
අපේ අතීතයේ සිටම පුද පූජා සඳහා පහන් දැල්වීම සංස්කෘතිය හා බැඳුණු උතුම් වූ ලක්ෂණයක් ලෙස අඛණ්ඩව පැවත එන්නකි. එකල ආදීවාසීන්ද ඔවුන් භක්තියෙන් ඇදහූ දෙවියන් උදෙසා පහන් දැල්වූයේ හුදෙක්ම ආරක්ෂාව මෙන්ම ආශිර්වාදය ද අපේක්ෂාවෙනි. විවිධ වූ ආකාරයෙන් පහන් පූජා පවත්වන විධි විවිධ වූ සමාජ ස්ථරයන්හි ගොඩනැගී තිබුණද වර්තමාන සමාජයේ කිසිදු අවබෝධයකින් තොරව එය සිදු කරන අයුරු දැකිය හැකිය. පිළිවෙත සහ පිළිවෙළ නොදැන පහන් දැල්වීමෙන් තමන් අපේක්ෂා නොකරන බලවේගයන් ළගා කරගන්නා බව බොහෝ අය නොදන්නා කරුණකි. මේ පහන්සිල පිළිගැනීමට දෙවියන් හැර තවත් අදෘෂ්‍යමාන බලවේග බලා සිටින බව දන්නේ සුළුතරයකි.
නොදැනුවත්කම මෙන්ම විවිධ මිථ්‍යා මත හරහාද අදෘශ්‍යමාන බලවේගයන් සමග ගණුදෙනු කිරීම, නිවසට අනවශ්‍ය බලපෑම් තමන් විසින්ම ළගාකර ගැනීමක් බව අවබෝධ කරගත යුතුය. අප දෙවියන් අදහන්නේ දැඩි භක්තියකින් විය හැකිය. එසේම දේවාශිර්වාදය අපේක්ෂාවෙන් නොකඩවා පහන් පූජා පවත්වන ජනතාවද මෙරට බොහෝය. පුදබිම්, දේවාල, කෝවිල් වැනි දෙවියන් වැඩසිටින පූජනීය ස්ථාන මෙන්ම පෞද්ගලිකවද දෙවියන් අදහමින් පහන් තබා පුද පූජා පැවැත්වීම ලක්දිව ප්‍රබල ශාන්ති කර්මයක් සේ පිළිගැනෙන නමුත් ඒ සදහා නියමිත විධික්රම බොහෝ දෙනා නොදන්නා බව පෙනේ. ශිව, විෂ්ණු, කතරගම ස්කන්ධ, සමන්, ගණපති, දැඩිමුණ්ඩ, විභීෂණේ, පත්තිනි, ගම්භාර හෙවත් සිද්ධ සූනියම්, මහාකාලි වැනි ප්‍රධාන වූ දෙවි දේවතාවන් මෙන්ම වෙනත් ප්‍රාදේශීය දෙවි දේවතාවුන්ද නොවඳින මිනිසුන් මෙරට නැති තරම්ය.සාමාන්‍ය ජනතාව පමණක් නොව ආරක්ෂාව සඳහා භූත . විද්‍යාධාරීන් ද භාවිත කරනු ලබන පහන් දැල්වීමේදී ඒ ඒ බලවේගයන් පහනට අරක් ගන්නා හෝ පහන පිළිගන්නා, භාර ගන්නා 9 සත්‍ය වූ සේම එම පහන් දැල්වීමේදී එක් එක් දෙවිවරුන්ට විවිධ ආකාරයෙන් පිළිවෙත් ඇති බව ජනතාව අවබෝධ කරගත යුතුය නමුත් භක්තිමතුන් නොදන්නා විශේෂිත වූ කරුණක් ඇත.එනම් එම පහන් දැල්වීමට යෙදුණු ස්ථානය කොතැනකද යන්නයි අපට නොපෙනෙන අදෘෂ්‍යමාන බලවේග කොතරම් අප අවම සිටී දැයි ගණනය කළ නොහැකිය. මිථ්‍යාවට එරෙහි වූ නූතන ගවේෂණාත්මක සාහිත්‍ය සම්ප්‍රදායන් ඇති කිරීමට උත්සාහ කරන සමහරුන් පවසන පරිදි පොදු මිනිස් චින්තාවලීන් හා සෘජු ලෙසට බද්ධ වූ සංස්කෘතික ආරෝපණයන් අධි විශ්වාසයන් ලෙස නිර්මාණය වී භූත ප්‍රේත ලෙස ජනප්‍රිය වී ඇති බවය.
