
ක්‍රීඩාවක් ලෙස සටනෙහි යෙදෙන්නන් සඳහා සටන් ක්‍රීඩා සුදුසුය. සටන් ක්‍රීඩාවන් ආත්මාරක්ෂක සටන් ක්‍රම තරමටම අද දවසේ ජනප්‍රියය. එවැනි සටන් ක්‍රීඩා කිහිපයක් ගැන මෙතැන් සිට අපේ අවධානය යොමු කරමු.
බොක්සිං
පුරාණ ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරයන්හි මුෂ්ටි ප්‍රහාර තරග පැවැත්වුණු බව කියැවේ. හිස් අතින් මුහුණට හා පපුවට පහර දෙමින් කළ මේ සටන් අතිශය අමානුෂික මුහුණුවරක් ගත්තේය. ක්‍රමයෙන් යුරෝපය තුළ ප්‍රචලිත වූ බොක්සිං සටන් ක්‍රමය 15වන සියවස අග භාගයේදී ක්‍රීඩාවක් ලෙස කරළියට ආවේය. ඉතිහාසගත මුල්ම බොක්සිං තරගය 1681 වර්ෂයේදී පැවති බව කියැවේ. ක්‍රීඩාවක් ලෙස ජනප්‍රිය වීමත් සමගම මෙම සටන් ක්‍රමයේ ඇති අමානුෂික ස්වරූපය අඩුවිය. හිස් අතින් පහර දීම වෙනුවට අත්වැසුම් යොදා පහරදීම ඇරඹුණි. මේ නිසා ලේ ගලන තුවාල ඇතිවීම අඩුවිය. බොක්සි ක්‍රමයේදී ප්‍රධාන වශයෙන් එල්ල කරන ප්‍රහාර තුනකි.
1. අතින් එල්ල කරන තනි පහර
2. දෑතින් මාරුවෙන් මාරුවට එල්ල කරන දෙපහර
3. පහළ සිට කවාකාරව එල්ල කරන අත් පහර
සාමාන්‍යයෙන් බොක්සිං ක්‍රමයේදී පහර වැළැක්වීමේ ක්‍රම කිහිපයක් යොදා ගනී.
1. දෑත් හා පපුව ඉදිරියට ගෙන පහර ආවරණය කිරිම.
2. මුහුණ සඟවාගෙන පහර ආවරණය කිරීම.
3. එහාට මෙහාට පනිමින් පහර මග හැරීම.
4. පසු බැසීම.
දැනට පැවැත්වෙන බොක්සිං තරගාවලීන් සියල්ල දැඩි නීති රිතිවලට යටත්ව පැවැත්වේ. මල්ලව පොර රෙස්ලිං හෙවත් මල්ලව පොර ක්‍රීඩාව ලොව විශාලතම ව්‍යාප්තියක් දරණ සටන් ක්‍රීඩාවකි. ජපානය, ටිබෙටය වැනි රටවල ඒ ඒ රටට ආවේණික මල්ලව පොර සම්ප්‍රදායයන් ඇත. සාමාන්‍යයෙන් මල්ලව පොර තරගයක ජය හෝ පරාජය තීරණය කරනුයේ ප්‍රතිවාදියාගේ සමබරතාව බිඳ ඔහු බිම හෙළීමෙනි.
තායි බොක්සිං
මුආයි තායි යන නමින් තායිලන්තය තුළ හැඳින්වෙන මේ සටන් ක්‍රමය දරුණුතම සටන් ක්‍රීඩාව ලෙස නම් කෙරේ. තායි බොක්සිං ක්‍රීඩකයා කුඩා කල සිටම දැඩි ලෙස පුහුණු කෙරේ. මෙම බොක්සිං ක්‍රීඩාවේ ජය හෝ පරාජය පවතිනුයේ ඔරොත්තු දීමේ හැකියාව මතයි. සිරුරේ ස්ථාන 8කින් පහර දී ප්‍රතිවාදියා බිම හෙළීම තායි බොක්සි ක්‍රමයේ ඇති රහසයි. මේ ස්ථාන අට වනුයේ,
1. අත්මිට දෙක
2. වැළමිට දෙක
3. දෙදණ
4. දෙපතුල
මුල් කාලීනව පැවැත්වූ තරගයන්හිදී අත්වැසුම් නොයොදා . සටන් කරන ලදී. අන් සටන් ක්‍රම මෙන් නොව සාම්ප්‍රදායික තායි. බොක්සිං ක්‍රමයේදී පහර දීම්වල සීමා කිරීම් නොමැත. ප්‍රතිවාදියා මියයන තුරු පහරදීම ඉඳහිට සිදුවිය හැකිය. දැනට ද තායි බුරුම දේශ සීමා ප්‍රදේශයේ මෙවැනි මාරාන්තික බොක්සිං තරග පැවැත්වේ. තරගකරුවන් මේ සටන් වෙනුවෙන් දිවි පරදුවට තබන්නේ ඉන් ජයග්‍රහණය ලදොත් තමාට ලැබෙන මුදල් ගැන සිහි තබාගෙනය.
Comments
Post a Comment