
ඉස්ලාමීය දින දර්ශනයේ තුන්වැනි මාසයේ 12 දින (සුන්නි මුස්ලිම් වරු 12 දින ද ෂියා මුස්ලිම්වරු 17 දින ද මේ සඳහා යොදා ගනී) සමරන මුස්ලිම් බැතිමතුන්ගේ ආගම් කර්තෘවරයාණන් වන මහමත්තුමා, මොහම්මද් නබිතුමා හෙවත් ඊබ්‍රහම් නබිතුමාගේ ඉපදීමත් ස්වර්ගස්ථ වීමත් සමරනු ලබන මෙම උත්සවය විශේෂයෙන් පැවැත්වෙන්නේ ආසියාවේ ඉන්දියාව ඇතුළු රටවල ය. (නමුත් වර්තමානයේ ලොව පුරාම මේ උත්සවය සමරනු ලබයි.) එතුමාගේ කැපවීම, අපිරිමිත ගුණ සමුදාය, ධෛර්යය, වීර්යය, සත්‍යවාදී බව සහ පරිත්‍යාගය යන ගුණ මෙනෙහි කරමින් පුරා දින 12ක් ඥාති මිත්‍රාදීන් සමග එක්ව එම ගුණ ඇතුළත් පාඨ කියවීම මෙම උත්සවයට සම්බන්ධ වූ සුවිශේෂ චාරිත්‍රයයි. 'මොහම්මද් සල්ලල්ලාහු අලෛව සල්ලම්තුමා' හෙවත් "මහමත් තුමා උපත ලැබූයේ ක්‍රිස්තු වර්ෂ 571 මැයි මාසයේ 14 වන දින මක්කම නගරයේ දී ය. එතුමාගේ පියා අල්ලා' විය. මව 'ආමිනා' නම් වූවා ය.
මහමත් තුමාගේ උපතට පෙර පියා මිය ගිය අතර උපතින් වසර හයකට පසුව මව ද මිය ගියා ය. මහමත්තුමා ඇති දැඩි කර ගනු ලැබූයේ පියා වන අල්ලා සොයුරු අබුතාලිබ් සහ සීයා වන "මුතාලිබ්' විසිනි. අල් අමීන් යන නාමයෙන් හඳුන්වනු ලැබූ මෙතුමා තරුණ වියට පත් වුණු පසු හජ්රා' නම් ධනවත් කාන්තාවක සමග විවාහ විය. අල්ලාහ් දෙවියන් වෙනුවෙන් දැඩි භක්තියකින් කඳුකරයේ ගුහාවක වතාවත්වල නියුතු වූ මහමත්තුමාට ගේබ්‍රියෙල්" නම් දේවදූතයා අත අල්ලා විසින් එවූ දේව පණිවුඩය, එතුමා මහජනතාවට දේශනා කරන්නට පටන් ගත්තේ ය. ඒ සමග ම එතුමා නබි තත්ත්වයට පත්වි ය. ජනතාවට අලලාහ් ගේ ධර්මය ප්‍රකාශ කිරීම නිසා දූගී දුප්පත් ජනයා දහස් ගණනින් එතුමන් වටා එක් රොක් වන්නට විය. මෙය නොඉවසූ මක්කම සිටි වෙනත් ගෝත්‍රික පාලකයින් එතුමනට එරෙහිව කටයුතු කළ අතර ස්ථිර අධිෂ්ඨානයත් සරට බලධාරි අල්ලාහ් ගේ බලයත් නිසා නබිතුමාට ජය අත් විය.
නබිතුමාගේ ධර්මය නිසා ජනතාව රජුට ද්‍රෝහී වන බව පවසා එතුමන් පුළුස්සා මරා දමන්නට අණ කලේය. රාජ පුරුෂයෝ නබිතුමා රැගෙන ගොස් දර සෑයක් තනා නබිතුමා ඒ ඇවිලෙන දර සෑයට දැමූහ. අල්ලාහ්ගේ බලය නිසා නබිතුමාට කිසිදු අනතුරක් වූයේ නැත. දර සෑය නිවී ගියේ ය. නබිතුමාගේ බලයත් පරිත්‍යාගයත් දුටු ජනතාව තව තවත් නබිතුමා සමඟ එක් වෙමින් ඉස්ලාම් දහම ලොව පුරා පතුරුවන්නටත් අල්ලාහ් කෙරේ විශ්වාසය තබන්නටත් යොමු විය. නබිතුමාගේ ජනතා සේවය වසර තිහකට පමණ ආසන්න විය. එතුමා ක්‍රිස්තු වර්ෂ 632 වසරේ දී ස්වර්ගස්ථ විය. 'අල්ලාහ්” ගේ දේව පණිවුඩය ජනතාව අතරට ගෙන යමින් මොහම්මද් නබි තුමා ස්වර්ගස්ථවීමට ප්‍රථම මුළු මධ්‍යම ආසියාව පුරාම පාහේ මුස්ලිම් දහම ප්‍රචලිත කරමින් නව සංස්කෘතිකයකට, නව ශිෂ්ටාචාරයකට පදනම දැමූ අතර මිනිස් වර්ගයා අතර, සිමය සමගිය, සමානාත්මතවාය වර්ධනය වීමටත් මිනිස් සමාජය ධාර්මික සමාජයක් කිරිමටත් විශාල මෙහෙයක් ඉටු කළේ ය. එතුමන්ගේ ගුණ සැමරීම සඳහා ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන මිලාදු උන්නබි උත්සවය හෙවත් නබිනායකතුමාගේ උපන්දිනය උත්සවය සැබවින් ම ගරු කළ යුතු විශේෂ දිනයක් බව අවධාරණය කළ යුතු ය.
Comments
Post a Comment