 
අලකලු - බතල පාත්ති
ගෙට වෙනවා -කොටහලු වෙනවා
තොරොම්බල් කාරයා - මණිබඩු වෙළෙන්දා
අරුමෝසම් බඩු - විසිතුරු මෙවලම්
නැතිවෙනවා -මිය යනවා
ගියපයින් - විගසින් / කඩිනමින්
උවන්දිරම් - විස්තර වගතුග / තොරතුරු
මනස්ගත -පැටලිලි සහිත කථා
පොට්ටකළුවර -තද ගනඳුර
දෙමේ කොටනවා - කුඹුරේ දෙවන වර කෙටීම
පෙරංගානවා -එළවළු ජාති සුද්ද කරනවා
පුළුබෝදන-කැවුම්
හෙරලි - කොස්
හිමිඩ - කොස් මදුලේ ඇටයේ වටා ඇති
පොත්ත / සිඹිඩ්ඩ
රේන්දරාල රා මද්දවන තැනැත්තා
අතුර- මදින විට ගස් දෙකක් අතර ලණු බැඳ රා මදින්නා ගමන් කිරීම
පා කොළය -අතුරේ දී පය තබන කඹය
අත් කොළය-අතුරේ දී අතින් අල්ලන කඹය
කිරිපිහිය -රබර් ගස්වල කිරි කපන පිහිය
කිරි කට්ටිය- අයකුට දිනකට කිරිකැපිය හැකි ප්රමාණයේ ගස් කට්ටිය
කිරි අකුළනවා -රබර් කිරි පොල් කටුවෙන් එකතු කිරීම
ඔට්ටපාලු-රබර් ගසේ වට්ට, පොල්කටුව වට්ට හා රබර් බෝල වටේ බිම
තිබෙන ඉහිරී ගිය රබර් කිරි
පන්දලම- බුලත් මැස්ස
කොවුල් -බුලත් මැස්සට හිටුවන ලී
ඇස් කොළය -බුලත් ගොන්නට මුලින්ම තබන කොළය
පා වක්කඩ - වැඩිවතුර බැසීම සඳහා පමණක් වක්කඩට උඩින් නියරේ මතුපිටින් තාවකාලික තනන වක්කඩ
හැල් කුඹුරු- මඩකුඹුරු / වැඩියෙන් එරෙන කුඹුරු
ගොප් බැඳීම - වගාවට පෙර පුළුක්ගොබයක් පොල්ගසක බැඳ බාරවීම කරල් ඇල්ලීම - නැකතට ගොයම් කැපීම
මුත්තාකණුව - කමත මැද අම්බරුවන් බැඳිමට සිටුවන කණුව (කම්බොකණුව)
පිරිවැස්ස - පොල්කොළවලින් වියන තාවකාලික රවුම් මල්ලක්
කොඹු පිරිවැස්ස - මෙය කොළ පාගන කමතේ අම්බරුවන්ගේ හොම්බට දමන විට ගොයම් කෑමට නොහැකිවෙයි.
සීරුකිරීම - කමතේ වී රාහි කිරිම
සබුක්කුව- බැටන් පොල්ල
හතීලංකාවත් -ඉබාගාතේ ඇවිදීම
 
    
Comments
Post a Comment