
පියවර 1: ලියාපදිංචි හිමිකරු විසින් හි එම් 8 ආකෘති ඉල්ලුම්පත්‍ර ලබාගත යුතුය. මේවා පහත දැක්වෙන කාර්යාල වෙතින් ලබාගත හැක.
කොළඹ ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)
අදාළ දිස්ත්‍රික් කාර්යාල (සාමාන්‍ය සේවා)
පියවර 2: ලියාපදිංචි හිමිකරු විසින් නිසි පරිදි සම්පුර්ණ කර ඇති එම් 6 හි ඒ හා ඒ1 ආකෘති ලඟ රඳවාගත යුතුය.
පියවර 3: ලියාපදිංචි හිමිකරු විසින් නව හිමිකරු වෙත එම් 6 හි බී 1 හා බී1 ආකෘතීන් ද එම් 8 හි සී හා සී1 ආකෘතීන් ද භාරදිය යුතුය.
පියවර 4: ලියාපදිංචි හිමිකරු විසින් එම් 6 හි ෆෝම් ඒ ආකෘති පත්‍රය මෝටර් රථ වාහන කොමසාරිස් වෙත ලියාපදිංචි කළ තැපෑලෙන් එවීම හෝ අතින් භාර දීම කළ යුතු අතර එම් එහි ඒ1 ආකෘති පත්‍රය තමා ලඟ රඳවා ගත යුතුය.
පියවර 5: නව හිමිකරු විසින් බැකුව වෙත ලියාපදිංචි ගාස්තු ගෙවා වවුචරය ලබාගත යුතුය.
පියවර 6 නව හිමිකරු විසින් ගෙවීම් වවුචරය එම් 6 හි බී ආකෘතිය සහ එම් 8 හි සම්පූර්ණ කරන ලද සී ආකෘතිය හා සියලු සම්බන්ධිත
ලියවිලි මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව වෙත භාර දිය යුතුය.
පියවර 7 නව හිමිකරු විසින් CMT 52 කුවිතාන්සි ආකෘතිය ලබාගත යුතුය.
පියවර 8 නව හිමිකරු විසින් එම් 6 හි බී1 ආකෘතිය හා එම් 8 හි සී1 ආකෘතිය තමා ලඟ රඳවාගත යුතුය.
පියවර 9 අදාළ ලියවිලි නිවැරදි බවට තහවුරු වූ විට දෙපාර්තමේන්තුව විසින් පැවරීම කරනු ලැබූ ලියාපදිංචි සහතිකය නිකුත් කරනු ලැබේ.
සටහන: නව හිමිකරු විසින් ඉදිරිපත් කරනු ලැබූ අදාළ ලියවිලි සදොස් ඒවා යයි දැනගත් විට දී පැවරුම සඳහා ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. නව හිමිකරු විසින් සියලු ලියවිලි නැවත ඉදිරිපත් කළ යුතුය.සියලුම අදාළ සනාථ කරන ලියවිලි සතුව පවත්නා කවරකු වුවද මෙම සේවාව ලබා ගැනීම සඳහා සුදුසු වේ. බොහෝවිටදී අත්සන් හා පෙර ලියාපදිංචියට අදාළ ලියවිලි නිරවද්‍ය විය යුතුය. සියලුම ඉල්ලුම් පත්‍ර පැවරුම් අංශයෙහි අතිරේක කොමසාරිස් වෙත යොමු කළ යුතුය.
අතිරේක කොමසාරිස්,
මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව, (වාහන පැවරුම්)
තැ:පෙ: 533, 581-341,
ඇල්විටිගල මාවත,
කොළඹ 05.
සටහන: ලියාපදිංචි කළ වාහනයක හිමිකරු මිය ගිය විට, මිය ගිය හිමිකරු පිළිබඳ දැන්වීම - එම් 5 මෝටර් රථ වාහන කොමසාරිස් වෙත එවිය යුතුය. පවරනු ලැබූ ලියාපදිංචි සහතිකය සදාකල්ම වලංගු වේ. එහෙත් බර වාහන පිළිබඳව නම් එය වලංගුව පවතින්නේ අවුරුදු 3ක් පමණකි.
පැවරුම සඳහා අදාළ ඉල්ලුම් පත්‍රය නොමිලයේ ලබාගත හැක. පැවරුම් ගාස්තු මෙසේය:
වාහනයේ ස්වභාවය සාමාන්‍ය ප්‍රමුබතා
මෝටර් රථ,ද්වි කාර්ය වාහන,
මෝටර් ලොරි, බස් රථ සහ
ගොඩබිම් වාහන රු. 950.00 රු. 900.00
ට්‍රැක්ටර් ටේලර්, ත්‍රීරෝද රථ රු. 400.00 රු. 900.00
මෝටර් බයිසිකල් රු. 200.00 රු. 400.00
අධිභාරය
1. ලියාපදිංචි සහතිකයෙහි යම් වෙනස්වීමක් ඇතුළත් කිරීමට තිබේ නම් ඒ සඳහා රු.150.00ක් ගෙවා, වවුචරය නව
ලියාපදිංචි කිරිමේ කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය.
