gossiplanka image 1
 

හඳුන්ගල


මහවැලි ගඟබඩ සීමාවේ තමා මේ ගම පිහිටලා තියෙන්නේ. වැඩේ කියන්නේ මේ ගඟ පිහිටි සාවියේ හරිහමන් සිද්ධි වෙනවලුනේ. ඕං එහෙම එක් සිද්ධියක් හින්දාලු මේ ගමට මෙහෙම නමක් පටබැඳුණා කියලා අපේ ඇත්තෝ කවුරුත් කියන්නේ. කාරණේ මෙහෙමයි. ඔය මහවැලි ගඟබඩ තිබ්බා එක්තරා ගෙපැලක්. ඒ ගෙපැලේ අම්මා - වගේ ම ඒ ඇත්තගේ දූ දරුවන් රස්සා වුණා. දරුවෝ දැඩි මිනි වෙලා වැඩිමල් දෝණිට දුවෙක් ලැබුණා. ඒ දුව බලා ගන්න එක නම් සැත්කර මුත්තාටවත් බැරි වුණා. එහෙම කිව්වේ මේ දරුවා අඬන්ඩ තියා ගත්තොත් අඬනවා! අඬනව! අඬනවා! නිනව්වක් නෑ ඇඩිල්ලට. දාහක් හඳ ඇති රැයක මේ ගෙදර ඇත්තන්ට කේන්ති ගියා.දරුවා ඇඬිල්ල නවත්තන්නේ නැති හින්දා එළියට දාලා දොර වැහුවා. ඩිංග වේලාවකින් දරුවාගේ ඇඬිල්ල නෑ. බැලුවා දොර ඇරලා දරුවා නෑ පේන්ට. ඕං එවිට ගෙදර ඇත්තන් අඬන්ට ගත්තා. විලාප තිය තියා. එවිට එහා පැත්තේ කන්දේ ඉඳලා හඬක් ආවා. “මං ඉරුගල් බණ්ඩාර දෙයියෝ - ඔය ගෙදර ළමයා නෙමෙයි දැන් කියලා. එදා හිටන් කන්දේ සිටින ඉරුගල් බණ්ඩාර දෙයියන්ට දේවාලයක් හදලා හඳුන් උරිච්චි කරලා දෙයියන් සනසන්ට වුණා. මේ සාවියට හඳුන් උරච්චි කරලා හඳුන් දියරෙන් දෙවියන් පුදන්ට වෙන ම ගලක් තිබ්බා. ඕං එතැන් හිතං ඒ පළාතේ ඇත්තන් කවුරුත් හඳුන් ගාන ගලට හඳුල කියලා කියන්ට ගත්තා. එහෙමයි හඳුල ගමට නමක් පටබැඳුණේ.



රන්මුදාවළ


කිව්වහම ආයේ, අපේ බුද්ධදාස මහරජතුමා උන්නානේ. උන්නැහේ තරම් වෙදකමට දස්ස රජෙක් අප්පා! , බුද්ධදාස මහරජතුමා පාරක් තොටක යනවා කියන්ට කෝ විපරම හැම නිතර ම ඒ අද්දර තියෙන ඖෂධ ගැනයි. මොකද වෙදකමට දක්ස වගේමයි මේ බුද්ධදාස රජතුමා වට්ටෝරු ඖෂධ හිඳිල්ලටත් මහා රුසියා. කියන්නේ බේත් තෙල් ජාති හිඳිනවා අවුරුදු ගණන් පෙරුම් පුරලා. ඖෂධ හොයලා. මොකද රාජකීය මැති ඇමැත්තන් මේ බෙහෙත් හෙවිල්ලට යොදා ගත්තේ නෑ. හේතුව තමා වන ඖෂධ හොයලා නිතර ම හිඳින්නේ රහස් බේත් තෙල්, හැබැයි එහෙම කළේ රටේ මිනිස්සුන්ගේ සුභසිද්ධිය අරමුණු කරගෙනයි. මෙහෙම දොහක් අපේ බුද්ධදාස රජතුමා මං ඇවිදින අතරේ මහා දුර්ලභ වන ඖෂධ වගයක් තැනක තියෙනවා දැක්කා.  ආව ගමනක් අමතකයි, ඒ වන ඖෂධ හොයා බලන්ට ගත්තා. මේ ඖෂධ ලේසි පාසු ඒවා නොවෙයිලු මහා බලගතු වන ඖෂධ කියලා තමා කියන්නේ. ඔන්න ඉතිං, ඒ ඖෂධ පැළෑටි ටික උගුල්ලා ගත්තා බුද්ධදාස මහරජතුමා. පසුව ඒ අසල තිබ්බ දිය කඩිත්තෙන් මේ වන ඖෂධ හේදුවා. ඒ අතරේ බුද්ධදාස රජතුමාගේ රන් මුද්ද දියකඩිත්තේ වළකට වැටුණා. ආං එතනට රන්මුද්දාවළ  කියලා මිනිසුන් බැහැර කරන්න ගත්තා. ඕං, එතැන් හිතං ඒ සාවියට කවුරුත් කියන්ට ගත්තා රන්මුද්දාවළ කියලා ඕං.



