gossiplanka image 1
 


සබරගමුව පළානේ පොලිස් ස්ථානයකි. ළමා හා කාන්තා කාර්යාංශය වෙනට ආ ආරවුලක් විසඳීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා යොමු කෙරිණි. ගැබිනි තරුණයක්. මැදිවියේ කාන්තාවක් හා යුරෝපීය ඇඳුමැති තරුණයෙක් ස්ථානාධිපතිවරයා ඉදිරියේ සිට ගත්හ. මැදිවියේ කාන්තාව කටකාරියකි. රතු පැහැගත් කට පුරා වුයේ බුලත් හපයකි. "සර් ඇය කටහඬ අවදි කළාය.


මේ වගේ මද්දුම දූ මේ ළමයා දකුණු පළාතෙ ඉඳලා මෙහේ ආවේ මැණික් ගරන්නලු. ගරපු මැණිකක් නෑ- මේ කෙල්ලට වහ වැටිල අපේ ගෙදර පැලපදියම් වෙලා ඉඳල වැඩේ වැරදුනාම මග ඇරල යන්න හදනවා " ඇය කියත්ම තරුණය කඳුළු සලන්නට වුවාය. මම නෑ කියන්නේ නෑ. ඒත් මාත් පවුල්කාරයෙක්. වරදට වන්දියක් ගෙවන්නම් " ඔහු කීවේ වට පිටාවේ සිටියවුන් මවිතයට පත් කරමිනි. එහෙම නම් ඒක උසාවියෙන් බේර ගන්න කී ස්ථානාධිපතිවරයා අවශ්‍ය කටයුතු කළ විට " අපුරු මැණික් ගැරිල්ලක් " කවුදෝ කීවෙන් ස්ථානාධිපතිවරයාටත් හිනා ගියාලු.