගෙන ගොසින් ළඟින් බැස්සුවාලු.
Comments
Post a Comment