රහන්තොට


අපේ වළගම්බා මහ රජතුමා උන්නානේ. උන්නැහේ වැඩිමනත් රජකම් කළේ වනාන්තරවල කැලෑ සටන් කරන ගමන්. මොකද ඒ තරමට ම කැලෑ හටන් තිබේ දේශීය වශයෙන් මෙන් ම විදේශීය වශයෙන් ද සතුරු සේනා උන්නු හින්දයි. ඒ අතර ම වළගම්බා රජතුමා මහරජකමට පත් වුණාට පසුව මිනිසුන්ගේ ආගම වූ බුද්ධාගම නගා සිටුවන්ට පුදුම තරම් වැඩ කොටසක් කළා. කිව්වහම ආයේ, දන්නවාද මහරහතන් වහස්ලා මාතලේන්ට එකතු කරලා ධර්ම සංගායනාවක් කළා. පිරිසිදු බුදු දහම ඉදිරියට ඒ හැටියට ම පවතින්නට ඕන හින්දා. ධර්මය ඒ කිව්වේ නිර්මල ධර්මය ග්‍රන්ථාරූඪ කළා. මේ කටයුත්ත ලේසි පාසු වුණේ නෑ. ඇයිද කියන්නේ මහරතන් වහන්සේලා පමණයි වඩම්මවා ගත්තේ. නිර්මල බුදු දහම පිළිසිඳ දැන සිටියේ මහරතන් වහන්සේලායි. මේ හැටියට මහරහතන් වහන්සේලා මාතලේ අළුවිහාරයට රැස් වුණා. වළගම්බා මහරජතුමා රහතන් වහන්සේලාට උවමනා ඇප උපස්ථානාදිය කළා. ඔය කාලයේ දින ගණනාවක් ම රහතන් වහන්සේලා අළුවිහාරයේ වැඩ හිඳගෙන නිර්මල බුදු දහම තල්පත්වල පිටපත් කළා. මෙහෙම ධම ලේඛනය කිරීමට පැමිණි මහරතන් වහන්සේලා එක ම පැන් තොටකින් නා කියා ගත්තා. පැන් සනහාගත් මේ තොටට නිතරම රහතන් වහන්සේලා ආවා හින්දා ඒ පළාතේ ඇත්තන් අපූරු නමක් පැන්තොටට යෙදුවා.

රහතන්වහන්සේලා පින්පහසුවට යොදාගත් ස්ථානය රහතන් තොට වුණා. ඒත් රහතන්වහන්සේලා නාගා ගත් ස්ථානය රහතන් තොට වුණා. ඒත් ඕං ඒක දැන් බැවැහැර වෙන්නේ රහන්තොට යනුවෙනුයි.



මාරස්සන


 

