දෙයියන්ගේ රට - සිරිපා අඩවියයි
ඉල්ලම -කැටගල් සහිත තීරුවයි / මැණික් තිබෙනුයේ මේ ඉල්ලම් අතරය
දබරය -පතුලේ පස් හා අනෙකුත් දෑ එළියට ගැනීම සඳහා තනාගත් අටල්ල
දබර කඹය - දබරයේ පස් එළියට ගැනීමට භාවිත කඹයයි
දබර මඩුව- පතලක අවශ්‍ය ද්‍රව්‍ය තැම්පත් කිරීමට
භාවිත තාවකාලික මඩුවයි
නඩය පිරිස ඒ වන්දනාවේ යන පිරිස
මහ හිමේ - සිරිපා අඩවිය
සබරගමුවේ මාලිගාව - රත්නපුර මහ සමන් දේවාලය
ඉර රබහ- මන්දාරම
කෝඩෙ - වැස්ස
ගගුලබනවා - හොඳින් වහිනවා
මඩුපැල- දුප්පතුන්ගේ පැල්පත්
පංගුපේරුව - ඉඩම් බලාගන්නාගේ කොටස
පහේකාරියා - ඉඩම් බලාගන්නා තැනැත්තා
අතාවුදියා - ඉඩම් බලන තැනැත්තා
හන්දුරුවෝ - හාමුදුරුවන් / ස්වාමීන් යන අදහස
වලව්ව - රදලයන්ගේ නිවසය
කුරුවෙ රාජකාරි - අලි ඇල්ලීම
පනික්කලේ - අලි අල්ලන්නන්
මාළුව- වෑංජන
හින්න - කුඩා කඳුගැටය
වැහි ඇල්ලම - කුඩා වැස්ස
පිනිබානකොට - පින්න වැටෙන විට
පිනි පාන්දර - අලුයම් කාලය
ලකේට පේවෙලා - හොඳින් සැරසිලා
කිරිමඩු කාරි - කිරිමඩු පැවැත්වීමයි
කඳුළු ගලනවා - කිතුල් මලෙන් තෙලිදිය ගලාඒම
පැණි හකුරු පදං - සරු බව / සශ්‍රික බව
මල් පිහියාව - කිතුල් මල් කැපීමට ගන්නා පිහිය
මල් රාජකාරි - කිතුල් මල් මැදීම
Comments
Post a Comment