
ලාංකිකයෙක් අදාළ ප්‍රාදේශීය සීමාව තුළදී උපන්නේ නම් ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ලේකම්ගෙන් නීත්‍යානුකූලව උස්වැන්න සහතිකය ලබා ගත හැක. උපත ලියාපදිංචිය හා අදාළ තොරතුරු දරුවාගේ මව හෝ පියා විසින් ලබා දිය යුතුය. දෙමව්පියන් මිය ගොස් හෝ අසනීපයෙන් පසුවන්නේ නම් වෙනත් භාරකරුවකු විසින් එය ඇතුළත් කළ යුතුය.
උපතක් නොදන්වා සිටීම දඬුවම් ලැබිය හැකි වරදකි.
නව උපතක් ලියාපදිංචි කිරීම
පියවර 1: අදාළ ඉල්ලුම්පත්‍ර පෝරමයක් විමසීම් කවුන්ටරයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටර් මහතා හමුවී ලබා ගන්න
පියවර 2: අයදුම්කරු ඉල්ලුම් පත්‍රය පුරවා සකස් කරන්න
පියවර 3: උපකාරක ලිපි සකස් කර ගැනීම පියවර
4: ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේල්කම් වෙත තැපැල් කිරීම හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ටර් වෙත ගෙන ගොස් හාර දීම කරන්න. (සටහන : උප්පැන්න සහතිකය තැපැල් කිරීම සඳහා මුද්දර ඇති කවරයක් සමඟ අතින් ගෙන ගොස් භාර දීම වැදගත්ය.)
පියවර 5: අයදුම්කරුට උප්පැන්න සහතිකය තැපෑලෙන් ලැබීමට සලස්වනු ඇත. (සටහන : ඉල්ලුම් පත්‍රය අවලංගු වුවහොත් එසේ වීමට හේතු දන්වා ඉල්ලුම් පත්‍රය අයදුම්කරු වෙත තැපෑලෙන් එවනු ලැබේ.)
අලූත් උප්පැන්න සහතික දින 2, 3 ක් ඇතුළත ගත හැකි වන්නේ රෝහලෙන් අවශ්‍ය තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉක්මනින් ලබා දුන් විටය. (නොඑසේනම් උපත ලියාපදිංචිකරන ලේකම්වරයාගෙන් අදාළ පිටපත ලබා ගත යුතුය.)
කිසියම් හේතුවකින් අවශ්‍ය තොරතුරු නොලැබුනේ නම් (රෝහලින් සහතික කර සම්පූර්ණ කරන ලද පොත් පිංච) උප්පන්න සහතිකය නිකුත් කිරීමට මාසයක් වැනි කාලයක් ගත වීමට පුළුවන
සේවා සඳහා ගාස්තු
උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා හෝ ලේබණ ගත කිරිම සඳහා මුද්දර ගාස්තුව ගෙවීය යුතුය. උත්පැන්න සහතිකයක් නිකුත් කිරීම සඳහා මාස 3 කට පසු සහ අවුරුදු 1 කට පෙර ලබා ගැනීම සඳහා රුපියල් 25.00 ක මුද්දර ගාස්තු ගෙවීය යුතුය.සහතික ඉල්ලුම් කිරිම සඳහා අවුරුද්දකට වඩා කල් පැන ඇත්නම් මුද්දර ගාස්තු ලෙස රුපියල් 25.00 ගෙවිය යුතුය. සහතික ලියාපදිංචි කිරිම සඳහා හෝ ලියාපදිංචි අංකය ලබා ගැනීම සඳහා රුපියල් 25.00 ක් ගෙවීය යුතු වේ. (පිටපත් 3 ක් සඳහා)සහතික ලියාපදිංචි කිරිම සඳහා ලියාපදිංචි අංකය හෝ ලියාපදිංචි සහතිකය මාස 3 ක් යනතුරු ඉදිරිපත් නොකළේ නම් රුපියල් 10.00 ක් අය කරනු ලැබේ. (පිටපත් 2 ක් සඳහා) සටහන : අතිරේක පිටපතක් සඳහා රුපියල් 5.00 ක් ගෙවීය යුතුය.
අවශ්‍ය අමතර ලියකියවිලි
සාමාන්‍ය අවස්ථාවන් සදහා අමතර ලියකියවිලි කිසිවක් අවශ්‍ය නැත. මාස 3 කට වැඩි කාලයක් උපකාරක ලිපි ඉදිරිපත් කිරීමට නොහැකිවූයේ නම් උප්පත්ත සඳහා පහත ලේඛන අවශ්‍යයි.
