
රවි අපලයට : ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රතු නෙළුම්, ඕළු, මානෙල් ආදී මල් 72 ක් පුජා කිරීම, උල්පැණි සහිත කිරිපිඬු පූජාවක් පැවැත්වීම.
සඳු අපලයට : සුදු නෙළුම්, සමන් පිච්ච ආදි රාත්‍රියේදී පිපෙන මල් සහිතව සඳුදා දිනවල සුදු වතින් සැරසී බෝධි පූජා කිරීම.
කුජ අපලයට : රතු නෙළුම්, රත්මල් සහිතව අඟහරුවාදා දිනවල බෝධි පූජා පැවැත්වීම.
බුධ අපලයට : නිල් මානෙල් සහ නිල් වර්ණ මල් සහිතව උතුරු දිශාව බලා එළඟිතෙල්, අබ තෙල් කොහොඹ තෙල් පහන් 17 ක් දල්වා බෝධි පූජා පැවැත්වීම.
ගුරු අපලයට : කහවණ මල් සහිතව බෝධි පූජා පැවැත්වීම, ගිතෙල් මිශ්‍ර කිරිබත් ත්‍රිවිධ බෝධියට පූජා කිරීම.
ශුක්‍ර අපලයට :නැගෙනහිර දිශාව බලා සුවඳ මල් සහිතව සුදු හඳුන් එළඟිතෙල් මිශ්‍ර කර කිරිබත් පූජාවක් සමග බෝධි පූජා පැවැත්වීම.
ශනි අපලයට : එළඟිතෙල්, අබ තෙල්, තල තෙල් පහන් 3 බැගින් ද රතු නිල්, සුදු, මල් සහිතව බෝධි පූජා පැවැත්වීම.
රාහු අපලයට : නාගරුවක් සහිත බුද්ධ රූපයක් ඇති බෝධියක දී වැටකේ මල්, නිල් වර්ණ මල් සමග එළඟිතෙල් පස් තෙල් පහන් 18 ක් දල්ව බෝධි පූජා පැවැත්වීම.
කේතු අපලයට : පස්තෙල් පහන් 7 ක් දල්වා නෙළුම් මල්, නිල්, රතු වර්ණ මල් සහිතව බෝධි පූජා පැවත්වීම.
Comments
Post a Comment