
නව රියැදුරු රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත්කෙරේ. අදාළ මූලික තොරතුරු පහත දැක්වෙයි.
පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල, කලුතර, හම්බන්තොට, ගම්පහ, (මීගමුව උප කලයක් ද පිහිටා ඇත), අනුරාධපුර, යාපනය, මොණරාගල යන දිස්ත්‍රික් කාර්යාලවලදී මාර්ගගත (Online) ක්‍රමය
දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (Ofline) ක්‍රමයක්
පොදු අවශ්‍යතා
1. අයදුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
2. ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
3. මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ජායාරූප ලබා ගනු ලැබේ. මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරූප දෙකක් අවශ්‍ය වේ.
4. ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උතපැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුය.
සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
1. වයස අවු:17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
2. ලිඛිත පරික්ෂණයයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
3. ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවු:18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය. 4. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
5. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
බර වාහන සඳහා රියදුරු බලපත්‍රය දිර්ඝ කරගැනීම
1. අයදුම් කරන දිනට අවම වශයෙන් වසර 2 කට ප්‍රථම සැහැල්ලු වාහන (ඊ සහ ඊ1 වාහන පන්ති පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
2. සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබාගැනීම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය. මෝටර් බස් මිය හා මෝටර් ලොරි කාණ්ඩය ලබාගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
3. වයස අවුරුදු 20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
4. ලිඛිත පරික්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය.
5. ප්‍රායෝගික පරික්ෂණයට ඉදිරිපත් වීමට වයස අවු : 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
6. ප්‍රයෝගික පරික්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
7. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
විස්තරාත්මක ක්‍රියාවලිය
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු සාමාන්‍ය ක්‍රියාවලිය විස්තරාත්මකව පහත දැක්වෙයි.
පියවර 1: ආකෘති පත්‍රය අයදුම්කරුවන් විසින් ලබාගත යුතුය.
පියවර 2: ආදාල අවශ්‍ය ලියකියවිලි සහ සම්පූර්ණ කළ ඉල්ලුම්පත අයදුම්කරුවන් විසින් සහකාර කොමසාරිස් වෙත යොමු කළ යුතුය. දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත (සාමාන්‍ය සේවා සඳහා) කොළඹ ඒ වේරහැර පිහිටි ප්‍රධාන කාර්යාලය වෙත. (ප්‍රමුබතා සේවා සඳහා) පියවර 3: දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලැබු විට අයැදුම්කරුවා ලිඛිත පරීක්ෂණයන්ට ඉදිරිපත් වීමට අවශ්‍යය.
පියවර 4. දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලැබු විටදි අයැදුම්කරුවා ප්‍රායෝගික පරික්ෂණයට ඉදිරිපත් වීමට අවශ්‍යය. (විභාගයේදි ලබාගන්නා සාමාර්ථයන් පිළිබඳ ප්‍රතිඵල ප්‍රායෝගික පරික්ෂණයකට මාස 6ක් සඳහා වලංගු වේ.)
පියවර 5: මාස 6කට වලංගු තාවකලික බලපත්‍රය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරේ. (ප්‍රායෝගික පරික්ෂණයෙන් සමත් වන විටදි.)
පියවර 6: දෙපාර්තමේන්තුව විසින් බලපත්‍රය නිකුත් කෙරේ (බලපත්‍ර අයදුම්කරු වෙත තැපැලෙන් යවනු ලැබේ.)
සටහන අයදුම්කරු ලිඛිත පරීක්ෂණයෙන් අසමත් වන්නේ නම් විභාග ගාස්තුව වන රු.100.00 ගෙවා ලිඛිත පරීක්ෂණයකට තුන්වරක් දක්වා පෙනී සිටීම සඳහා නැවත ඉල්ලුම් කිරීමට අයදුම්කරුවන්හට පුළුවන. අයැදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයෙන් අසමත් වන්නේ නම් සම්පුර්ණ ගෙවීම් කර තුන් වරක් දක්වා ප්‍රායෝගික පරික්ෂණයට පෙනී සිටිම සඳහා ඉල්ලුම් කිරීමට අයදුම්කරුවන්හට පුළුවන.
සුදුසුකම්
මෙම සේවය සඳහා දිවයිනේ ස්ථිර පදිංචියක් ඇති කවර හෝ ඉල්ලුම්කරුවන්ට අයැදුම් කළ හැක. .
සේවාව ලබා ගැනීම සඳහා අදාළ කොන්දේසි මෙසේය.
