
පිළිකාවක් වර්ධනය වන්නේ කොහොම ද?
අපේ මුළු ශරීරයම සැදී තිබෙන්නේ පියවි ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා ප්‍රමාණයේ සෛල අති විශාල ප්‍රමාණයක එකතුවෙනි. ගඩොල් එකින් එක එකතු වී විශාල ගොඩනැගිල්ලක් සෑදී ඇති ආකාරයෙන් මෙය සිදු වෙයි. එක තැනක ඇති එක සෙලයක් ඉන් පසු සෛල දෙකකට බෙදේ. නැවත එය බෙදී සෛල හතරක් බවට පත්වෙයි. මේ ආකාරයට බෙදී බෙදී දිගින් දිගටම වර්ධනය වනු ඇත. පිහියකට ඔබේ අත කැපී සම් කැබැල්ලක් ඉවත් වී ගියේ යැයි සිතන්න. ඉන් පසු ඉක්මනින් එතැන ඇති සෛල වර්ධනය වී ටික දිනක් යන විට කලින් පැවැති ආකාරයටම පත්වනු ඇත. එවිට එම සෛල වර්ධනය නතර වේ. නමුත්, සිරුරේ කොතැනක හෝ හෙමින් හෙමින් නොනැවැතී සෛල වර්ධනය වන්නේ නම් එය පිළිකාවකි. පිළිකාව ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවිය හැකිය. අපේ රුධිරයේ එක් සෛල වර්ගයක් වන්නේ සුදු රුධිරානුය. මේවා සුදු සෛල ලෙසින් ද හඳුන්වයි. මේ සුදු සෙලවලත් පිළිකා සෑදෙයි. එවිට සිදුවන්නේ සුදු සෛල අසාමාන්‍ය අන්දමට වර්ධනය වීමය. එවිට සුදු සෛල විශාල ප්‍රමාණයක් රුධිරයේ ඇතිවනු ඇත. ලියුකීමියාව යනු මෙම පිළිකා විශේෂයයිෛඅපේ ශරීරයේ රුධිරය සෑදෙන්නේ ඇටමිදුලුවලය. එනම් ඇටකටු ඇතුළතය. මේ අනුව යම් රෝගියකුගේ ලියුකීමියා බවට සැක කළ හැකි ලක්ෂණ ඇති වූ කල ඇටමිදුලු පරික්ෂණයක් කිරීම තුළින් ඇටමිදුලුවල රුධිරය සෑදෙන ස්ථානවල පිළිකා සෛල නිශ්චිතවම තිබේදැයි දැනගත හැකිය. ලියුකීමියාවල වර්ග කිහිපයක් තිබේ. මෙම ඇටමිදුලු පරීක්ෂවෙන් ලියුකීමියා වර්ගය කුමක් දැයි හරි හැටි හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.අපේ ශරිරයේ වසා ගැටිති නම් කොටසක් ඇති බව ඔබ අසා ඇතැයි සිතමු. වසා ගැටිති ගැන නොදන්නා කෙනකු වුණත් කුද්දටි ගැන නොදැන ඉන්න විදියක් නැත. කුද්දටි යනු වසා ගැටිති ඉදිමීමයි. ශරිරයේ කිහිලි, ඉකිළි වැනි ප්‍රධාන සෑම සන්ධියකම මෙම වසා ගැටිති පිහිටා තිබේ.
සමහර සුදු සෛල එනම් වසා සෛල වසා ගැටිතිවල ද නිෂ්පාදනය වේ. ඒ අනුව වසා ගැටිතිවල ද එක් ලියුකීමියා වර්ගයක් හට ගන්නා අතර, ප්‍රධාන වශයෙන් වසා ගැටිතිවල හට ගන්නේ ලිම්ෆෝමා නම් පිළිකා විශේෂයයි. වසා ගැටිතිවල මේ ආකාරයට පිළිකා හටගත් විට ද ඒවා ඉදිමී කුද්දටි ඇති වේ. සාමාන්‍යයෙන් කුද්දටි ඇති වූ විට ලොකු වේදනාවක් දැනෙයි. නමුත්, වසා ගැටිතිවල පිළිකා හට ගත් කල ඇති වන්නේ වේදනාවක් නැති කුද්දටිය. කුද්දටිවල සෛල පරික්ෂා කර බැලීමෙන් මේ රෝගය හඳුනා ගත හැකි අතර, එසේ නොහැකි වුණොත් කුද්දටියකින් කුඩා කොටසක් ගෙන පටක පරික්ෂණයක් කරන්නට සිදු වෙයි. ලියුකීමියා යනු රුධිරයේ අඩංගු සුදු සෛල නොනවත්වා වැඩිපුර වර්ධනය වීම බව ඉහත කීවෙමු. මෙසේ රුධිරයේ අඩංගු එක් සෛල වර්ගයක් නොනවත්වා වැඩියෙන් වර්ධනය වන විට රුධිරයේ අනිකුත් සෛලවල වර්ධනය ඊට සාපේක්ෂව අඩු වනු ඇත. මෙසේ වර්ධනය අඩු වන්නේ රතු සෛල සහ පට්ටිකායි.