නමුත් විවිධ නිර්වචන නිර්මාණය කිරීමට බොහෝ දෙනා උත්සාහ දරන්නේ බටහිර සංස්කෘතියෙන් අහුලාගත් වචන කිහිපයක් ද සමගිනි. (Autising) ඔටිසම්, ස්වච්ඡන්දතා ආබාධය. ලෙඩ රෝග නාමයක් හදුන්වා දී ඒ හරහා සජීවී මිනිසා විසින්ම මෙසේ භූත ප්‍රේත සිදුවීම් නිර්මාණය කරවන බව ඔවුහු පෙන්වා දෙති. නමුත් ලොවේ ප්‍රධානතම පුරවැසි වාසස්ථානය වන ඇමෙරිකාවේ ධවල මන්දිරයේද එවන් විශේෂිත බලවේගයන් ඇති බව පිළිගෙන තිබීම ඔවුන්ට අභියෝගයක් වී ඇත. මෙසේ අපට නොපෙනෙන බලවේග හැමවිටම බලාසිටින්නේ තමන්ට සුදුසු දුර්ගන්ධයක් පුළුටු සුවඳක්, අපිරිසිදු මුල්ලක් හමුවන තුරුය. යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ ලෙස වර්ගීකරණයට ලක්වී ඇති මේ බලවේග නිවැසියන්ගේ මියගිය ඥාතීන් හෝ සමීපතමයින් විය හැකිය. එසේම නොහදුනනා අයවලුන්ද විය හැකිය. මේ මියගිය ආත්මයන් තම ඊළඟ ආත්මය ලබාගැනීමට අවශ්‍ය කුසල් නොමැති වීම හේතුවෙන් ගන්ධබ්බ අවධිය පසුකරන්නේ කුසල් අපේක්ෂාවෙනි. මේ ආකාරයට එම ආත්මයන් තන්මාත්‍රමය සූක්ෂම ශරිර ඇත්තන් ලෙස බිහිවී ඇත. ඒ ඒ අයගේ කර්මවලට අනුව විවිධ හැකියාවන් සහ දුර්වලතා ඇතිව විවිධාකාරයෙන් සැරිසරති. සමහර විට දින කිහිපයක් හෝ වසර දහස් ගණනක් ද හෝ විය හැකිය. ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ ලෙස පොළොවෙන් ඉහළත්, බූමාටු බලවේගයක් ලෙස පොළොව මට්ටමේ, අන්ධ තන්මානුමය ශරිර ඇත්තන් ලෙස පොළොව යටත් සැගවී සිටින අතර විශ්වයේද ගැවසෙන බලවේග සිටිති. කොයි මොහොතක හෝ නිවසක තෙල් පහනක් දැවෙන තෙක් බලා සිටින මොවුන් ක්ෂණිකව පහනට අරක් ගනී. නමුත් බුදුන් වහන්සේට දල්වන පහනට සමීප නොවේ. බුදුන් වහන්සේට තබන පහන පවා මෙරට බොහෝ ජනතාව දැනුම්වත්කමින් තොරව සිදුකරන බව පැහැදිලිව පෙනෙන කරුණකි. ආරක්ෂාවට ලෙඩ දුක්වලට පුද පූජා පවත්වමින් නිවස තුළ දෙවියන්ට තබන පහන ඉවත් කළ යුතුය. මේ සංකල්පනා ජනතාව අතරට යා යුතුය. එසේ නොවුණහොත් නිමක් නැතිව නිවස තුළ ට ඇදගන්නා අමනුෂ්‍ය බලවේගයන් අප පාලනය කිරීමට පටන් ඇත. නිවස තුළ දෙවියන්ට පහන තියන්න එපා. එය භාර ගන්නේ අමනුෂ්‍යයන්ය. පහනේ දැල්ලේ තෙල් සුවඳත්, පුළුටු සුවඳත් ආහාරයට ගනිමින් ඔවුන් නිවැසියන්ට දැඩි සේ සමීප වන බව කිසිවකුට හෝ දැනෙන්නේ නැත. දුර්වල මනසක් ඇති අයකු නිවසේ සිටී නම් එම