
විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම
ඔනෑම විදේශීය රටකට යාම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් හෙවත් පාපෝට්කක් ලබාගැනීම අනිවාර්ය වෙයි. ඔබ පරම්පරාවෙන් හෝ ලියාපදිංචියෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නම් ඔබට ශ්‍රී ලංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත හැකිය. සාමාන්‍යයෙන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සති දෙකක් පමණ ගතවෙයි. හදිසි ගමනක් සඳහා කඩිනමින් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍ය නම් එක් දින සේවාව මගින් එය ඉටු කර ගත හැකිය. එක්දින සේවාව ලබා දෙන්නේ ප්‍රධාන කාර්යාලයෙන් පමණය. දැනට නිකුත්කරනු ලබන N කාණ්ඩයේ ගමන් බලපත්‍රයක් අන්‍ය ආකාරයකින් දක්වා නැත්නම් අවුරුදු 10කට වලංගුවෙයි. එහෙත් අවුරුදු 16ට අඩු ළමුන් සඳහා වන ගමන් බලපත්‍රයක වලංගු කාලය අවුරුදු 03කි. හදිසි සහතික අවුරුදු දෙකකට වලංගු අතර තවත් අවුරුදු දෙකකට දීර්ඝ කර ගත හැකිය.
ඉල්ලුම්පත්‍ර
ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වූ අයදුම්පත් පහත දැක්වෙන ස්ථානවලින් ලබා ගත හැකිය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්
මහනුවර, මාතර සහ වනියාව ප්‍රාදේශීය කාර්යාල මගින්
ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්
එමෙන්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් අයදුම්පත්‍රයක් භාගත කර මුද්‍රණය කර ගැනීම ද කළ හැකිය. ඔබේ ගමන් බලපත් අයදුම්පත දැන් කලින් මෙන් බලයලත් නිලධාරියෙකු ලවා සහතික කර ගැනීමට අවශ්‍ය නැත. සම්පූර්ණ කරන ලද අයදුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයකට බාර දිය හැකිය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ බත්තරමුල්ලේ සුහුරුපායේ ය. එහි පළමු මහලේ විශේෂිත රටවල් සඳහා වූ අංශයත්, 2වැනි මහලේ සියලුම රටවල් සඳහා වූ අංශයත් පිහිටා ඇත.
සාමාන්‍ය සේවා මෙන්ම හදිසි සේවා සඳහා වන ඉල්ලුම්පත් පැය 08:30 සිට 13:30 දක්වා බාර ගනී.
ඉදිරිපත් කළ යුතු ලේඛන
සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
(ඔබ සතුව කලින් ලබාගත් ගමන් බලපත්‍රයක් ඇත්නම් එය සහ එහි ජීව දත්ත අඩංගු පිටුවේ ඡායාරූපයක්)
ගමන් බලත්‍රය සඳහා අවශ්‍ය ඡායාරූප ලබාගෙන ඇති බවට , අදාළ ඡායාරූපශාලාව මගින් ලබාදුන් ලදුපත
ඉල්ලුම්කරුගේ උත්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්
විවාහයෙන් පසුව වෙනස් කර ඇති නම සහතික කිරීමට අවශ්‍ය නම් විවාහ සහතිකයේ මුල් පිටපතක් සහ එහි ඡායා පිටපතක් අවශ්‍ය නම් ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්
ලබාගතහැකි ගමන් බලපත්‍ර වර්ග
සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර
රාජකාරි ගමන් බලපත්‍ර
ආසියාවේ සහ මැදපෙරදිග නියමිත රවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර (මැදපෙරදිග රටවලට සහ ඇතැම් දකුණු ආසියානු රටවලට පමණක් ගමන් කිරීමට බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන්ට මෙම ගමන් බලපත්‍රය ලබා ගත හැකිය. අදාළ විශේෂිත රටවල් වෙන්නේ ඉන්දියාව. රෝලය. බංගලිදේශය, පකිස්ථානය, මාලදිවයින් ජනරජය, ඉරානය, ඉරාකය, ලෙබනනය, සිරියාව, ජෝර්දානය, සෞදි අරාබිය, අරාබි එක්සත් රාජ්‍යය, ඕමානය, කුවේටය, කටාර්, බහරේන්, යේමනය.
