
යමෙකුගේ අල්ලෙහි සම, ඇගිලි, රේඛා සහ නිය රතු පැහැයෙන් හෝ සුදු මිශ්‍ර වූ රතු පැහැයෙන් යුක්ත වී ද හෙතෙම ධන ධාන්යදිය හිමි කර ගැන්මේ වාසනා ගුණයෙන් යුක්ත වූ අයෙකු වේ. ක්ෂණිකව කෝප වන්නා වූ ද, බලවන්ත වූ ද හෙතෙම ජීවිතය සැප සම්පතින් යුතුව ගත කරන්නෙකු වේ. මොළයේ ආබාධ ඇතිවිය හැකි වේ. යමෙකුගේ අත්ල සුදු පැහැයෙන් යුක්ත වූයේ නම් සගවන රහස් සහිත වූ ද සමාජයෙන් ඈත්ව සිටීමට නිරන්තරයෙන්ම උත්සාහ දරන්නා වූ ද, බොහෝ අනාගත සිහින දකින්නා වූ ද, එහෙත් උත්සාහ නොදරන්නා වූ ද හීන වූ වාසනා ගුණයෙන් යුක්ත වූ ද අයෙකු වේ.යමෙකුන්ගේ අත්ල රෝස පැහැයෙන් යුක්ත වූයේ ද හෙතෙම යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතු වූ ද සන්සුන් සිතුවිලි සහිත වූ ද සොඳුරු අනාගත බලාපොරොත්තු සහිත වූ ද ඒ සඳහා ඇප කැප වෙමින් උත්සාහ දරන්නා වූ ද ප්‍රසන්න මෘදු ගුණයෙන් යුක්ත වූ ද කරුණාවන්ත වූ. ද සතුටින් කල්ගෙවන්නා වූ ද වාසනාවන්ත වූ ද අයෙකු වේ.යමෙකුගේ අත්ල අඳුරු වර්ණයෙන් යුක්ත වේ නම් හෙතෙම පටු කල්පනා ශක්තියකින් යුක්ත වූ ද බිඳ වැටුණු බලාපොරොත්තු සහිත වූ ද අන්‍යයන් කෙරේ ඊර්ෂ්‍යා සහගත සිත් ඇත්තා වූ ද මායමින් අන්‍යයන් රවටන්නා වූ ද වාසනා ගුණයෙන් මඳ වූ ද අයෙකු වේ.යමෙකුගේ අත්ල නිල් පැහැයකින් යුක්ත වූයේ නම් හෙතෙම වස්තු විනාශ කරගන්නා වූ ද අන්‍යයන් මුසාවෙන් රවටන්නා වූ ද මත්ද්‍රව්‍ය නිසා බොහෝ අයසට පත්වන්නා වූ ද අයෙකු වේ.යමෙකුගේ අත්ල කළු පැහැයෙන් යුක්ත වූයේ නම් අතිශයින්ම ආත්මාර්ථකාමී වූ ද උප්පරවැට්ටි සහිත වූ ද අනාගතයේ අසීමිත දියුණුවක් ලබතැයි සිහින මවන්නා වූ ද මුසා බස් තෙපලන්නා වූ ද තමා තුළ ඇති යම් හැකියාවක් වෙත් ද ඒ සියල්ලම අයහපතට යොදවන්නා වූ ද දුරු කටයුතු අයෙකු වේ. යමෙකුගේ අත්ල කසාවන් පැහැයට හුරුව ඇත්තේ වී නම් ඉක්මනින් කිපෙන සුළු වූ ද බොහෝ රහස් ඇත්තා වූ ද රාගාධික පැවතුම් ඇත්තා වූ ද නිතර එවන් සිතුවිලිවලින් යුක්ත වූ ද අයෙකු වේ. යමෙකුගේ අත්ල තද කහපාටින් යුක්ත වූයේ නම් හෙතෙම පිත්තාධික ශරීරයක් ඇත්තා වූ ද අන්‍යයන්ගේ සතුට නොඉවසන්නා වූ ද කාමුක සහ අශෝභන සිතුවිලිවලින් යුක්ත වූ ද අනුන් විනාශ කොට උසස් වන්නට සැලසුම් සකස් කරන්නා වූ ද අන්‍යයන්ට නිබඳවම උගුල් අටවන්නට උත්සාහ ගන්නා වූ ද නිතර දුම්බර ලෙස කල් ගත කරන්නා වූ ද අයෙකු වේ. එසේම දියුණු වීමට කොතෙක් උත්සාහ කළ ද වාසනා ගුණ රහිත වූ අයෙකි. පාණි තලය හෙවත් අල්ලෙහි වර්ණ පිළිබඳව භාරතීය හස්ත රේඛා විද්‍යා නියමයන් අනුව දක්වන ඵලා ඵල මෙසේ වන්නේය. මෙම වර්ණ හදුනා ගැනීම මනා නිරීක්ෂණයකින් කළ යුතු වන්නේය.
Comments
Post a Comment