දකුණු පළාතේ රාජ්ය නිලධාරිනියන් වැඩි පිරිසක් සහභාගිවී ඉදිරි සංවර්ධනය පිළිබඳව පැවති රැස්වීමකදී ප්රදේශයේ ප්රකට කවියකු පිළිගැනීමේ කතාව කරද්දි සුරගනන් යනුවෙන් ඇමතීමට ගොස් වෙසඟනන් යන අරුත දෙන වචනයක් වැරදි කියැවීම නිසා නිලධාරිනියන් මහත් අපහසුතාවට පත් වූ සිද්ධියක් රුකඩ වලට ප්රකට දකුණේ නගරයකින් දැන ගන්නට ලැබී තිබේ. එම නගරයෙන් මුහුදට ගලා බසින ගංගාවක් ඇසුරු කරගෙන ගං ඉවුරේ ගොඩපැත්තේ හේනක් සහිත ගම්මානයක් සංස්කෘතික කෘෂිකාර්මික පාරමිපරික කර්මාන්ත ආදී අංග රැසකින් සංවර්ධනය කොට විශේෂිත ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීමට විහාරස්ථානයක පැවැත්විණි.
ප්රදේශයේ සිටින පළපුරුදු ප්රකට ඇමැතිවරයකුගේ ප්රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට දකුණු පළාතේ විවිධ අමාත්යාංග වල මුහළ රාජ්ය නිලධාරින් නිලධාරිණියන් විශාල පිරිසක් සහභාගි වූහ. මෙම උත්සවයේ පිළිගැනීමේ කතාව පැවරී තිබුණේ ප්රදේශයේ ප්රකට කවියකුටය. ඔහු වැඩිහිටි අවුරුදු උත්සවයකදී අවුරුදු කුමාරයා ලෙසට තේරී පත් වූ අයෙකි. මහත් උජාරුවෙන් කවියන් සභාව අමතා පිළිගැනීමේ කතාව කිරිමට ආරම්භ කළේය. ඇමැතිවරයා ප්රධාන අමුත්තා වශයෙන් පිළිගන්නා බව කී කවියාට පැමිණ සිටි නිලධාරිනියන් සුරගනන් යැයි කියමින් මහත් ඉහළින් පිළිගැනීමට අවශ්ය විය.
කවියෙන්ම ඒ බව කියාගෙන යද්දි සුරගනන් යන වචනයට වෙසඟනන් යන අරුත ගෙන දෙන වචනයක් වැරදි කවියාට කියවිණි. මේ වචනය කී සැණින් සියලු නිලධාරිණියන් කවියාට රවා ඔරවා බලමින් ඇයි අපි වල්කමේ යන ගැනුදැයි' කොඳුරන්නට වුහ. සිනහ වෙවි කවි රස විඳිමින් සිටි ඇමැතිවරයාට මෙම වචනයේ වැරැද්දේ බරපතළකම එකවර වටහා ගැනීමට නොහැකි විය. නිලධාරිනියන්ගේ කසු කුසුව කුමක්දැයි ඒ අසල සිටි මාධ්යවේදියකුගෙන් ඇමැතිවරයා විමසා සිටියේය. ඇමතිතුමා මෙයා සුරඟනන් ගැන කියන්න ගිහින් වෙන අඟනන් ගැන කිව්වේ. එය වෙසගනන් යන අරුත ගෙන දෙන්නක්. ඒකයි ඔය නිලධාරිනියන් පුපුරන්නේ.
Comments
Post a Comment