
හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ ආරම්භකත්වයෙන් ශතවර්ෂයකටත් අධික කාලයක සිට ලංකාවේ ධර්ම ශාස්ත්‍රය, භාෂා සාහිත්‍ය පෝෂණයට උරදුන් ආගමික කේන්ද්‍රස්ථානයක් වූ හුණු පිටිය ගංගාරාමය දෙවුන්දර ශ්‍රී ජිනරතන නාහිමි, මහගොඩ ශ්‍රී ඤනිස්සර නාහිමි, මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමි, දෙවුන්දර සිරි වාචිස්සර නාහිමි, දෙවුන්දර සිරි රතනජෝති හිමි, ගලබොඩ සිරි ඥානාන්තර නාහිමි යන මහා යතිවරයාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා කැපවීමෙන් අද වන විට ගංඟාරාම විහාරය දෙස් විදෙස් සුපතල වෙහෙර බිමක් බවට පරිවර්තනය වී ඇත. මෙම විහාරය තවත් සුවිශේෂි වන්නේ එහි පැවැත්වෙන නවම් මහ පෙරහරත් සමග ය. " මේ වන විට ගංගාරාම නවම් පෙරහැර පැවැත්වෙන්නේ 33 වන වරටය. අංග 160කින් සමන්විත කොළඹ නවම් පෙරහරේ අංග130කට ආසන්න සංඛ්‍යාවක් සුවිශේෂි කොට සලකයි.
කොළඹ නවම් පෙරහර ආරම්භයට පෙර සත් දිනක් මුළුලේ මල් පෙරහැර එනම් තෙල් මල් ආදිය රැගෙන ධාතු කරඬවු ද වඩවමින් පවත්වන පෙරහර පවත්වයි. පෙරහර ආරම්භයට පෙර උදෑසන සැරසූ රථයක ගමන් කරන යතිවරයාණන් වහන්සේලා වැලි සමග මිශ්‍ර කළ කාසිත්, පිරිත් වතුරත් මුළු පෙරහැර මාර්ගයම ආවරණය වන සේ ඉසිනු ලබයි.අතීතයේ දී කොළඹ නවම් පෙරහරේ නැටුම් සඳහා සහභාගී වූයේ පුරුෂ පක්ෂය පමණි. පසුකාලීනව එම සම්ප්‍රදාය වෙනස් වී ගිය අතර පසුගිය වසරේ දෙමළ, මුස්ලිම් ආදී ජන කොටස් ද නියෝජනය කරමින් නරතන කණ්ඩායම් මෙම පෙරහරට සහභාගී වුහ. එමෙන්ම පෙරහැර ආරම්භයට පෙර සීමා මාලකයේ වැඩ හිඳුවා ඇති ධාතුන් වහන්සේ සහිත කරඬුව බෝධීන් වහන්සේගේ ළගට වඩම්මවනු ලැබේ. එහි සිටින සියලු පිරිස පංචශීලයෙහි සමාදන් කර ප්‍රධාන ආරාධිතයාට පිළිගැනීමේ කතාවක් ද ලබා දේ. ධාතුන් වහන්සේ තැන්පත් කළ කරඬුව ඇතු පිට තැන්පත් කරන්නේ ද ප්‍රධාන ආරාධිතයා විසිනි. පෙරහරේ ආරම්භක වෙඩිල්ල පත්තු කරන්නේ මෙම ධාතු කරඬුව ඇතු පිට තැන්පත් කිරීමත් සමග ය. මෙම පෙරහැරේ මුලින්ම ගමන් කරන්නේ පොලිස් පෙර ගමන් රථයක් වීම විශේෂත්වයකි. කස කරුවන්, ප්‍රාර්ථනා රථය, බෞද්ධ කොඩි, ජාතික කොඩි, පළාත් කොඩි, විලක්කු මින් පසුව ගමන් කරයි. කොළඹ නවම් පෙරහර යන නාම පුවරුව රැගත් පිරිසක් ගමන් කරන්නේ ඉන් අනතුරුව ය. පසුව හේවිසි කණ්ඩායමත්, බෞද්ධ කොඩි රැගත් කණ්ඩායමත් නැවත හේවිසි රැගත් කණ්ඩායමත් ආදී වශයෙන් පිළිවෙළින් ගමන් කරයි. පෙරහරේ පණිවිඩය රැගත් පෙරමුණේ රාළ පුස්කොළ පොතක් රැගෙන ගමන් කරයි. අලින්ට නායකයා වූ ගජනායක නිලමේ ඉන් අනතුරුව ඇත. පිට නැග ගමන් යෙදේ.
Comments
Post a Comment