
උඩරට විවාහ ලියාපදිංචි කිරීමේ පනතේ 5 වැනි වගන්තියෙහි තහනම් ඥාති සබඳතා පිළිබඳ සම්පූර්ණ විස්තර ඇතුළත් කර ඇත. ඒ අනුව පහත දැක්වෙන ඥාති සබඳතා ඇති අය අතර විවාහය සම්පුර්ණයෙන්ම නීති විරෝධී වෙයි.
• තමන්ගෙන් පැවැත එන්නන් සමග විවාහය
( 5(ඒ) පිරිමියකු නම්
• තම පූර්ණ හෝ අර්ධ සහෝදරියන් සමග විවාහය
•තම පූර්ණ හෝ අර්ධ සහෝදර සහෝදරියන්ගෙන් පැවැත එන්නකු සමඟ විවාහය
•බිරිඳට වෙන විවාහයකින් ලැබුණු දරුවකු සමග විවාහය
•පුතාගේ වැන්දඹු බිරිඳ සමග විවාහය
•මුනුබුරාගේ වැන්දඹු බිරිඳ සමග විවාහය
•පියාගේ වැන්දඹු බිරිඳ සමග විවාහය
•මුත්තාගේ වැන්දඹු බිරිඳ සමග විවාහය (5(බී) වගන්තිය)
තවද තමන් කාන්තාවක වී නම්
•පූර්ණ හෝ අර්ධ සහෝදරයන් සමඟ විවාහය
•පූර්ණ සහෝදරයකුගේ පුතකු සමඟ විවාහය
•පූර්ණ සහෝදරයකුගෙන් පැවැත එන්නකු සමඟ විවාහය
•තම ස්වාමිපුරුෂයා වෙන විවාහයකින් ලද පුතකු සමග විවාහය (5(සී) වගන්තිය)
තවද 6 වැනි වගන්තිය අනුව වලංගු විවාහයක් කලින් කර ගත් අයකුට නැවත මෙම පනත අනුව විවාහ විය හැක්කේ මුල් විවාහයේ කලත්‍රයාගේ මරණින් පසු හෝ මුල් විවාහය නීත්‍යනුකූලව අවලංගු කළ පසුව පමණකි. උඩරට විවාහ පනතේ 7 වැනි වගන්තිය අනුව විවාහයට පෙර පාර්ශ්වකරුවන් අතර ඇති වූ සම්බන්ධතාවකින් දරු උපත් හටගත්තොත් ඒ දෙපාර්ශ්වය විවාහ වීමත් සමග එම දරු උපත් වලට නීත්‍යනුකූල භාවය ලැබෙයි. මෙම නීතිය අතීතයට බලපාන එකකි.
දීග විවාහ සහ බින්න විවාහ
උඩරට විවාහ ලියාපදිංචි කිරීමේ පනතේ 23(ආ)(11) වගන්තිය අනුව විවාහ සහතිකයේ අදාළ විවාහය බින්න විවාහයක්ද නැතහොත් දීග විවාහයක්ද යන්න සඳහන් කළ යුතුය. බින්න විවාහ ක්‍රමය උඩරැටියන්ටම සුවිශේෂී එකකි. බින්න විවාහයේදී ස්වාමිපුරුෂයා වෛවාහක නිවෙස ලෙස භාර්යාවගේ නිවෙස තෝරා ගත යුතුය. කෙසේ වෙතත් පහතරැටියන් අතර වඩා ජනප්‍රිය දීග විවාහ ක්‍රමයේදී වෛවාහක නිවෙස ලෙස තෝරා ගනුයේ ස්වාමිපුරුෂයාගේ නිවෙසයි.
උඩරට නීතිය අනුව දික්කසාදය
පහතරැටියන්ට ප්‍රධාන වශයෙන් බලපවත්නා සාමාන්‍ය විවාහ නීතියේදී පැමිණිලිකාර පාර්ශ්වය විසින් අනෙක් පාර්ශ්වයේ වෛවාහක වරදක් ඔප්පු කළ යුතු වෙයි. මේ හේතුව නිසා විවාහයට එළැඹි දෙපාර්ශ්වය සාමදානයෙන් සහ සංයමයෙන් විවාහය අවසන් කිරීමේ අයිතිය ව්‍යවස්ථාදායකය විසින් ඔවුන්ගෙන් උදුරා ගෙන ඇතැයි කිව හැකිය. නූතනයේ මෙකී රෝම - ලන්දේසි නීති ක්‍රම අනුගමනය කරන්නේ දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව ඇතුළු ඉතාම සුළුතර රටවල් කිහිපයක පමණි. දකුණු අප්‍රිකාවේද රෝම - ලන්දේසි නීති ඉවත් කරමින් ව්‍යවස්ථාදායකය ඉදිරි ගමනක් යන හැටියක් පෙනෙන්නට ඇත. නූතනයේ දියුණු යැයි සම්මත නීති පද්ධති තුළ දික්කසාදයට බලපෑ හැකි වැදගත් හේතුන් ලෙස,
දික්කසාද වීම සඳහා අන්‍යෝන්‍ය කැමැත්ත විවාහයේ බිඳ වැටීම යන කරුණු ඉස්මතු වෙමින් පවතියි
උඩරට විවාහ ලියාපදිංචි කිරීමේ පනත සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරිමේ පනතට පසුව පනවන ලද්දකි. ඒ නිසා ව්‍යවස්ථාදායකය සෑහෙන ප්‍රගතිශීලී පියවර ගෙන ඇති බවමුල් බැල්මටම දක්නට හැකිය. උඩරට විවාහ ලියාපදිංචි කිරීමේ පනතේ 32 වැනි වගන්තිය අනුව පහත සඳහන් හේතු මත දික්කසාදයක් ලබා දිය හැකිය.
