
අලුත් මොටර්රථයක් ලියාපදිංචි කිරිමේ ක්‍රියාවලිය මෙසේය.
පියවර 1: අයදුම්කරුවන් පහත සඳහන් ස්ථානයන් ගෙන් එකක් වෙතින් ද ඉල්ලුම්පත්‍ර එම් 3 (M'TA 3) ලබාගන්න.
කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ( ප්‍රමුඛතා සේවා)
අදාළ දිස්ත්‍රික්ක කාර්යාලය (සාමාන්‍ය සේවා)
පියවර 2: ලියාපදිංචි කිරිමේ අංශයේ කොමසාරිස් වෙත යොමුකර ල අයදුම්කරු පහත දැක්වෙන කාර්යාලයක් වෙත සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත්කරන්න.
කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය (ප්‍රමුබතා සේවා)
අදාළ දිස්ත්‍රික් කාර්යාලය (සාමාන්‍ය සේවා)
පියවර 3බැංකුව වෙත ලියාපදිංචි ගාස්තු ගෙවා වවුචරය ලබාගන්න.
පියවර 4: පහත දැක්වෙන ස්ථානයක කවුන්ටරයක් වෙත වවුචරය. ඉදිරිපත් කරන්න.
කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ( ප්‍රමුබතා සේවා)
අදාළ දිස්ත්‍රික්ක කාර්යාලය (සාමාන්‍ය සේවා)
පියවර 5 : රක්ෂණ ඔප්පුව හා මාර්ග බද්ද සඳහා දෙපාර්තමේන්තුව අනුමැතිය නිකුත් කරනු ඇත. එසේ ලබාගන්න.
පියවර 6: මාර්ග බද්ද හා රක්ෂණ ඔප්පුව රක්ෂණ සමාගම වෙතින් ලබාගන්න.
පියවර 7: රක්ෂණ ඔප්පුව හා මාර්ග බද්ධ පහත දැක්වෙන ස්ථානයක් වෙත ඉදිරිපත් කරන්න.
කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය ( ප්‍රමුබතා සේවා)
අදාළ දිස්ත්‍රික්ක කාර්යාලය (සාමාන්‍ය සේවා)
පියවර 8: ඉදිරිපත්කර ඇති ලියකියවිලි වල නිරවද්‍යතාවය දෙපාර්තමේන්තුව පරික්ෂා කර බලයි
පියවර 9: දෙපාර්තමේන්තුව නව ලියාපදිංචි කිරිමේ කවුන්ටරය වෙත ඉල්ලුම් පත්‍රය යවයි.
පියවර 10 : දෙපාර්තමේන්තුව වාහන හැදුනුම් කාඩ් පත නිකුත් කරයි.
පියවර 11: දෙපාර්තමේන්තුව අයදුම්කරු වෙත අංක තහඩු නිකුත්කරයි. අයදුම් කරු විසින් ඉදිරිපත් කර ඇති අයදුම්පත්‍ර දෝෂ සහිත ඒවා බවට සොයාගෙන තිබේ නම් ලියාපදිංචිය සදහා ඉල්ලීම ප්‍රතිකේෂ්ප කරයි. එවැනි අවස්ථාවක අයදුම්කරු විසින් අදාළ සියලුම ලියකියවිලි නැවත ඉදිරිපත් කල යුතුය.
ලියාපදිංචි කළ හැකි අදාළ වාහන මේවාය.
කාර්, ලොරි, මෝටර් කෝව්, ත්‍රිරෝද රථ, ඉඩම් වාහන, යතුරු පැදි ත්‍රී රෝද රථ ආදිය
නිෂ්පාදනය එන්ජින් අංකය චැසි අංකය, වණය, ධාරිතාව. ආසන ධාරිතාව ආදී සියලූ තොරතුරු ඇතුළත් රේගු ලියවිලි මෝටර් වාහනය සදහා ඉරිපත් කළ යුතුය.
