 
පලුවං කොටනවා - පළමුවරට කුඹුරු කෙටීම
හරකබාන - ගව සම්පත / එළ- මී දෙවර්ගය ඇතිබව
බහුබෝග වගා - ගොඩ ගොවිතැන්නේ දී මිශ්ර ලෙස බෝග වගාව
කඩාඩුව - වැස්සට නියරේ විශාල ප්රදේශයක් විනාශ වීම
වැටමං- කෙත වටා වැඩවල් බැඳීම
අගාරේ කුඹුරු .- හොඳින් ජලය ලැබෙන කුඹුරු
දෙණිකඩ - කුඹුරු යායේ පළින් පළ පිහිටි ගොඩ බිම්
මුදුන කපනවා - ගසක ඉහළ අතු කපා දැමීම
ගොඩ වැහි - මුහුදෙන් සුළං පැමිණ වසින වැස්ස
මුල්වක්කඩ - ලියද්දේ ප්රධාන වත්කඩයි
ලාඩප්පා - ඇල්බිසියා
කරමැටි කුඹුරු - මැටිගතිය බහුල කුඹුරු
දෙමේ සෑම - දෙවනවර හී සෑම
හැළි වළං පැළීම - කුඹුරේ ජලය හිගවී පොළොව පැළීම
කස්තිරම් කෙටීම- කතිර හැඩයට කුඹුරු කෙටීම
නයිහබරල- සුදු පැහැ තිත් සහිත හබරල විශේෂය
කුකුස- සැකය
දියලනවා -දියේ දමනවා
පවන්දිය දමනවා-බිත්තර වී ගොඩට අතින් වතුර දමනවා
කටුමින -බටපොතු මල්ල
කල්පමාව -කාලය ඉවත් වී යෑම
වේලු -වේයන් අමුගස්වල තාවකාලික හුබස් තැනීම
කඩුපොද- සිහින් වැස්ස
කිවුලැල -කිවුල් ඇළ මෙය කුඹුරේ නියරට යටින් කපන ඇළයි
ගෙරිකටු - ගවයින්ගේ ඇටකටුවලින් තනන පෝර
කබැල්ල කිණිති -කබල්ල ගසේ ගෙඩි
කොළදින් සමය- ගොයම් කපන අවදිය
කිරිපඬුර -කිරිගසක බඳින පඬුර
අතුරන්නාව - කමතේ බිමට දමන මාගල් හෝ ගෝනි
ගෝලීය - දෙපයින් ගොයම් පාගන විට අතින් අල්ලා ගැනීමට දමන හරස් ලීය අඩුක්කුව - උදෑසන ආහාරය
කැපුම් ඉස්සර - ගොයම් කපනවිට එක්වරකට ඉදිරියට යන කොටස
පිංචිලියදි - කුඩා ලියදි
මහාමේරු - බුලත් වර්ගයක්
පනාපතුරු - පොළොස්
ඉරල්ලන් කොටනවා - පුරන් වූ කෙතේ ජලයට යට නොවූ කොටස් කුඩාවට කෙටීම
කරල් අල්ලනවා - නැකතට ගොයම් කැපීමයි
සීරු කිරිම - කමතේ දී වී මැනීමයි
මුරුංගා බද්දේ - මුරුගා ගසට බුලත් වැල බද්ධ කිරීම
කොටු පලතුරු - කොරටුවල වැවෙන පලතුරු
කහමේරු -බුලත් වර්ගයක්
බුලත් පලුකට -- බුලත් වැලේ හටගන්නා මුල්
ඉස් බුලත් -ඉතා හොඳ බුලත්
ඇස් කොළය - බුලත් අතට ඉස්සරලාම තියන කොළය
නියගලා ලියලීම - නියගලා අලය ලියලීම / දළුලෑම
හීනටි කනටි - හීනටි වී වර්ගය වපුරන කනටි
මුල්කළුවර අවපස උදාවී දෙදිනකට පසු එළඹෙන දින
ඉනාල - ඉන්නල
තවං බෝග - තවන් කර හිටුවන බෝග
බෝ චක්කරේ - බෝග වර්ග වවන රටාව / පිළිවෙළ
තාපාත්ති - තවාන් පාත්ති
ගැඩැලි පස් - ගැඩවිලි පස්
පෝරු උදැල්ල - තලය පළල් උදැල්ල
හා පුරා / හා හා පුරා - පළමු වරට / යමක් මුල්වරට ආරම්භ කිරීම
 
    
Comments
Post a Comment