බොහෝ අවස්ථාවල මිනිස්කම්වලින් පිරුණ ගුණගරුක මිනිසුන් තවත් කෙනෙකුට යම් කරදරයක් වු විට පිහිට වීමට ඉදිරිපත් වන්නේ පරිත්‍යාගශීලී ලෙසිනි. ඉකුත් දිනක උදෑසන කොළඹ කටුනායක අධිවේගී මාර්ගයද ආපදාවට ලක්වූ වෑන් රථයක සිටි පිරිසකට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මයකු පිළිසරණක් වු පුවතකි මේ.හලාවත මහා රෝහල් සේවය කරන සකද නිලධාරීනියන් පිරිසක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලවේ පැවැති උත්සවයකට සහභාගි වීමට හලාවත ප්‍රදේශයේ වන් රථයකින් ගොස් තිබුණි.
නියමිත වෙලාවට සම්මන්ත්‍රණ ශාලාටම ඇතුලු වීමට කල් වෙලා ඇතිව යායුතු බැවින් මේ පිරිස ගමන් කළ වත් රථය කටුනායක අධිවේගී මාර්ගයයෙන් ගමන් කළේ වාහන තදබදයට පිළියමක් ලෙසිනි. එහෙත් අනපේක්ෂිත අන්දමින් වෑන් රථය හදිසි ආපදාවකට ලක්වී ක්‍රියා විරහිත විය. වෑන් රථයේ රැ පුරා එය යළි පණගන්වීමට කොතෙක් උත්සාහ කළත් එහි නිෂ්පල ක්‍රියාවක් විය. අවසානයේ එකේ ගිය නිලධාරීනියන් පිරිසක් වෑන් රථයෙන් බිමට බැස අධිවේගී මාර්ගය අයින කර වේලාවක් බලාගෙන සිටියහ. මාර්ගයේ ගමන් කළ කිසිම වාහනයක් ඔවුන් රැයගන යාමට නැවැත්වුයේ නැත.
මෙලෙස සිටියදී පෞද්ගලික වෑන් රථයක් මේ පිරිස රැඳී සිටී ස්ථානය අසල නතර විය. එහි සිටි රියැදුරාට තමන්ට සිදු වු ආපදාව පිළිබඳ හෙදි නිළධානියයන් පිරිස අවබෝධ කර දුන්හ. මේ පිරිස පිළිබදව වන්නේ රථයේ රියදුරාට මහත් වූ කරුණාවක් පහළ විය. එනිසා වෑන් රථයේ කොළඹට යාමට ඉඩකඩ ලැබුණි. එම වෑන් රථය ඉතාමත් සුවපහසු එකක් වු අතර රියැදුරා වාහනයේ අයිතිකරුය. මොහු කොළඹ ප්‍රදේශයයේ වාහන අතර කොටස් අලෙවි කරන ප්‍රධාන පෙළේ වෙළඳසලක හිමිකරුවෙකි. හෙද නිළධාරීනියන් පිරිස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව දක්වාම රැගෙන යාමට ඔහු කාරුණික වුයේ එය මහත් යුතුකමක් කොට සළකමිනි. උත්සවය අවසන් වී හෙද නිලධාරිනියන් පිරිස ආපසු හලාවතට යාමට වෑන් රථය අලුත්වැඩියා කරගෙන තිබුණි.මෙවැනි යුතුකම් ඉටු කරන මිනිසුන් සමාජයේ අපිට දැකගත හැකි වන්නේ කළාතුරකිනි.
Comments
Post a Comment