ඉල්ලුම් කිරීමේ ලිපිය
ග්‍රාම නිලධාරි මහතා විසින් නිකුත් කරනු ලබන උප්තැන්න වාර්තාව
දෙමව්පියන්ගේ විවාහ සහතික ළමයාගේ සහෝදර සහෝදරියන්ගේ උප්පැන්න සහතික
ඇත්නම්)
උපත සිදුවන ස්ථානයෙන් සහතික කරන ලද ලිපියක්
එන්නත් කාඩ්පත
පවුල් සෞඛ්‍ය නිලධාරී වාර්තාව
වින්නඹු මාතාවගේ වාර්තාව (දී ඇත්නම්)
ළමයාගේ හඳහන
ළමයා පාසලට ඇතුළත් කර ඇත්නම් ළමයාගේ පාසල් වාර්තාව
උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරීම
උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක 1, 3, 5 සහ 9 තීරයක දැක්වෙන තොරතුරු පමණක් සංශෝධනය කළ හැකිය.
1.තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
3.තීරයෙහි විස්තර ස්ත්‍රී පුරුෂ භාවය)
5.තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරිමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, ගියි නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටත්තේ කළ නොහැක.)
9. තීරයෙහි විස්තර දැනුම් දෙන්නාගේ තොරතුරු නිවැරදි කිරිම කළ හැකිය.
ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාට ඉදිරිපත් කරන්න. අදාළ ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ
උප්පැන්නය හිමි තැනැත්තා
පියා හෝ මව ය යන සරල පද
නීත්‍යනුකූල භාරකරු හෝ
උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු යන අය විසින් පමණය. ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි. ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පන්න ලේඛනයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න. ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
මව්පියන්ගේ විවාහ සහතිකය
විනය දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරිමෙන් පසුව උපන් දරුවකුගේ උප්පන්නයක්
විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය ආරෝග්‍යශාලා, මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත් ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛනයේ උපුටනය
මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය
නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
1. උපත සිදුවී දින 07ක් ඇතුළත ග්‍රාම නිලධාරි වෙත දැනුම් දෙන්න.
2. ග්‍රාම නිලධාරී විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.
3. උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදු වූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි.
4. නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා වෙත ලබා දෙන්න. ප්‍රකාශය රෙජිස්ට්‍රාවරයාගෙන් ලබා ගත හැක.
දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්
පියා හෝ මව
උපන් අවස්ථාවේදී ළග සිටි පුද්ගලයන්
භාරකරුවන්
උපත සිදු වී මාස 03ක් ඇතුළතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක. උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න. දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ.
කල්ගතවූ උපත් ලියාපදිංචි කිරීම
උපතක් සිදුවී මාස තුනක් ඇතුළතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන. ඒ සඳහා ප්‍රකාශ පත්‍රය උපත සිදු වූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න. ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය මෙසේය.
උනන්දුවක් දක්වන ඕනෑම අයකු
මව්පියන්ගෙන් කෙනෙකු
ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු.50.00 කි.
උපත සිදුවී අවුරුද්දක් ඇතුළත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
1. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
2. දරුවාගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්
3.රෝහල් උපත් වාර්තාව සහතික පිටපත
ග්‍රාම නිලධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමග පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
1. මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
2. උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
3. පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පනත සදහන්
ලියවිලි වලින් එකක්,
රෝහල් වාර්තතාව හෝ සහතික පිටපත
ග්‍රාම නිලධාරී වාතාව හෝ සහතික පිටපත
වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
වින්නඹු මාතාවගේ උපත් ලේඛනයේ පිටපත
ඉහත සඳහන් ලියවිල්ලක් නැති නම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලි වලින් එකක්,
සෞඛ්‍ය වර්ධන සටහන
බෞතීස්ම සහතිකය
පාසැලට ඇතුළත් කිරිමේ ලේඛනයේ සහතික පිටපත/ශිෂ්‍ය කාර්ය දර්ශනය
වතු සුභසාධක නිලධාරින්ගේ වාර්ථාව
උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ
වේලාපත්කඩය
මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුළත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්
Comments
Post a Comment