කළුතර
ඔය කළුගඟ මූදට වැටෙන සාවියේ ඒ කාලේ නමක් තිබ්බේ නෑ. අවට හාත්පස මහා වන දහන. හැබැයි ඒ මැදින් කළුගඟ ගලා ගියා. කළුගඟෙන් එගොඩ මෙගොඩ වුණේ පාරුවලින්. ඔය වංගියේ කළුගඟ මුදට වැටෙන සාවියේ පන්සලක් තිබ්බා. ගඟ දෑලේ පිහිටි මේ පංසල හරි ම සිරියාවන්තයි. පැත්තකින් මූද - තව පැත්තකින් කළුගඟ බලන්ට ආසා හිතෙන පරිසරේ. ඔය කැලේ ඕ පන්සලේ වැඩ වාසය කළේ තරබාරු උන්නාන්සේ නමක්. මේ උන්නාන්සේ ඩිංගිත්තක් මිටි යි. මේ මිටිකම හින්දා තරමකට කැපිලා පෙනුණා. ඒ වගේ ම යි කා අතරත් හිත දිනාගත්ත උන්නාන්සේ නමක්. බණ දහම යහමින් කියා හදා දුන්නා. ඒ හින්දා ම මේ උන්නාන්සේ කා අතරත් ප්‍රසිද්ධ වුණේ ‘තර උන්නාන්සේ කියලා. වැඩේ කියන්නේ පන්සල අද්දරින් වැටෙන කළුගඟ නිසා කාලයක් යද්දිත් කළුගඟ අසල තර උන්නාන්සේගේ පංසල කියලා කියන්ට ගත්තා. කළුගඟ යන්න ඒ කෙටි වුණා කටට පාඩුවට, ඒක කළු වුණා උන්නාන්සේට කියන ‘තරකොටහා ඊට ඇඳුණා. ඕං එතැන් හිටන් පන්සල කළුතර පන්සල වුණාලු නේ. දැන් ඒ පළාතටම කියන්නේ කළුතර කියලයි.
කදිරාගොඩ
ඔය අපේ මංගර දෙයියො ඉන්නවානේ. මංගර දෙයියෝ තමයි හරක් පට්ටි ටික බාරව ඉන්න දෙයියෝ. ගොපල්ලා කියලත් පෙළක් පළාත්වල උදවිය කියනවා. මංගර දෙවියන් කොයි තැනට ගියත් ඒ එක්කලා ම මංගර දේව වාහනයත් ගියා. ඒ කදිරා කියන ගවයා. කදිරා හරිම තේජවන්ත ගවයෙක්. ඒ වගේමයි. ගවයන්ට පිහිටලා තියෙන සියලු ම අංග කදිරාට පිහිටලා තිබ්බා. අපේ ගංවල ඇත්තෝ ඔය හැම නිතර ම කියන්නේ එළවිස්ස කියලා. ඒ සතාගේ දේහලක්ෂණ විස්සක් ටකෙටම පිහිටලා තියෙන කොටනේ. කදිරා එක්ක යන මංගර දෙවියන්ගේ අණටත් කදිරා කීකරුයි.
ඔන්න එක්තරා දවසක මේ කදිරා එක්කලා මංගර දෙයියෝ ගියා ගමනක්. ඒ මහා නුගගහක් අද්දරින් යන විට නුගගහට එපිටහින් නෙලුම් විල නම් වැවක් තිබ්බා. මංගර දෙයියෝ ඒ වැවෙන් එගොඩට වෙලා බලද්දි කදිරා නෑ. කදිරා තාමත් දිය යටට වෙලා ඉන්නවා. ඒ පාර මංගර දෙයියෝ මහ හඬින් කදිරා ගොඩට - කදිරා ගොඩට කියලා කිවා. එහෙම මංගර දෙයියෝ කදිරා ගොඩට කියපු ඉස්සව ඕං පස්සෙන් පහු කදිරාගොඩ වුණා නොවැ.
