gossiplanka image 1
 



විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරීම පාර්ශවකරුවන් දෙදෙනාම මුස්ලිම්වරුන් නොවන අන් සියලු දෙනාටම, විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරිමේ ආඥාපනත යටතේ විවාහ විය හැක.

විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න. දැන්වීම් සහතික කිරීමට බලය ඇති අය මෙසේය.


කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්

සාමදාන විනිශ්චයකරුවකු

ප්‍රසිද්ධ නොතාරිස්වරයකු

දේවපතිකමකු


විවාහ දැන්වීමක් භාර දීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා


පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිළිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම

විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුළ පාර්ශවකරුවන් කොට්ඨාශයේ පදිංචිව සිටිම

විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත් වූ දින 10 තුළ පාර්ශවකරුවන් එකම කොට්ඨාශයේ නොව වෙන වෙනම කොට්ඨාශ වල  පදිංචිව සිටිම

පාර්ශවකරුවන්ගෙන් එක් අයකු විවාහ දැන්වීම භාරදීමට පෙර

ඉකුත්වූ දින 10 තුළ ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්, අනික් පාර්ශවය දින 10 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම.

දෙදෙනාගෙන් එක් අයකුවත් විවාහ දැන්වීම භාරදීමට පෙර ඉකුත්වූ දින 10 තුළ ශ්‍රී ලංකාවේ පදිංචිව නොසිටියේ නම්,

එක් පාර්ශවයක් දින 04 ක් ශ්‍රී ලංකාවේ පදිංචිව සිටිම

පාර්ශවකරුවන් දෙදෙනාම පසුගිය උපන් දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම ඔවුන් විවාහවීමට තහනම් නෑදෑයන් නොවන බව ඒ වන විටත් වලංගු විවාහයක් නොපවතින බව

විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරිම සඳහා දැන්වීම දී දින 14 ක් ගත විය යුතුය. එසේ දින 14 ක් ගතවිමට කළින් විවාහ (සාමාන්‍ය) ලියාපදිංචි කිරිම සඳහා හැකියාව ඇත.

කැමති නම් කාර්යාලයෙන් පිටතදී විවාහයක් ලියාපදිංචි කරවා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.


විවාහ ලියාපදිංචි කිරීමේදී රෙජිස්ටර්ට ගෙවිය යුතු ගාස්තු


අදාළ කාරණය, ගෙවිය යුත්තේ කාටද, ගෙවනු ලබන්නේ කවුරුන්ද සහ ගෙවිය යුතු මුදල පහත දැක්වෙයි.

1 රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුළත් කිරීම.

රෙජිස්ට්‍රාර් අයදුම්කරු රු. 100.00 මුදලින් ගෙවීය යුතුය

2. අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුළත් කිරීම

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

අයදුම්කරු 100.00 මුදලින් ගෙවීය යුතුය .

3 රෙජිස්ට්‍රාගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම.

රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවීය යුතුය

4 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේකාර්යාලයේදී විවාහය සිදු කිරීම.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවිය යුතුය

5 .38(1) හෝ 38(2) වගන්ති යටතේ රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරිම. රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් 750.00 මුදලින් ගෙවීය යුතුය.

6. 38(1) හෝ 38(2) වගන්තිය යටතේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාගේ

හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

විවාහ පාර්ශවයන් රු. 750.00 මුදලින් ගෙවීය යුතුය

7. 27(3) වගන්තිය යටතේ විශේෂ බලපත්‍රයක් ලබාගැනීම

රජයට විවාහ පාර්ශවයන් රු. 100.00 මුදලින් ගෙවීය යුතුය

8 ලියාපදිංචි පූජනීය ස්ථානයකදී සිදු කරන ලද විවාහයක් ලියාපදිංචි කිරීම

දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

විවාහ පාර්ශවයන් රු. 750.00 මුදලින් ගෙවීය යුතුය

9. විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම

රෙජිස්ට්‍රාර් විවාහ පාර්ශවයන් රු. 100.00 මුදලින් ගෙවීය යුතුය

10. විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ගේ හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයාගේ සහතිකය නිකුත් කිරිම

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්

විවාහ පාර්ශවයන් රු. 100.00 මුදලින් ගෙවීය යුතුය.


අවශ්‍ය උපකාර ලේඛන


ජාතික හැඳුනුම්පත සහ සාක්ෂිකාරයන් දෙදෙනෙක්

දික්කසාද නම් දික්කසාද සහතිකය

විවාහ වී සිටි සහකරු මරණයට පත්වී ඇත්නම් මරණ සහතිකය


උඩරට විවාහ ලියාපදිංචි කිරීම


මෙය උඩරට නීතියට යටත් පුද්ගලයන් අතරේ සිදු කෙරෙන විවාහයකි. උඩරට විවාහ නීතිය බලපාන ප්‍රදේශ මෙසේය.  