ශ්‍රි ලංකාව තුළ පුරවැසියකු විය යුතුය.
ඉල්ලුම්කරු වයස අවුරුදු 18ට වැඩි විය යුතු ය.
ලිබිත හා ප්‍රායෝගික පරීක්ෂණයන්ට පෙනී සිටින විටදි සිය අනන්‍යතාවය සහතික කරන ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
ඉහත සඳහන් පරික්ෂණ දෙකෙන් ම සමත් විය යුතුය.
මාර්ග අපගතව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම
මේ සඳහා අවශ්‍ය MTA 30/2 (Offline) අයදුම්පත ය. ( මෙම ක්‍රියාදාමය තුළ අයදුම්පත සමග සියලූම අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය. අවශ්‍ය ලියකියවිලි මෙසේය.
සැහැල්ලු වාහන සඳහා
උප්පැන්න සහතික මුල් පිටපත හා ඡායා පිටපතක් ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතෙහි අංකය දැක්වෙන වලංගු විදේශ ගමන් බලපත්‍රයක මුල් පිටපත හා ඡායා පිටපත. 2x 21/2 ප්‍රමාණයේ වලංගු ඡායාරූප පිටපත් 3ක්. (කළු සුදු)
MBBS සුදුසුකම් ලැබු වෛද්‍ය නිලධාරියකු විසින් නිකුත් කළ වෛද්‍ය සහතිකයක්.
බර වාහනයක් සඳහා
උප්පැන්න සහතික මුල් පිටපත හා ඡායා පිටපතක් ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතෙහි අංකය දැක්වෙන වලංගු විදේශ ගමන් බලපත්‍රයක මුල් පිටපත හා ඡායා පිටපත.
2x21/2 ප්‍රමාණයේ වලංගු ඡායා රූප පිටපත් 3ක්. ප්‍රමාණයේ කළු සුදු ඡායාරූප පිටපත් 3ක්. නුගේගොඩ ලංගම වෛද්‍ය ආයතනය විසින් හෝ අයදුම්කරු පදිංචි දිස්ත්‍රික්කයෙහි වෛද්‍ය නිලධාරි විසින් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකයක්. ඒ. ශේණියෙහි රියදුරු පාසලක් විසින් නිකුත් කරනු ලැබූ ප්‍රවීනතා සහතිකයක්.
ඉල්ලුම්පත ඉදිරිපත් කිරිම හා ප්‍රායෝගික පරීක්ෂණය අතර කාලය මාස හයකට අඩු විය යුතුය.
සටහන් : ඉහත දැක්වෙන කොන්දේසි සපුරාලීමට අපොහොසත් වන කවර හෝ අයැදුම් කරුවෙකු හෝ මෙම සේවාව ලබාගැනිමට නුසුදුස්සකු බවට පත්වේ.
ඉදිරිපත් කිරිමේ ක්‍රියාවලිය
සියලූම ඉල්ලුම්පත් බලපත්‍ර අංශයෙහි සහකාර කොමසාරිස් වෙත යොමු කළ යුතුය.
සහකාර කොමසාර්ස්, බලපත්‍ර අංශය,
මෝටර් රථ වාහන දෙපාර්තුමේන්තුව ඇල්විටිගල මාවත
කොළඹ 5
සටහන 1: අයදුම්කරුවන්ට පහත දැක්වෙන පරිදි ද බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සලස්වා ඇත.
සියලූම දිසා ලේකම් කාර්යාලයන් වෙතින් (සාමාන්‍ය සේවා) ප්‍රධාන කාර්යාලය වේරහැර-කොළඹ (ප්‍රමුබතා සේය හා සාමාන්‍ය සේවය යන දෙකම)
ප්‍රමුබතා සේවා සඳහා ඉල්ලුම් කර ඇත්නම් සතියකට පසු පැමිණ ලබාගත හැක. නොඑසේනම් තැපැල් මගින් එවනු ඇත. සාමාන්‍ය සේවා සඳහා ඉල්ලුම් කර ඇත්නම් තැපැල් මගින් එවනු ලැබේ.
සටහන - අදාළ අකෘතිපත්‍ර ඉදිරිපත් කිරිමෙන් පසුව එක් දින සැකසිමේ ක්‍රියාවලියේ අයදුම්කරුවන්ට ප.ව.3.30ට පසු ඔවුන්ගේ නව බලපත්‍ර ලබාගත හැක.