32(අ) විවාහයෙන් පසු බිරිඳගේ අනාචාරය
32(ආ)ව්‍යාභිචාරය හෝ කෘරත්වය සහිතව පුරුෂයා අනාචාරයේ හැසිරීම
32(ඇ) බිරිඳ සිය ස්වාමියා එක දිගට වසර දෙකක් අත්හැර දමා සිටීම
32(ඈ) ස්වාමියා සිය බිරිඳ එක දිගට වසර දෙකක් අත්හැර දමා සිටීම
32(ඉ) සතුටෙන් පවුල් ජීවිතය ගෙන යෑමට නොහැකිකම, වසරක කාලයක් වාසයෙන් හා සංවාසයෙන් වෙන්වීම මත ඔප්පු කළ හැකි ක්‍රියාවකි.
32(ඊ) අන්‍යෝන්‍ය කැමැත්ත
උඩරට විවාහයක් දික්කසාද කිරීමේදී පහතරට විවාහයක් දික්කසාද කිරීමේදී හටගන්නා අමිහිරි සහ අප්‍රසන්න අත්දැකීම්වලට පාර්ශ්වකරුවන් මුහුණ දීම අඩුය. පිරිමියකුට නම් පනතේ 32 වැනි වගන්තියේ අ, ඇ, ඉ යන උපවගන්තීන්ට යටත්ව දික්කසාදයක් ඉල්ලා සිටිය හැකිය. ගැහැනියකට නම් පනතේ 32 වගන්තියේ සෙසු විධිවිධාන මත දික්කසාදයක් ඉල්ලා සිටිය හැකිය. මෙහිදී දික්කසාදය ලබා දීමේ බලධාරියා වනුයේ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාය. ඉල්ලුම්කරු උඩරට ප්‍රදේශයක පදිංචිව සිටින්නේ නම් තම පදිංචියට අදාළ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතද ඉල්ලුම්කරු පහතරට පෙදෙසක දැන් ආදි නිව සිටින්නේ නම් විවාහය ලියාපදිංචියට අදාළ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වෙතද දික්කසාදයක් සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය (3 වැනි වගන්තිය). උඩරට දික්කසාදයක් සඳහා වන අයදුම්පත් 33(3) වගන්තියට අනුකූලව ඉදිරිපත් කළ යුතුය.
පාර්ශ්වකරුවන්ගේ නම් ලිපිනයන්ද
දීග විවාහයක්ද බින්න විවාහයක්ද යනවග
දික්කසාදයක් ඉල්ලා සිටින හේතුව ඉල්ලුම්පත්‍රයේ සඳහන් කළ යුතුය.
ඉල්ලුම්කරු ඉල්ලුම්පත්‍රයේ අත්සන් කළ යුතුය.
අන්‍යෝන්‍ය කැමැත්තෙන් දික්කසාදයක් ඉල්ලා සිටින්නේ නම් දෙදෙනාම ඉල්ලුම් පත්‍රයේ අත්සන් කළ යුතු වෙයි.
මෙයාකාර ඉල්ලුම්පතක් ලැබුණු විට දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා පනතේ 33(4) වගන්තිය ප්‍රකාරව පරික්ෂණයක් කැඳවිය යුතු අතර පාර්ශ්වකරුවන්ද සාක්‍ෂිකරුවන් වෙත්නම් ඔවුන්ද ඊට සහභාගි විය යුතුය. මෙම පරීක්‍ෂණයෙන් පසු ඉල්ලීම ඉවත දැමීමට හෝ දික්කසාදයක් ලබා දීමට දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාට බලය ඇත. දික්කසාදයක් ලබා දීමේදී දෙපාර්ශ්වයේ එකගතාව හෝ රෙජිස්ට්‍රාර්වරයාගේ අභිමතය මත දික්කසාද දීමනාවක් ගෙවීමට නියම කිරීමේ බලතල ඔහුට ඇත. දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ එම තීරණයට එකඟ නොවන්නේ නම් දිසා අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වෙයි (34 වැනි වගන්තිය). එබැවින් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ තීරණය ස්ථිර තීරණයක් වන්නේ අභියාචන ඉදිරිපත් කිරීමට ඉඩදී ඇති මාසයක කාලය ඉකුත් වන තෙක් අභියාචනය නොකළහොත් පමණි.
දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ එම තීරණයට එකඟ නොවන්නේ නම් දිසා අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි වෙයි (34 වැනි වගන්තිය). එබැවින් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ තීරණය ස්ථිර තීරණයක් වන්නේ අභියාචන ඉදිරිපත් කිරිමට ඉඩදී ඇති මාසයක කාලය ඉකුත් වන තෙක් අභියාචනය නොකළහොත් පමණි.
Comments
Post a Comment