සටහන
ඉහත සඳහන් කොන්දේසි සපුරාලීමට අපොහොසත්වන අයදුම්කරුවන් මෙම සේවාව ලබා ගැනීමට නොසුදුස් වේ.අලුත් මෝටර් රථයක් කිසියම් පුද්ගලයෙකු විසින් විකිණීම සඳහා ආනයනය කර ඇත්නම් එය ලියා පදිංචි කිරීම කළ නොහැක. ඔහුට/ඇයට එම වාහනය ලියාපදිංචි කල හැකි වන්නේ එය නොවිකුණුව තිබේනම් හා එය මහා මාර්ගයේ පාවිච්චි නොකරන්නේ නම් පමණි. ඉදිරිපත් කිරිමේ ක්‍රියාවලිය පහත දැක්වෙන පරිදි ලියාපදිංචි කල පුද්ගලයා විසින් සියළු අදාළ ලියකියවිලි සමඟ ඉල්ලුම්පත්‍රය මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි කිරීමේ අංශය වෙත භාරදිය යුතුය. ලියාපදිංචියට අදාළ ගෙවීම් බැංකුව වෙත ගෙවා එම ගෙවීම් වවුචරය ද මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ නව ලියාපදිංචි කිරීමේ අංශය වෙත භාරදිය යුතුය.නව ලියාපදිංචි කිරීමේ අංශය විසින් අනුමැතිය නිකුත් කලාට පසුව රක්ෂණ ඔප්පුව හා මාර්ග බද්ද ලබා ගැනීමට ලියාපදිංචි කරන පුද්ගලයාට හැකි වනු ඇත. මෝටර් රථවාහන දෙපාර්තමේන්තුවෙහි නව ලියාපදිංචි කිරිමේ අංශය මුල් ලියාපදිංචියේ දී වාහන හැඳුනුම්පත නිකුත් කරයි. එය බද්ධ හා රක්ෂණ ඔප්පු ලියැකියවිලි ලබා ගැනීමට පසුව වාහන හැදුනුම් කාඩ්පත නිකුත්කෙරේ. රසය. වාහන හැදුනුම් පත් අංකය භාවිතා කරමින් වාහන අංක තහඩුව ලබාගැනීමට ලියාපදිංචි කරන පුද්ගලයාට හැකි වනු ඇත.
ඉල්ලුම් පත්‍ර ආකෘති
මෝටර් රථවාහන ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් පත්‍ර M'T'A2
මෝටර් රථවාහනයක බර සහතික කිරිමේ ඉල්ලුම් පත්‍රය CMT '130
මෝටර් රථවාහන ලියාපදිංචි කිරිම සඳහා ඉල්ලුම්පත්‍රය (විදේශීය කපටය රටක පාවිච්චි කරන ලද වාහනයක් ආනයනය කර ඇති නම්)
මෝටර් වාහනය පිළිබද කුලී සින්න ගිවිසුමක් පිළීබඳ ප්‍රකාශය
එම් 3 (MT'A 3) (වාහන හිමිකරු වෙනත් අයෙකු වෙත වාහනය කුලියට දී ඇත්නම්.)
බලපත්‍ර නිකුත්කරන නිලධාරියා වෙනස් වීම/ලියාපදිංචි සහතිකයෙහි අනෙකුත් විස්තර වෙනස්වීම CMT 72 (ලියාපදිංචි සහතිකයෙහි බලපත්‍ර නිකුත්කරන නිලධාරියා හා අනෙකුත් විස්තර වෙනස් කිරීමට ඇත්නම්)
ලියාපදිංචි සහතිකයෙහි අනු පිටපතක් ඉල්ලීම CMT65 (ලියාපදිංචි සහතිකය නැති වීම/පලුදුවීම/විනාශ වීම සිදුව ඇත්නම්)
ලියාපදිංචි හිමිකරු මිය යෑම හේතුකරන්ගෙන මෝටර් රථය ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කිරීම (ලියාපදිංචි හිමිකරුගේ ඇවෑමෙන් පසුව ලියාපදිංචිය පැවරීම.)
ක්‍රියාදාම කාලනියමයන්
එක්දින අයදුම්කරු සිය ඉල්ලුම් පත්‍රය හා සනාත කරන ලියකියවිලි නව ලියා පදිංචි කිරීමේ අංශයේ එක් දින කවුන්ටරය වෙත එක් දිනක් තුළ ඉදිරිපත් කරන්නම් ඔහු/ඇය හට සිය වාහන හැදුනුම් කාඩ් පත හා ලියාපදිංචි සහතිකය එම දිනය තුළ දීම ලබාගතහැක.