වලංගු කාල නියමයන්
ඉල්ලුම් පත්‍රය ඉදිරිපත්කර මාස 6ක් ඉක්ම ගියාට පසුව ප්‍රයෝගික පරික්ෂණයට ඉදිරිපත් වුවහොත් එම ඉල්ලුම්පතෙහි වලංගු කාලය ඉකුත් වේ.
සේවාවන්ට අදාළ මිළගණන්
ඉල්ලුම් පත්‍ර නොමිලේ සැපයේ.
සේවා ස්වභාවය 1 පංතිය 2 පංතිය 3 පංතිය
සාමාන්‍ය සේවා රු.620.00 රු.1020.00 රු.1120.00
ප්‍රමුබතා සේවා රු.1020.00 රු.1770.00 රු.1870.00
අධිභාර
ලිඛිත පරික්ෂණයෙන් අසමත් වු විට නැවත ඉල්ලුම් කරන විට අයදුම්කරුවන් විසින් රු100.00 යක් ගෙවීය යුතුය (මෙය තෙවරක් නැවත ඉල්ලුම් කිරීමට පමණක් වලංගු වේ.)
ප්‍රායෝගික පරීක්ෂණයෙන් අසමත් වූ අවස්ථාවක නැවත ඉල්ලූම් කරන විට අයදුම්කරුවන් විසින් සම්පුර්ණ ගෙවීම කළ යුතුය. (මෙය තෙවරක් නැවත ඉල්ලුම් කිරීමට පමණක් වලංගුය.)
විශේෂ අවස්ථා
අයදුම්කරුහට කියවීමට හෝ ලිවීමට නොහැකි නම්
1. ඔහු හෝ ඇය ලිඛිත පරීක්ෂණය සඳහා තුන්වරක් ඉදිරිපත් විය යුතුය.
2. ග්‍රාමසේවක නිලධාරි වෙතින් ලබාගත් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
3. ලිඛිත පරික්ෂණය වෙනුවට වාචික පරික්ෂණයක් සඳහා ඉල්ලීමක් කළ යුතුය.
අයැදුම්කරු ප්‍රායෝගික පරික්ෂණයෙන් අසමත් වුහොත් සහ බර වාහන බලපත්‍රයක් සඳහා ඔහු විසින් ඉල්ලුම්කර ඇත්නම් දින 14ක් ඇතුළත ප්‍රායෝගික පරීක්ෂණය සඳහා නැවත ඉල්ලුම් කිරීමට අයැදුම්කරුට ඉඩ දෙනු නොලැබේ.
ඔහු සැහැල්ලු වාහන බලපත්‍රයක් සඳහා ඉල්ලුම්කර ඇත්නම් දින 7ක් ඇතුළත ප්‍රායෝගික පරීක්ෂණය සඳහා නැවත ඉල්ලුම් කිරිමට අයදුම්කරුට ඉඩදෙනු නොලැබේ.
අයදුම්කරු සතුව විදේශිය රටක රියැදුරු බලපත්‍රයක් තිබේ නම් (අයදුම්කරු ශ්‍රි ලාංකිකයකු හෝ ශ්‍රි ලාංකිකයකු නොවුවද)
විදේශිය රියැදුරු බලපත්‍රය ඉදිරිපත් කිරීමෙන් ඔහුට හෝ ඇයට ලිඛිත හෝ ප්‍රායෝගික පරික්ෂණයන්ට ඉදිරිපත් නො වුවද බලපත්‍රයක් ලබාගත හැක. එහෙත් එම බලපත්‍රය නිකුත්කල රට මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව විසින් අනුමත කල රටක් විය යුතුය. බලපත්‍රය ඉංග්‍රීසියෙන් පවත්නා එකක් නොවේ නම් අදාළ රටෙහි තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද එහි ඉංග්‍රීසි පරිවර්තනයක් ඉදිරිපත් කළ යුතුය. එවැනි අවස්ථාවන්හිදි අවශ්‍යවන ලියවිලි හා අදාළ ගෙවීම් අලුත් බලපත්‍රයක් ලබා ගැනීමෙහිදි ඉදිරිපත් කල යුතු දේ හා සමානය. මීට අමතරව අලුත් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ දී අදාළවන අනෙක් ලියවිලි ඉදිරිපත් කළ යුතු ය.
ආයතනයේ තොරතුරු
මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව
අංක: 581-341, ඇල්විටිගල මාවත, නාරාහේන්පිට.
කොළඹ 05.
දුරකථන: 011-2698717
ෆැක්ස් අංක :011-2694338
විද්‍යුත් තැපෑල: e.dmts@sltnet.lk
වෙබ් අඩවිය : www.motortraffic.gov.lk
Comments
Post a Comment