අලගල්ල
කිව්වත් වූයේ නැන්දම්මා - ලෙලි හම්බ වෙන එක ආරලු බුරුලු ඇතිව කියන්ට ඕනැ යැ. ඒකට - හැබැයි මේ කියන්ට යන නැන්දම්මා - අතරත් ඕං විරසකයක් තිබ්බා. ඒකට මොකද නැන්දම්මාට සැලකුවා. මොකද දන්නවාද ඒ දීගෙට ඇවිත් උන්නු ගමගෙදර උන්නේ එක පුතයි. ඒ මේ නැන්දම්මාගේ පුතණ්ඩියා. අම්මා පුතා හරි ලීලෙන් උන්නේ. ඒත් එක්කලා ම, ගොයිතැන්බත් කරපු මේ පුතණ්ඩියාට යම් පමණක වත්ත පිටිය තිබ්බා. ඒ දේපළ හින්දා හොඳ හැටි කාලා බීලා සන්තොස්සෙන් ඉන්ට මේ ලෙලිට හැකි වුණා. ලේලිට පැවරිලා තිබ්බේ එක රාජකාරියයි. දන්නවැයි තුන්වේලම නැන්දම්මාට බත් බුලත් ටික ළඟට දෙන්ට ඕනෑ. ඕං දොහක් තැම්බුවා බතල. බතල කිව්වහම ආයේ ලේළියට ඊට වඩා දෙයක් ඕනෑ නෑ. ඒ තරමට මේ යෝදි බතලවලට කෑදරයි. දැන් බතල ඉදිලා. ගේ පුරහාම බතල සුවඳේ බෑ. කටට කෙළත් උනනවා. නැන්දම්මා ආවා කුස්සියට - කෝ කොහි තියෙන බතලයක්ද? ඇහුවා ලේළි සැරවැරවෙලා. එදා දවාලට නැන්දම්මා බඩගින්නේ. ලේලිය බඩ පුරා බතල කෑවා. කාලා ඉතිරි කොටහා තිබ්බා නාගෙන ඇවිත් කොටාබාන්ට හිතාගෙන. නැන්දම්මා සුදාගින්නේ නින්දට වැටුණා. ඔන්න නා කියාගෙන ඇවිත් පටන් ගත්තා ලේළි ඉතිරි බතල මඩක්කුව ගිල දාන්ට. කොහේ - බතල අල ඔක්කොම ගල් ගෙඩි වෙලා. බතල අල ගල් වුණ හින්දා - ඒවාට අල ගල් කියලා කිව්වා. අල ගල් වුණු ඒ සාවියට ඕං ඊට පහු අලගල්ල කියන්ට වුණා නොවැ.
හිඳුරන්ගල
ආයේ පොච්චියේ ඒ කාලේ තිබ්බා යැ ඒ ගමට නමක්. ගමට නමක් විතර යැ ඒ සාවියට හරියට ගෙයක් දොරක්වත් තිබ්බේ නෑ. ඕ පස්සෙ පහු ඒ සාවියත් ජනාවාස වුණා. සරුසාර පළාත ඇස්වහක් කටවහක් නෑ. දියකඳුරුවලින් දියවැල් බේරෙනවා. ඒ
සාවියේ තිබ්බ ගලක්. හේ ගල තරමක් විශාලයි. ඒ ගල හන්දා ඒ පළාතම එළිය වුණා කියලා තමයි කව්රුත් කියා හිටියේ. දැන් ඕං, සේනාව ඇවිල්ලා ගල පාමුල සාවිය එළි පෙහෙළි කරලා වගාවල් පටන් ගත්තා. හප්පායි - බලන්ට දුකේ බෑ. ගල හන්දා හරි ම සිරියාවයි. අවට කෙත්වතු සාරෙට හැදුණා. කියන්ට බැරි වුණා න්නේ මේ ගල පිහිටා තිබ්බේ හරි පංකාදු පිළිවෙළටයි. ඈතින් බලන කාටත් - ආසාව හිතෙනවා.ගල තරමක් උසයි - ඒ උස් ගල් තලේ ඉහත්තාව - නැතිනම් ගල මුදුන හරි ම ලස්සනයි නොවැ. එක යායට ඒ ගල මතුපිට තැත්තක් පිහිටලා තිබ්බා. බෙර ඇහැක් වාගේ සිරියාවයි. මතුපිට එක ම තැනිතලාව. මේ පිහිටි දැකුම්කලු රටාව හින්දා ඒ ගල මත්තේ තැන්නට කවුරුත් ආසා කළා. වැඩේ කියන්නේ ඒ ගලාවේ කිඳුරු ජෝඩුවකගේ රූපයක් කොටලා තිබ්බා. මං මේ කාරණාව මුල් කරගෙන ඒ ගලට මිනිස්සු කියන්ට ගත්තා කිඳුරුගල කියලා. ඒක බැහැර වුණේ කිඳුරංගල කියලා. පස්සෙ පහු ඒක හිඳුරංගල වුණා කියලා ආරංචි.
Comments
Post a Comment