තැනැත්තා ලවා බොහෝ දේ කිරීමට පවා එම බලවේග ක්‍රියාත්මක වනු ඇත. මේ කිසිවක් නොපෙනෙන දේ නිසා එය පිළිගැනීමට මැළිවන අය බොහෝය. යම් විටෙක පහන තැබීමට ප්‍රමාද හෝ නොහැකි වුවහොත් විවිධ බලපෑම් කිරීමට, එසේ නොමැති නම් සතුරු වීමට පවා අමනුෂ්‍යයෝ පෙළඹෙති. නින්දේදී බිය වැද්දීම, මියගිය ඥාතියා පෙනීම, විවිධ ශබ්ද ඇති කිරිමට මේ අද්භූත බලවේග පසුබට වන්නේ නැත. එසේ නම් පහන තබන්නේ කෙසේද කොතැනද යන්න පැන නගින ගැටලුවකි. ආරක්ෂාව සහ ආශිර්වාදය ලබා ගැනීමට දෙවියන් උදෙසා පහන තැබිය යුතු සුදුසු තැන වන්නේ නිවසේ මිදුලයි. නිවසේ ප්‍රධාන උළුවන්සේ සිට අඩි 10 ක් වමට පියවර තබා නැවත අඩි තුනක් දකුණට ගොස් නවතින ස්ථානය පහන තැබීමට සුදුසුම ස්ථානයයි. තමන්ගේ නොවන ඉදිරි ඉඩමේ වැසිකිළි වැනි අපවිත්‍ර ස්ථාන අසල තිබේ නම් එය නොපෙනෙන නොදැනෙන ආකාරයට අවට ආවරණය කරගත යුතුය. ඉතා පිරිසිදු තැනක් ලෙස එම ස්ථානය පිළියෙල කරගත යුතුයි. එක් කණුවක් පමණක් පොළොවට සිටුවා අව් වැසිවලින් අවහිර නොවන සේ ගොඩනගා ගත යුතුයි. දෙවියන් වෙනුවෙන් ගොඩනගන මේ පුංචි දේව මන්දිරය සකස් කර ගැනීමේදී වර්ණ තිර යොදා අලංකාර කරගත යුතුය. පත්තිනි දේව මෑණියන් උදෙසා කහ වර්ණ තිර, කතරගම දෙවියන් උදෙසා රතු වර්ණ තිර, විෂ්ණු දෙවියන් උදෙසා නිල් වර්ණ තිර, සූනියම් දෙවියන් උදෙසා සුදු වර්ණ තිර යොදාගැනීම අත්‍යාවශ්‍ය වේ. පහන නිසි පරිදි නියමිත වේලාවට තැබිය යුතුය. සාමාන්‍යයෙන් සුදුසුම වේලාව වන්නේ සවස 5.30 පමණ වනවිටය. නමුත් අපහසුතාවයකදී පහන තැබීමට නොහැකි වීම වරදක් නොවන බවද දැනගත යුතුය. මේ අනුව ඇසට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගයන් කුසල් පුරවාගැනීම සඳහා නිවස තුළ හෝ අවට සැරිසැරීම හෝ සැගවී සිටීම නොදන්නා නිවැසියන් තමන්ටම දෝෂ ඇති කර ගනිති. නිවස තුළ තබන අක්‍රමවත් පහන තමන් වෙනුවෙන් යැයි සිතා මේ අමනුෂ්‍යයින් එය භාරගනිමින් නිවසට ඇතුල් වීම වළක්වාගත හැකි වන්නේ නිවසින් බාහිරව ක්‍රමවත්ව පහන තැබීමෙනි. ක්රමානුකූල වූ වත්පිළිවෙත් අනුව පහන් තැබීමට නොහැකි නම් තම නිවෙස් ඉදිරියේ හෝ පමණක් නොව වෙනත් තැනෙක හෝ පහන් තබා පුද පූජා නොපැවැත්විය යුතුය. ඒ අය දෙවියන් පිළිබඳ විශ්වාසය සිතෙහි පමණක් තබාගැනීම ප්‍රමාණවත් බව මතක තබාගත යුතුය.
Comments
Post a Comment