සටහන
එක්දින ක්‍රියාදාම අයැදුම්කරුවන්ට ඉල්ලුම්පත ඉදිරිපත් කළ දිනයෙහිම ප.ව 3.30 ට පසුව සිය වාහන හැඳුණුම් කාඩ්පත හා ලියාපදිංචි සහතිකය ලබාගත හැක.
සාමාන්‍ය
අයදුම්කරු සිය ඉල්ලුම් පත්‍රය හා සනාත කරන ලියකියවිලි මෝටර් රථ දෙපාර්ථමේන්තුවේ නව ලියාපදිංචි කිරීමේ අංශයේ සාමාන්‍ය කවුන්ටරය වෙත ඉදිරිපත්කල විට වාහන හැදුනුම්පත් කාඩ් පත එවෙලේ ලබාගත හැක. ලියාපදිංචි කල සහතිකය මාස 2ක් ඇතුළත දී තැපැල් මගින් එවනු ලැබේ.
සටහන
සාමාන්‍ය ක්‍රියා දාමය සදහා ඉල්ලුම්පත්‍ර ලියාපදිංචි කල තැපෑල මඟින්ද එවිය හැක. වලංගු කාල නියමයන් වාහන හැඳුණුම් කාඩ්විත එක් අවුරුද්දක් සඳහා වලංගු වේ. ලියාපදිංචි සහතිකය සදාකල් වලංගුය. එහෙත් බර වාහන පිළිබඳව නම් එම ලියාපදිංචිය වලංගු වන්නේ අවුරුදු 3 ක කාලයක් සඳහා පමණකි.
සේවාවන්ට අදාළ මිළ ගණන්
ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම සඳහා කිසිදු ගාස්තුවක් ගෙවීය යුතු නොවේ
ලියාපදිංචි කිරිමේ ගාස්තු
වාහනයේ ස්වභාවය සාමාන්‍ය ප්‍රමුබතා (එක් දින)
මෝටර් රථයක් රු. 3550.00 රු. 4250.00
ද්වි කාර්ය වාහනය රු. 3350.00 රු. 4050.00
මෝටර් ලොරි රු. 3350.00 රු. 4050.00
බස් රථ රු. 1950 රු. 4050.00
වාහනයේ ස්වභාවය සාමාන්‍ය ප්‍රමුබතා (එක් දින)
ගොඩබිම් වාහන රු. 2050.00
ට්‍රැක්ටර් ට්‍රේලර් රු. 2075.00
ත්‍රීරෝද රථ රු. 1400.00 රු. 2175.00
මෝටර් බයිසිකල් රු. 1475.00
වෙනත් අයකිරීම්
කාරණය අය කරන ගාස්තුව ලියාපදිංචි සහතිකයේ විස්තර සංශෝධනය
ලියාපදිංචි සහතිකයෙ විස්තර සංශෝධනය රු. 100.00
ලියාපදිංචි සහතිකයෙහි අනුපිටපතක් ලබා ගැනීමට රු.150.00
තාවකාලික හිමිකරුවෙකු ලියාපදිංචි කිරීම රු. 100.00
වාහනයක් අපනයනය කිරීම සඳහා අවසරය රු. 100.00
කොන්දොස්තරවරුන් සඳහා බලපත්‍ර නිකුත් කිරිම රු. 100.00
නිත්‍ය හිමිකම ලියාපදිංචි කිරීම (පළමුවර) රු. 700.00
නිත්‍ය හිමිකම් ලියාපදිංචි කිරීම (දෙවන වර) රු. 350.00
නිත්‍ය හිමිකම අවලංගු කිරිම රු. 150.00
උකසක් ලියාපදිංචි කිරීම රු. 100.00
උකසක් අවලංගු කිරීම රු. 100.00
බර පිළිබඳ සහතික නිකුත් කිරිම
මෝටර් බයිසිකල් රු.75.00
වෙනත් රු.250.00
සටහන
ඉහත සඳහන් ගාස්තුවලට පරික්ෂණ ගාස්තුද ඇතුළත් වේ. ඉහත දැක්වෙන ගාස්තු බැංකුවක් වෙත ගෙවා, එම බැංකු ගෙවීමේ වවුචරය ද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය.