මධ්‍යම පළාත

උතුරු මැද පළාත

ඌව පළාත

සබරගමු පළාත

උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයේ නැගෙනහිර සහ බස්නාහිර චුනියාචෙඩ්කුලම කෝරලේ සහ දකුණු කිලක්කුමලේ කෝරලේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ බින්තැන්න පත්තුව, වෑගම්පත්තුව සහ පානම පත්තුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කඩුක්කුලම පත්තුව

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ දෙමළ හත්පත්තුව


විවාහ දැන්වීම පිටපත් දෙකකින් යුතුව ලියා සහතික කර කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට භාර දෙන්න. දැන්වීම් සහතික කිරිමට කොට්ඨාශයේ විවාහ රෙජිස්ට්‍රාර්ට බලය ඇත.  පාර්ශවකරුවන් අදාළ කොට්ඨාශයේ පදිංචිය පිලිබඳ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අදාළ කොට්ඨාශයේ දින 10ක පදිංචිය ප්‍රමාණවත්ය. අදාළ අනෙකුත් අවශ්‍යතා සහ ගෙවීම් සාමාන්‍ය විවාහයකදී මෙනි.


විවාහ සහතිය ලබා ගැනීම


ශ්‍රී ලාංකිකයෙක් තමන් පදිංචි පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුළ විවාහය සිදු වන්නේ නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කර්යාලයෙන් විවාහ සහතිකය නිකුත් කිරීමට අයදුම්කරු වයස 18 ට වැඩි විය යුතුය.  ඕනෑම අයදුම්කරුවෙකුට විවාහ සහතිකයක් ලබා ගැනීමට පුළුවන.


සටහන : අයදුම්කරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට අයත් නම් තමන් කැමති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකදි විවාහය සිදු කළ හැකිය.


විවාහය සිදු කරන ස්ථානය පල්ලියක හෝ කෝවිලක පවත්වන්නේ නම් ඒ ගැන පිළිගත හැකි ලිපියක් ඉදිරිපත් කිරීම තමන්ගේ ආගමට අනුකූලව විවාහය සිදු කරන්නේ නම් ඒ ස්ථානයෙන් ගත් ලිපියක්


පිළිවෙල පියවරෙන් පියවර (විවාහ සහතිකය නිකුත් කිරීම)


පියවර 1: අයදුම්කරු විසින් විමසුම් කාර්යාලයෙන් හෝ ලියාපදිංචි කිරිමේ නිලධාරියාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම්ගෙන් විවාහ දැන්වීම්  පත්‍රයක් ලබා ගත යුතුය.

පියවර 2 : අයදුම්කරු දැන්වීම් පත්‍රය සකස් කර පිරවිය යුතුය

පියවර 3 : අයදුම්කරු විසින් විමසීම් ලිපියක් හෝ ලියාපදිංචි කිරීමේ නිලධාරියාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම්ගෙන් අයදුම් පත්‍රයක් ලබාගත යුතුය.

පියවර 4 : අයදුම්කරු අයදුම්පත්‍රය සකස් කර පිරවිය යුතුය

පියවර 5: අයදුම්කරු අවශ්‍යය උපකාර තොරතුරු සැපයිය යුතුය

පියවර 6 : අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම්ට තැපෑලෙන් හෝ  ප්‍රාදේශීය ලේකම්ට ගෙන ගොස් භාර දිය හැකිය.

පියවර 7 : ප්‍රාදේශීය ලේකට ලැබුණු අයදුම් පත්‍රය හා ලැබුණු දත්ත සියල්ලම නිත්‍යානුකුල බව පරික්ෂා කර එම අයදුම් පත්‍රය  අදාළ කෝවිලට හෝ පල්ලියට යවනු ලබයි.

පියවර 8 : අයදුම්කරුට තම විවාහ සහතිකය තැපැල් මගින් හෝ වෙනත් ක්‍රමයකින් ලබා ගත හැක.


සටහන : අයදුම්කරු නුසුදුස්සෙක් ලෙස තේරුනහොත් ලියාපදිංචි කිරීමේ නිලධාරියා විසින් අයදුම් පත්‍රය නුසුදුසු වීමට හේතුව ද සමග තලය+කරුට එවනු ලබයි.


විවාහ දැන්වීම්, විවාහය සිදු වන ස්ථානයට පැයකට පමණ කලින් භාර දිය යුතුය.

කෝවිල හෝ පල්ලිය මගින් එය නීත්‍යානුකූල විවාහයක් බව සහතික කළ විට විවාහ සහතිකය දින 2 ක් 3 කින් ලැබේ..

විවාහ දැන්වීම් පත්‍රය විමසුම් කාර්යාලයෙන් හෝ විවාහ ලේකම්ගෙන් ඕනෑම වැඩ කරන වේලාවකදී ලබා ගත හැක. අයදුම්පත්‍රය සෘජුව භාර දෙන විට කාලය අපතේ යෑමක් නැත. අයදුම්පත්‍රය තැපැල් කළ විට අයදුම්පත්‍රය අදාළ ස්ථානයට යාම සදහා කාලය බොහෝ සෙයින් වැඩිවේ.

එක් පිටපතකට රු. 25.00 බැගින් අය කරයි. (පිටපත් 3 නේ සිට ඉහළට)


සටහන: මුද්දර එවනවා නම් ලියාපදිංචි කවරයක දමා එවීම

ඔබ ඉල්ලුම් කළ සහතිකය ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු නම් ලියාපදිංචි රාජකාරිය ලියුම් කවරයට ඇතුළත් කළ යුතුය.