gossiplanka image 1
 

මාතලේ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බසයක ගමන් කළ මගියකුගේ ජංගම දුරකතනයට හා මුදල් පසුම්බියට විඳින්න හැදූ ගැට කපන්න කූට බඩ කට පිරෙන්නට සංග්‍රහ කළ සිද්ධියක් පසුගියදා අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.  මාතලේ ගලේවෙල   සිට කොළඹ රැකියාවක්  සොයාගෙන ආ කරුණයකු බසයේ පසුපස අසුනේ හිඳ  ගෙන සිටි අතර කිරිබත්ගොඩින් බසයට ගොඩ වූ ගැට කපන්නන්  තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සුක්ෂම  පසුපස ආසනයේ සිට කොළඹ ආ තරුණයාගේ බෑගය ඇර එහි තිබු ජංගම දුරකතනයක් මුදල් පසුම්බියන් සොරාගෙන තිබේ.


ඉන් අනතුරුව සොර කණ්ඩායමේ දෙදෙනකු කැළණිය පට්ටිය හන්දිය නැවතුම්පොළින්  පැන දිව ගොස් ඇත. එහෙත් එක් අයකුට පැන යාමට නොහැකි වුයේ වහා   ක්‍රියාත්මක වූ මැදි වියේ පුද්ගලයකු ගැටපන්නා ලුහු බැඳ අල්ලාගත් බැවිනි.ගැට කපන්නා අල්ලාගත් පුද්ගලයා ඔහුට හොඳ හැටි පහර දුන්නේය.


" අනුන්ගේ පර්ස් හොරකම් කරන්න නේද? කෝ අනික් දෙන්නා 

"මම ගත්තේ නැහැ මට ගහන්න එපා. පොලිසියට බාර දෙනවා

'' ගහන්න එපා. මම දැක්කා බෑග්  ඇරලා පරස් එක ගන්නවා බසයේ සිටි අයෙක් කීය. ඒ වන විටත් ගැට කපන්නා හොඳ හැටි  මත්ද්‍රව්‍ය පානය කර තිබුණි. ඔහුට කොතෙක් පහර දුන්නද ගානක්වත් නැත. මේ තුන්දෙනා කිරිබත්ගොඩින් නැග්ගේ.  මම බලාගෙන හිටියේ. මීට කලිනුත් මේ බසයේ නැගලා කියෙනවා. මේ  තුන්දෙනා ගැන මම හොඳට දන්නවා " බසයේ කොන්දොස්තර එසේ පැවැසීය.


හොඳ හැටි සංග්‍රහ බුක්ති විඳි ගැට කපන්නා බසයේ  නංවා පෑලියගොඩ පොලිසිය වෙත  රැගෙන ආවේ. දුව ගොස් අල්ලාගත් අර පුද්ගලයා ගැට කපන්නා පොලිසියට රැගෙන ආවේය. බලන විට ඔහු පෑලියගොඩ පොලිසියේ ඉහළ නිලධාරියෙකි. ඉන්පසුව රැකියාවක් සොයා ආ තරුණයාට මද ටේලාවක් ඉන්නට පැවැසු ඔහු " දැන් බසයේ ආ මහත්වරු නැවත යන්න. " ගැට කපන්නා දෙස බලමින් කියා සිටියේ "මම ඉන්නවානේ මෙයාගෙන් අනෙක් දෙන්නා ගැන මම අහගන්නම් '' යනුවෙනි.