gossiplanka image 1
 


ඕනෑම ආත්මාරක්ෂක සටන් ක්‍රමයක පහත විස්තර කෙරෙන අංගයන්ගේ සංකලනයක් දක්නට හැකිය. මූලික ඉරියව් මූලික ඉරියව්වල ආකාර 3කි.

1. සටනට සූදානම් වීමේ ඉරියව්

2. පහර දීමේ ඉරියව්

3. ආරක්ෂා වීමේ ඉරියව් සටනට සූදානම් වීම ආකාර කිහිපයකට සිදුවේ. ආරක්ෂාකාරී සූදානම ශරීරයේ දුර්වල ස්ථාන සැගවෙන පරිදි සමබරතාව රැකගෙන දෙඅත් පපුව ආසන්නයේ ඉදිරියෙන් තබාගෙන සටනට සැරසීමයි. (Defensive Stances)


ආක්‍රමණකාරි සූදානම


අත් මිටි ඉදිරියට ගෙන සතුරා දෙසට බරවී සටනට සූදානම් වීමයි. (Offensive Stances) පහර දීමට හෝ ආරක්ෂ වීමට අදාළ ඉරියව් රාශියක් සටන් ක්‍රමවලදී ඉගැන්වේ . සිරුරේ සමබරතාව රැකගැනීම සඳහා පහත සඳහන් ඉරියව් වැදගත් වේ.

1. Back Stance (පාදයක් පසුපසට ගෙන සිට ගැනීම)

2. Horse Riding Stance (අසු පිට යන ඉරියව්)

3. Dragon Riding Siance (මකර ඉරියව්ව)

මෙහිදී පාදයක් පසුපසට ගෙන පාද දෙකම අර්ධ ලෙස නවා සිටගනී.

4. Pigeon Paw Stance (දෙපා උරහිස් තරමට ඈත්කර පා ඇගිලි ළංවන සේ සිට ගැනීම.)


පහර වැළැක්වීමේ ඉරියව්


1. Empty Stance : පසු පාදයට බරදී සිට ගැනීම (ඉදිරි පාදයට වදින පහරවලදී සමබරතාව රැකේ.)

2. Couch Stance : බිම දිගාවන සේ හිඳ ගැනීම

3. Seated Stance : පහරක් වළක්වමින් බිම හිඳ ගැනීම.

4. Sitting Stance : බිම වැටී හිඳ ගැනීම.

මෙම ඉරියව්වල සංකලනය සටන් ක්‍රමයක ගුණාත්මක භාවය ඉහළ දමයි.


පියවර තැබීම් ක්‍රම (Steps)


සතුරා වෙත හෝ සතුරාගෙන් ඉවතට යාම මෙහිදී සිදුවන අතර හරස් අතට පියවර තැබීමෙන් පහර වළක්වාලීම අපේක්ෂා කෙරේ. කෙටි පියවර දිගු පියවර මෙන්ම දිවීම් හා පැනීම් ද මේ පියවර ක්‍රමවලට ඇතුළත්ය. පහරදීම් (Attacking) අත්, පා, හිස, ඇගිලි තුඩු, වැළමිට ආදී ප්‍රදේශවලින් පහර එල්ල කිරීම් බොහෝ සටන් ක්‍රමවල අඩංගු වේ. පහර දීමේ දුර අනුව ක්‍රම 3කි.

1. කෙටි පහර දීම් :- අතක දිගෙන් 1/2ක හෝ ඊට අඩු පහර දීම්

2. මැදි දුර පහර දීම් :- අතක හෝ පයක දිගෙන් පහර දීම

3. දුර පහර දීම් :- ඊට වඩා දුර පහර දීමකි

වින්ග් චුන් ක්‍රමය කෙටි පහර සඳහා ප්‍රසිද්ධය. කරාටේ ක්‍රමයේ මැදි දුර පහර බහුලය. ෂාඔලින් ක්‍රමවල දිගු පහරදීම් වැඩිපුරම ඇත.


පහර වැළැක්වීමේ ක්‍රම ශිල්ප


මෙය ආත්මාරක්ෂක සටන් ක්‍රමයක අනිවාර්ය අංගයකි. තමා වෙත එන පහරක් වැළැක්වීමට කළ හැකි දේ බොහෝ ය.


1. පහර මග හැරීම :- ශරීරයේ පහර වැදීමට ඇති ප්‍රදේශ වෙනත් පිහිටුවීමකට ගෙන ඒමයි.

2. පහරෙන් ඉවතට පැනීම

3. පහර වෙත පැනීම :- මෙහිදී පහර පරිණත වීමට පෙර වැදීම නිසා බලය අඩු වේ.

4. පහර ආවරණය කිරීම :- අත්, දණහිස් හෝ දෙඅත්ල මගින් පහර වැළැක්වීම මෙයින් අදහස් වේ

5. පහරට පහරක් දී එය නැවැත්වීම

6. පහරේ දිශාව වෙනස් කිරීම :- මෙය ද සිදු කරනුයේ පහරට පහරක් දීමෙනි.

7. පහරට පෙර පහරක් දීම :- ඕනෑම කෙටි පහරක් වැළැක්වීමට ඊට දිගු පහරකට හැකිය. (පපුවට පා පහරක් දීමෙන් අත් පහර වැළැක්විය හැකිය.)

8. නිරතුරු තමා සිටින තැන වෙනස් කිරීම. (මෙයින් ප්‍රතිවාදියාට තමාව ඉලක්ක කර ගැනීම අපහසු වේ.)


පැනීමේ ක්‍රම


පැනීමේ ක්‍රම විවිධාකාරය.

1. පහර වැළැක්වීමට පැනීම.

2. ඉදිරියට පැන පහර දීම.

3. පහර දෙමින් ඉහළට හෝ ඉදිරියට පැනීමත් සමග පහර දීම මගින් සිරුරේ මුළු බර පහර වෙත යෙදිය හැකිය. උඩ පැන දෙන පා පහර දීම් (Flying Kicks) ගුවන් පා පහර නම් වේ. මෙකී ශිල්ප ක්‍රමයන්ට අමතරව බිම වැටීම්, කරණම් ගැසීම්, විසි කිරීම් ආදිය ද සටන් කලාවට ඇතුළත්ය.