pre class="aLF-aPX-K0-aPE" style="background-color: white; font-family: "Courier New", Courier, monospace, arial, sans-serif; font-size: 14px; margin: 0px; overflow-wrap: break-word; text-wrap-mode: wrap; user-select: text;">
වයස සම්පුර්ණ වීමෙන් සේවයෙන් විශ්‍රාම යාමේදී සේවක අර්ථ සාධක අරමුදල ආපසු ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙළ මෙසේය. මම ඕනෑම අයදුම්කරුවෙකු වයස සම්පුර්ණ වී සේවයෙන් විශ්‍රාම ගැනීමේදී අයදුම් කළ යුතුය. එකී අයදුම්කරුවෙකු ස්වක අර්ථසාධක අරමුදල් අංශය විසින් දක්වා ඇති කොන්දේසි සපුරා තිබිය යුතුය. පුරුෂයෙකු - වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගැනීම කාන්තාවක් - වයස අවුරුදු 50 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගැනීම. ඉහත අවශ්‍යතාව ඔප්පු කිරීම සඳහා පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
1. උප්පැන්න සහතිකය හා එහි සහතික කළ පිටපතක් යම්
2. ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක්, එය සේවා යෝජකගේ එම හෝ ප්‍රාදේශීය ලේකගේ සහතිකය සහිත විය යුතුය.
3. මුදල් බැර කිරීම සඳහා තමාට අයත් බැංකු පොතේ ඡායා පිටපතක්
4. සේවක අර්ථසාධක අරමුදල ඇපයට තබා ණය ලබාගෙන ඇත්නම් සම්පුර්ණ කරන ලද ණය 14 ආකෘති පත්‍රය
5. අයදුම්කරු ගේ පාපෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් සමග 18 අයදුම්පත භාරදීමට අයදුම්කරුම පැමිණිය යුතුය. පියවරෙන් පියවර ක්‍රියාවලිය පියවර 1: අයදුම්කරු කේ ආකෘති පත්‍රය ලබා ගැනීම.
පියවර 2 : සම්පූර්ණ කරන ලද අයදුම්පතේ අවශ්‍ය සහතික කිරීම හා
පියවර 3 : සම්පූර්ණ කරන ලද අයදුම්පත අවශ්‍ය ලේඛන සමගින් ඉදිරිපත් කිරීම.
පියවර 4 : කම්කරු දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරින් විසින් පරීක්ෂා කිරීම.
පියවර 5 : ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් අංශයට යොමු කිරීම ය.
පියවර 6 : ගිණුමේ බැරට ඇති මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් අංශය මගින් නිදහස් කිරීම, අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
සේවාව සඳහා ගත වන කාලය නිසියාකාරව සම්පූර්ණ කරන ලද අයදුම්පත සමගින් අවශ්‍ය සහතික භාර දුන් කල ගත වන කාලය මාසයකි. අඩුපාඩු ඇති විට ඒවා සම්පූර්ණ කරන තුරු කාලය ගත වේ. අයදුම්පත් නොමිලයේ නිකුත් කරනු ලැබේ. වන් ම අත්‍යවශ්‍ය ලියකියවිලි
1. කේ අයදුම්පත
2. බී කාඩ් පත
3. උත්පැන්න සහතිකය හා එහි සහතික කළ පිටපතක් (උප්පැන්න සහතිකය නොමැති විට
4.ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබාගත් ලේඛන සෙවීමේ ප්‍රතිපල සහතිකය සමග ග්‍රාම නිලධාරි වෙතින් අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත් කළ යුතුය. මෙයට ප්‍රාදේශිය ලේකම්ගේ - අනු අත්සන් තබා තිබිය යුතුය.
5. ජාතික හැඳුනුම්පතේ පිටපත සේව්‍යයා විසින් සහතික කළ අවමය යුතුය. ආයතනය වසා ඇති විට ග්‍රාම නිලධාරි ප්‍රාදේශ ලේකම් සහතික කළ යුතුය 6. බැංකු පොතේ ඡායා පිටපතක්
7. සේ.අ.අ. ඇපයට තබා ණය ලබාගෙන ඇත්නම් සම්පූර්ණ කරන ලද ණය 14 අකෘතිය වතු අංශයේ සේවකයන්ගේ උපන් දිනය වතු අධිකාරිවරයාට සහතික කර දීමට පුළුවන. 1967 අංක 15 ඉන්දු ලංකා ගිවිසුම අනුව නිකුත්කර ඇති සහතිකය ඉදිරිපත්කිරීමට පුළුවන. ආයතනය වසා ඇති අවස්ථාවලදී හා නමෙහි වෙනසක් ඇති විට හාණිපූර්ණ ලිපිය.