අධිභාර :
ලියාපදිංචි සහතිකයෙහි කිසියම් වෙනසක් කිරීමට තිබේ නම් රු.150.00ක මුදලක් ගෙවා, එම වවුචරය ද නව ලියාපදිංචි කිරිමේ කවුන්ටරය වෙත ඉදිරිපත් කළ යුතුය.හිමිකරුට කිසියම් නිශ්චිත අංකයක් (ඔහු කැමති) අංක තහඩුව සඳහා අවශ්‍ය වේ නම්, ඒ සඳහා රු.7500.00 ක මුදලක් නව ලියාපදිංචි කිරිම් කවුන්ටරයෙහිදී ගෙවා අංක තහඩුව ලබා ගැනීම සඳහා එම වවුචරය ද ඉදිරිපත් කළ යුතුය.
අවශ්‍ය සනාථ කරන ලියවිලි
1. හිමිකරුගේ 2x2 1/2 ප්‍රමාණයේ ඡායාරූප 2ක්, ඉන් එකක පිටුපස ග්‍රාම නිලධාරි හෝ ආනයනකරු විසින් සටහන් යෙදිය යුතුය.
හිමිකරු පෞද්ගලිකවම ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන්නේ නම්, සිය හැඳුනුම්පත අධීක්ෂණ නිලධාරි වෙත ඉදිරිපත් කළ පසු ඔහු විසින් ජායාරූපය පිටුපස අවශ්‍ය සටහන් තබනු ඇත.
2. හිමිකරුගේ හැඳුනුම්පතෙහි/රියැදුරු බලපත්‍රයෙහි/ පාස්පෝට් බලපත්‍රයෙහි ඡායා පිටපතක්.
3.රේගු නිශ්කාෂණ ලියවිලි.
4. රේගු බදු ගෙවීමට අදාළ කුවිතාන්සියෙහි මුල් පිටපත.
5. අලුත්ම වාහනයක් පිළිබඳව නම් අදාළ ඉවොයිස් පත්‍රය..
6. පාවිච්චි කළ වාහනයක් නම් විදේශීය ලියාපදිංචි සහතිකය. (ඉංග්‍රීසි අනුවාදය සමග) ආනයන බලපත්‍රයක් යටතේ වාහනය ආනයනය කර ඇත් නම්, එම ආනයන බලපත්‍රය නව ලියාපදිංචිය සමග නිත්‍ය හිමිකම් ලියාපදිංචිය සඳහා එම් 3 ආකෘති පත්‍රය. රේගුව හෝ ආරක්ෂක හමුදා විසින් පවත්වනු ලැබූ වෙන්දේසියකදී මිලට වාහනයක් නම් අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ලද ලිපිය හා ගෙවීම් කුවිතාන්සි.
7. මෝටර් රථ වාහන පරික්ෂකයකු විසින් නිකුත් කරන ලද පරික්ෂණ සහතිකයක් : CMT 75 (මෝටර් සයිකල් සම්බන්ධව, බර සහතිකය වෙනුවට මෝටර් රථ වාහන පරීක්ෂක විසින් බැසිය හා එන්ජින් අංක පරීක්ෂාකර බලා සහතික කරනු ඇත.)
විශේෂ අවස්ථා
1. විදේශ රටවල පුරවැසියන්ගේ අංක තහඩු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අංක තහඩු හා වෙනස් වේ.
2. සුනාමි රළ පහර හේතු කොටගෙන සිය ලියාපදිංචි සහතික නැති වූ / පලුදු වූ පුද්ගලයන් වෙත මාස 3 කට වලංගු
ලියාපදිංචි සහතික අනුපිටපත් නිකුත් කෙරේ.
ආයතනයේ තොරතුරු
නියෝජ්‍ය කොමසාරිස්, නව ලියාපදිංචි කිරීම් අංශය 011-2692994
සහකාර කොමසාරිස් නව ලියාපදිංචි කිරීම් අංශය 011-5363592
මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව
අංක 581-341, ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට,කොළඹ 05
දුරකථන : 011-2698717
ෆැක්ස් අං 011-2694338
විද්‍යුත් තැපෑල e.dmts@sltnet.lk
වෙබ් අඩවිය: www.motortraffic.gov.lk ය.
Comments
Post a Comment