2. හිමිකරු හට අංක තහඩුව සඳහා කිසියම් නිශ්චිත අංකයක් ය 1 (තමා කැමති) අවශ්‍ය නම්, රු.7500.00ක අමතර ගෙවීමක් යලිය නව ලියාපදිංචි කිරීම් කවුන්ටරය වෙත ගෙවා එම අංක තහඩුව ලබාගැනීම සඳහා එකී ගෙවීම් වවුචරය ද ඉදිරිපත් කළ යුතුය.
3. මෝටර් රථයක් ලියාපදිංචි කළ දින සිට අවුරුදු 7ක කාල පරිච්ඡේදයක් තුළදී එකී රථය පළමුවරට පවරන විටදී
රු.3000.00ක විශේෂ පැවරුම් (විකුණුම්) බද්දක් ගෙවීය යුතුය.
අවශ්‍ය සනාථ කරන ලියවිලි
1. හිමිකම් වෙනස්වීම පිළිබඳ ප්‍රකාශය. එම් 6 සහ එම් 8 දරණ ඉල්ලුම් පත්‍රය.
2. පැවරුම්වාභියාගේ සෙ.මි.3.5x2.5 ප්‍රමාණයෙහි ඡායාරූප දෙකක්, ඉන් එක පිටපතක් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි/සාමදාන විනිශ්චයකාරවිධායක නිලධාරි යන අයකු විසින් සහතික කළ යුතුය.
3. පැවරුම් වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය හා එහි ඡායා පිටපතක්, භාවිතා නොකරන බවට දැන්වීමක් කර ඇත්නම් බලපත්‍ර නිකුත් කරන අධිකාරිය විසින් නිකුත් කරන ලද සහතිකයක්.
4. ශ්‍රී බද්ද ගෙවා ඇති බවට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සහතිකය. (1ශ්‍රී සිට 15ශ්‍රී කාර් සහ 31ශ්‍රී. 32ශ්‍රී වාහන සඳහා පමණකි)
5. වාහන ලියාපදිංචි සහතිකය.
6. උකසක් / නිත්‍ය හිමිකමක් / බද්දක් ලියාපදිංචි කර ඇත්නම් එය අවලංගු කිරිම සඳහා අදාළ ආයතනයෙන් ලිපියක්. ලියාපදිංචි හිමිකරු හෝ නව හිමිකරු සීමිත වගකීම් සහිත සමාගමක් නම් ආකෘතියෙහි අත්සන් තැබිය යුත්තේ නිළ මුද්‍රාවද තබයි. නිළ මුද්‍රාව නොමැති නම් එය සනාථ කිරිම සඳහා සමාගමෙහි ලිපි ශීර්ෂ සහිත ලිපියක්. ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ සහතිකය. (ජායා පිටපතක් සමග)
7. වාහනය හ හවූල් ව්‍යාපාරයකට අයිති නම් අනෙකුත් හවූල්කරුවන්ගේ අනුමතය සහිත ලිපියක් සහ ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ සහතිකය. (ඡායා පිටපතක් සමග)
8. ලියාපදිංචි සහතිකයෙහි අවශ්‍ය සාදක අඩංගුවේ නම් අදාළ ආයතනය විසින් නිකුත් කරන ලද අනුමත කිරීමේ ලිපියක් පෙර ලියාපදිංචිය අවලංගු කිරිමට අවශ්‍ය වේ.
9. ආනයන කරුවන් රේගු ගාස්තු වලින් නිදහස්ව ආනයනය කර ඇත්නම් රේගු ගාස්තු ගෙවූ බවට ලදු පතක් වාහනය සඳහා කිසිදු විරුද්දත්වයක් නොමැති බවට අදාළ ආයතනය විසින් සහතික කරන ලද ලිපියක
10. ඩීසල් මෝටර් වාහන සඳහා (මෝටර් කාර් හා ඕ කාර්යය වාහන) ඩීසල් බද්ද සුබෝපභෝගී බද්දට අදාළ කුවිතාන්සි හා එහි ඡායා පිටපත්. අතිරේක කොමසාරිස් වාහන පැවරුම් 011-2692996
අතිරේක කොමසාරිස්, වාහන පැවරුම් (සාමාන්‍ය) 011-2675027
සහකාර කොමසාරිස්, වාහන පැවරුම් (එක් දින) 011-2692996
Comments
Post a Comment