විශේෂ තත්වයන්
අයදුම්කරුගේ බී කාඩ් පත නොමැති වූ විට සේවක අර්ථ සාධක අරමුදල් අංශය වෙත දැන්විය යුතුය.
රුපියල් දහයක (රු. 10/-) ගාස්තුවක් සමග සම්පූර්ණ කළ බී ආකෘති පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් අනු පිටපතක් ලබා ගත හැකිය.
අනු පිටපත් නිකුත් කරනු ලබන්නේ සහකාර කම්කරු කොමසාරිස්. මධ්‍යම ලිපිගොණු අංශය. සේවක අර්ථ සාධක . අරමුදල, කම්කරු දෙපාර්තමේන්තුව කොළඹ 05 යන ලිපිනයෙන් පමණි.
පැමිණීමෙන් හෝ තැපෑලෙන් මෙම සේවාව ලබා ගත හැකිය. රුපියල් දහයක (රු. 10/-) ගාස්තුව චෙක්පත්, මුදල් ඇණවුම් මගින් හෝ අදාළ අංශයට පැමිණ ගෙවීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය. විවාහය මත සේවයෙන් විශ්‍රාම ගැනීමේදී සේවක අර්ථ සාධක අරමුදල් ලබා ගැනීම
විවාහ අපේක්ෂාවෙන් සේවයෙන් ඉවත් වන කාන්තාවන් මේ සඳහා සුදුසුකම් ලබයි.
පහත සඳහන් කරුණු මත අයදුම් කළ යුතු වේ.
සේවයෙන් ඉවත් වී මාස තුනක් ඇතුළත විවාහ වීම.
විවාහ වී වසර 5 ක් ඇතුළත සේවය හැර ගොස් ඇති විටෙක
ඉදිරිපත් කිරීමේ විධි
සේවාවක් ලබා ගැනීම සඳහා අයදුම්පත තමා පදිංචි ප්‍රදේශයේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත හෝ උප කම්කරු කාර්යාලය
වෙත ඉදිරිපත් කළ යුතුය.
අයදුම්පත සමගින් අවශ්‍ය සහතික ලේඛන ඉදිරිපත් කළ යුතුය. මේ සඳහා ඉදිරිපත් කළ යුත්තේ "K" අයදුම්පතය.
අවශ්‍ය වෙනත් ලේඛන
1 විවාහ සහතිකය හා එහි ඡායා පිටපතක්
2.බී කාඩ් පත
ජාතික හැදුනුම්පතේ සේවා යෝජක සහතික කළ පිටපතක් හෝ ආයතන වසා ඇති විට ග්‍රාම නිලධාරි සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන තිබිය යුතුය. තම බැංකු පොතේ පිටපතක්
පියවරෙන් පියවර ක්‍රියාවලිය
පියවර 1: කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාල වලින් කේ අයදුම්පත ලබා ගැනීම.
පියවර 2 : සේවා යෝජකයාගේ සහතික කිරීම පිණිස ඉදිරිපත් කිරීම.
පියවර 3 : සම්පූර්ණ කරන ලද අයදුම්පත පහත සඳහන් ලේඛන සමගින් භාර දීම බී කාඩ් පත, විවාහ සහතිකය, ජාතික හැදුනුම්පතේ පිටපතක්, බැංකු පොතේ පිටපතක්
පියවර 4 : කම්කරු දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරියකු විසින් අදාළ අයදුම්පත පරීක්ෂා කිරිම,
පියවර 5 : අයදුම්පත ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල වෙත යොමු කිරීම.
පියවර 6 : සේවක අරමුදල් අංශය මුදල් නිදහස් කිරිම.
සේවාව සඳහා ගත වන කාලය
නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත භාර දී මුදල් යැවීම සඳහා මාසයක කාලයක් ගත වේ. අඩුපාඩු සහිත අයදුම්පත් සඳහා වැඩි කාලයක් ගත වේ.
උපකාරක ලියකියවිලි
1. කේ අයදුම්පත .