රතු සෛල අඩු වී සුදු සෛල වැඩිවීම නිසා සාමාන්‍ය ජනයා ලියුකීමියාව ලේ වතුර කරවන රෝගය ලෙසින් හඳුන්වන්නට පෙලඹී සිටිති.කෙසේ හෝ රතු සෛල අඩුවන විට හිමොග්ලොබින් අඩු වේ. හිමොග්ලොබින් අඩුවන විට හුස්ම ගැනීමේ අපහසුව, වැඩ කරන විට ඉක්මනින් විඩාවට පත්වීම, එපමණක් නොව, සුළු දේකිනුත් විඩාව දැනීම, වාඩි වී සිට නැගිටීමට යාමේ දී ඇස්වල අන්ධකාරයක් දැනී වැටෙන්නට යාම, ඉක්මනින් ඇවිදීමේ අපහසුව, හතිය, අල්ලේ රෝස පැහැය නැතිවී සුදු පැහැයක් ගැනීම වැනි ලක්ෂණ ඇති වේ. පට්ටිකා අඩුවීමේ දී ඇතිවන ලක්ෂණ නම් ශරීරයේ තැනින් තැන රතුපාට තිත් වැනි කුඩා රුධිරයේ සුදු සෛල වැඩියෙන් හැදුණත් ඒවා පිළිකා සෛල නිසා සුදු සෛලවලින් කෙරෙන සාමාන්‍ය රාජකාරිය කරන්නට මේ සෛලවලට අපහසු වේ. සුදු සෛල මගින් කෙරෙන්නේ ශරීරයට ඇතුළුවන විෂබීජවලට පහර දී අපට රෝග වැලදීම වළකාලීමය.
නමුත්, මේ තත්වය මත සුදු සෛලවලට ඒ කාර්ය ඉටු කිරිමට නොහැකි වන නිසා නොයෙකුත් විෂබීජ රෝගියාව ආක්‍රමණය කරනු ඇත. මේ නිසා නියුමෝනියාව, විවිධ වෛරස් රෝග ඇතුළු නොයෙකුත් රෝග හට ගැනීම සිදුවිය හැකිය. ස්වභාවික ප්‍රතිශක්තිය නැති නිසා සාමාන්‍ය ප්‍රතිජීවක මගින් රෝගය සුව කිරීම ද අපහසු වෙයි. නිදන්ගත ලියුකීමියා සහ එකවරම වැලඳෙන ලියුකීමියා නමින් වේගය අනුව ප්‍රධාන වශයෙන් ලියුකීමියා වර්ග දෙකකට බෙදේ. මෙම කොටස් දෙක ලියුකීමියා සෑදෙන සෛල වර්ග අනුව වසා සෛල සහ ඇටමිදුලු සෛල ලෙස තවත් කොටස් දෙකකට බෙදෙනු ඇත. දැන් සියල්ල කොටස් හතරකි. ලියුකීමියා වර්ග 4ක් වන්නේ එලෙසිනි. වසා සෛලවලින් එක්වරම හැදෙන ලියුකීමියා අවුරුදු 10ට අඩු දරුවන්ට බහුලව වැලඳෙන ලියුකීමියා විශේෂයකි. වසා සෛලවල නිදන්ගත ලියුකීමියා අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ අයට බොහෝ විට වැලඳෙයි. ඇටමිදුලුවල එක්වරම හැදෙන ලියුකීමියා තරුණ වයසේ අයට වැලඳෙන්නකි. ඇටමිදුලුවල නිදන්ගත ලියුකීමියා මැදිවියේ අයට වැළඳෙයි. මෙයින් තරුණ වයසේ අයට වැළඳෙන ලියුකීමියා විශේෂය සුව කිරීම ඉතා අසීරු අතර අනෙක් ලියුකීමියා වර්ග තුන බොහෝ විට සුව කළ හැකිය. මේ එක්වරම හැදෙන ලියුකීමියාවල දී දැකිය හැකි විශේෂ ලක්ෂණ වන්නේ හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය, ඇඟ සුදුමැලිවීම, ශරීරයේ ඇට විශේෂයෙන්ම බෙල්ලෙන් පහළ පපුවේ ඇටයෙහි තද වේදනාවක් දැනීම ආදියයි. එවිට ලේ පරික්ෂවක් කිරිල්ලෙන් මේ රෝගය හඳුනාගත හැකි අතර, ඇටමිදුලු පරික්ෂවක් කළොත් තව දුරටත් තහවුරු කර ගැනීමට පුළුවන ලියුකීමියාවලට ඖෂධ හා ඉන්ජෙක්ෂන් ප්‍රතිකාර, විකිරණ ප්‍රතිකාර සිදු කෙරෙන අතර, අවසන් ප්‍රතිකාරය වන්නේ ඇටමිදුලු බද්ධ කිරීමය.
Comments
Post a Comment