ඔය කියන රජ්ජුරුවෝ උඩරට රාජ්‍ය කරන කාලේ එක එක අරියාදු තිබ්බා. විසේසයෙන්, ඉංගිරිසින් මාන බලමින් උන්නේ හුදෙකලාව රාසිං රජ්ජුරුවෝ අල්ලා ගන්ට. ඒකට නොයෙක් විදියේ උප්පරවැට්ටි දැම්මා. වැඩේ කියන්නේ දාහක් රාසිං රජු ගියා හඟුරන්කෙත මාලිගාවට. ඒ ඔත්තුව රහසින් ගියා. ඕ තනියං යනවා කියලා. සුන්දෝ පිටුපසින් පන්නන්නට ගත්තා. රජ්ජුරුවෝ එක පැල්පතකට රිංගා ගත්තා. රජතුමාට සුදා ගින්දර හින්දා ආහාර ඉල්ලා හිටියා. මේ යෝධබල මිනිහා හිගන්නෙක් නෙමේ කියලා අර ගෙදර ගෑනි දැක්ක ගමන් හිතුවා. පස්සෙ පහු ඔන්න සේරක්කලේ තියලා ආහාර දුන්නා. ඒක දැකලා ගෙදර මිනිහ කුල හොවා, රජු වහ වහා පලා ගියා. මං ඒ මිනිහයි ඒ ගමේ උදවියයි රජු පස්සෙන් පන්නන්න ගත්තා. දැන් නම් වැඩේ අතටම අහුවෙනවා කියලා හිතපු රජු වහ වහා දුව ගියා. ගිහිං ගිහිං එක්තරා පැල්පතකට වැටුණා. ඒ පැල්පතේ හිටියේ මහලු අම්මෙක්. ඒ අම්මා උයලා පිහලා කෑම දීලා රජු බලාගත්තා. හැබැයි රජු බව දන්නේ නෑ. රජතුමා දිවි ගලවා ගත්තා. ඒ ගම පුරාම ඉංගිරිසි හේවායොයි අර කලින් කෑම දුන්නු ගමේ උදවියයි හැමතැනම හොයලා බැලුවා. මේ දුගී පැලේ රජෙක් ඉඳියි කියලා හිතුවේ නෑ. පහුවදා රාජ පුරුෂයන් එවලා හිටන් රජතුමා අර මහලු අම්මා ගෙන්නලා ගම්වර පිදුවා - තමුගේ දිවිරැකොට. ඊයේ මා ආරස්සා කළ ගම මීට පහු තමන්ට කියලා රජතුමා ඒ මහලු මවට ගම්වරය පිළිගැන්නුවා. මා ආරස්සා කළ යන්න ඩිංග ඩිංග බැහැර වුණේ ඕ මාරස්සන හැටියටයි.



 අංපිටිය



ඔය ඒ කාලේ අපේ ඇත්තේ කවුරුත් ම පාහේ ජීවත් වුණේ ගොයිතැන් බත් කරලා. ඒ අතරේ හරකා බාන බලා හදා ගත්තා. කාලෙකට හරකුන්ගෙන් වැඩ ගන්නවා. නැති කාලෙට ලිහලා අරිනවා. එකෝ වන පෙතට යවනවා. ආයේ ම අල්ලා ගන්න ඕන වුණේ හාන පෝරුගාන කාලයටයි. මං ඒ ගමට නම හැදිච සාවියේ හරක් බලාගන්ට විසාල පිට්ටනියක් තිබ්බා. මේ විල්ලුවක් වාගේ. මේ කතාවේ නායකයාට උන්නා මහා විසාල හරක් පට්ටියක්. මේ හරක් බලා හදා ගෙන ඒ පිට්ටනියේ තමයි මේ මනුස්සයා උන්නේ. හරක් තණකොළ කන විඩාක්කළේ වෙන කරන්නට දෙයකුත් නෑ. හරියට නිකම් කම්මැළිකමටයි ඉන්නේ. මේ මිනිහා කළේ. හරක් අං අරගෙන ඒ කිව්වේ තණ කන පිට්ටනියෙ අං වැටිලා තියෙනවානේ. ඒවා අරගෙන මං එක එක වි චූණ කැටයම් කපනවා. මේකට ඉණේ තිබ්බ පිහියයි හරක් අගයි විතරයි ඕන වුණේ. කාලයක් යද්දි මේ හාදයා හොඳ හරක් අං කැටයම් කපනෙකු බවට පත් වුණා. මිනිහාගේ කැටයම් දස්සකම් හැමතැනම පතළ වුණා. අපේ දෙවන රාජසිංහ රජ් ජුරුවෝ දිනක් ගම්බිම් සංවාර යේ යද්දී මේ හරක් තණ කවන  පිට්ටනියටත් ආවා. ඒ ආ විටක අර හරක් අං කැටයම්කාරයා ලස්සනට කැටයම් කළ අං ජෝඩුවක් රජතුමාට බාර කළා. රජු මේ අං කැටයම දැකලා පුදුම තරම් සතුටු වුණා. ඒක කළේ තමා දැයි අහලා සතුටු වෙන අතර, මේ අං ජෝඩුව මට තෑගි කල මා සතුටට පත් කළාට මෙතැන් සිට මේ පිටිය තමාට ගම්වරයක් කරලා දෙනවා කීවා. රජුට අං දුන්න නිසා හම්බ වෙච්චි පිටිය එතැන් සිට නිකම් ම බැහැර වුණේ අංපිටිය කියලයි. හැබැයි මේ අංපිටිය තියෙන්නේ මහනුවර සාවියේ ඕං.