2. බී කාඩ්පත
3. විවාහ සහතිකයේ පිටපත
4. සේවා යෝජක/ග්‍රාම නිලධාරි හා ප්‍රා.ලේකම් අත්සන් කළ ජාතික හැදුනුම්පත් පිටපත
5. තම බැංකු ගිණුමේ පොතේ ඡායා පිටපතක්
6. සේ.අ.අ. ඇපයට තබා ණය ලබාගෙන ඇත්නම් සම්පූර්ණ කරණ ලද ණය 14 ආකෘතිය
සේවක අර්ථසාධක අරමුදල සාමාජිකයා මිය යෑමන් පසු අරමුදල ලබා ගැනීම
පහත සඳහන් සුදුසුකම් ඇති අයදුම්කරුවන් මේ සඳහා ඉල්ලුම් කළ යුතුය.
මියගිය සාමාජිකයා අර්ථසාධක අරමුදල් සාමාජිකයකු වීම.
සාමාජිකයාගේ මරණ සහතිකය ලබාගෙන තිබීම
ඉදිරිපත් කිරිමේ විධි.
සහකාර කම්කරු කොමසාරිස්, සේවක අර්ථසාධක අරමුදලේ 'එල්'අංශය (L) වෙත එල් අයදුම්පත ඉදිරිපත් කළ යුතුය. මියගිය සාමාජිකයාගේ උරුමකරුවන් සියලුදෙනාම එල් අයදුම්පත්‍රය බැගින් ඉදිරිපත් කළ යුතුය.
උරුමකරු නම් කර ඇත්නම්, නාමිකයා වලංගු නම් ඔහුගේ/ඇයගේ ඉල්ලුම්පත පමණක් ප්‍රමාණවත්ය.
අනුපිළිවෙල
පියවර 01 : අයදුම්පත් ඉදිරිපත් කිරිම.
පියවර 02 : අවශ්‍ය ලිපි ලේඛන සමගින් සම්පූර්ණ කරන ලද අයදුම්පත් සේවා යෝජකයාගේ ද, ආයතනය වසා ඇති විට අදාළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස් වරයාගේ සටහන් තැබීමෙන් පසු කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාරදීම.
පියවර 03 : කම්කරු දෙපාර්තමේන්තුව අයදුම්පත් පරික්ෂා කර බැලීම.
පියවර 04 : තීරණ ලිපිය මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් අංශයට යැවීම.
පියවර 05 : ප්‍රතිලාභ නිදහස් කිරිම.
සේවාව සදහා ගතවන කාලය
සම්පූර්ණ කරන ලද අයදුම්පත භාර දී මාස 01පමන ගත වේ. අඩුපාඩු ඇතිවිට ඊට වඩා කාලයක් ගත විය හැක.
උපකාරක ලියකියවිලි
මරණ සහතිකය
මියගිය තැනැත්තාගේ උප්පැන්න සහතිකය
විවාහ සහතිකයේ මුල් පිටපත
සාමාජික සහතිකය ( බී පත්‍රය) / සේවා සහතිකයක්
ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපතක් (ග්‍රාම නිලධාරී සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන තිබිය යුතුයි අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් අයදුම්කරුගේ බැංකු පොතේ ඡායා පිටපතක් සේ.අ.අ. ඇපයට තබා ණය ලබාගෙන ඇත්නම් සම්පුර්ණ කරන
ලද ණය 14 අකෘතිය.
විශේෂ අවස්ථා
මියගිය තැනැත්තාගේ නාම යෝජනා දැන්වීම අනුව ඔවුන්ට අරමුදල හිමි වේ.
නම් කරන ලද තැනැත්තා නොමැති විට පොදු නීතිය අනුව
උරුමකරුවන්ට ලබාදේ.
සේවා වගකීම්
තනතුර දුරකථන ෆැක්ස්
සහකාර කම්කරු කොමසාරිස් 011-2368911 011-2368914
(සේ. අ. අ. ප්‍රතිලාභ ගෙවීම්) 011-2369191 011-2368914
011-2368904 011-2368914
ආයතනයේ තොරතුරු
කම්කරු දෙපාර්තමේන්තුව
කම්කරු මහ ලේකම් කාර්යාලය
නාරාහේන්පිට,
කොළඹ
දුරකථන 011 2581142/3, 011 2581146,011 2581148, 011 2369373
ෆැක්ස් අංක 011 2581145
විද්‍යුත් තැපෑල commgen@labourdept'gov'lk doo cgldol@sltnet.
වෙබ් අඩවි : www.labourdept.gov.lk
Comments
Post a Comment