ඉන්දියාවට සහ නේපාලයට බෞද්ධ වන්දනා ගමන් සඳහා පමණක් වලංගු හදිසි සහතික
ගමන් බලපත්‍ර සැකසුම් ගාස්තු
සාමාන්‍ය ගමන් බලපත්‍ර සාමාන්‍ය පදනමින් රු. 3,000.00
හදිසි පදනමින් රු. 10,000.00
අවුරුදු 16ට අඩුනම් - සාමාන්‍ය පදනමින් රු. 2,000.00
හදිසි පදනමින් රු. 5,000.00
විශේෂිත රටවල්: සාමාන්‍ය පදනමින් රු. 1,000.00
හදිසි පදනමින් රු. 2,500.00
හදිසි සහතිකයක් (EC) රු. 500.00
හදිසි පදනමින් ලබා ගත නොහැකිය
ගමන් බලපත‍්‍රයක් ඉටු වීම හෝ සොරාගත් විට
ඔබේ විදේශ ගමන් බලපත්‍රය නැති වූ හෝ සොරාගත් අවස්ථාවක නිසි බලධාරින්ට දැනුම්දීම ඔබගේ වගකීමකි. එසේ නොවන අවස්ථාවක එය උපයෝගී කරගෙන කිසියම් නීති විරෝධී කටයුත්තක් සඳහා යොදාගෙන ඇති අවස්ථාවක වරදක් කිරීමට අනුබලදීමේ හෝ සහය දැක්වීමේ චෝදනාවට ඔබ ලක්විය හැකිය. ගමන් බලපත්‍රය නැතිවෙන හෝ සොරාගන්නා අවස්ථාවේ ඔබ ශ්‍රී ලංකාවේ සිටියේ නම් හැකි ඉක්මනින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 011 532 9502 දුරකථන අංකයට හෝ 011 532 9501 ෆැක්ස් අංකයට දැනුම් දෙන්න. එය සාමාන්‍ය රාජකාරි වේලාව තුළ කළ හැකිය. අප එමෙන්ම මේ පිළිබඳව ඔබ සිටින ප්‍රදේශයේ පොලිස් ස්ථානය ද හැකි ඉක්මනින් පැමිණිලි කළ යුතු වෙයි. එවිට එම පොලිස් ස්ථානය ඔබේ පැමිණිල්ල පිළිබඳ විස්තර ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම්වත් කරනවා ඇත.
එසේ දැනුම්දීමෙන් අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ඔබේ එම විදේශ ගමන් බලපත්‍රය අවලංගු කිරිමට කටයුතු කරනවා ඇත. එසේ අවංගු කිරීමෙන් පසුව එම විදේශ ගමන් බලපත්‍රය මගින් විදේශ ගතවීමට කළ නෙැහැකිය. එවැනි ගමන් බලපත්‍ර පිළිබඳ තොරතුරු ලෝකය පුරාම ස්වයංක්‍රීයව බෙදාහැරෙන බැවින් අනිසි ආකාරයකට භාවිතා කළ නොහැකිය. එබැවින් එසේ පැමිණිලි කිරීමෙන් පසුව ඔබට ඔබේ ගමන් බලපත්‍රය නැවත හමුවුව ද එය භාවිතා කිරිමෙන් වලකින්න.
විදේශ ගමන් බලපත්‍රය නැතිවෙන අවස්ථාවේ ඔබ විදේශයක සිටින්නේ නම් ඔබ සිටින ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිලි කර ඒ පිළිබඳව පොලිස් වාර්තාවක් ලබා ගන්න. http://www.immigration.gov.lk/web/images/stories/pdf/form/sltd/complaint _form%20 stolen and_lost_sri%20lankan_passport.pdf යන ලිංක් එකෙන් පැමිණිලි කිරීමේ අයදුම්පතක් ලබා ගන්න. http://www.immigration.gov.lk/ වෙබ් සයිට් එකට ගොස් එහි Downloads/භාගත ටැබ් එකට යාමෙන් ද එම අයදුම්පත සොයා ගත හැකිය. පුරවන ලද අයදුම්පත්‍රය ලඟම පිහිටි ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න. එවිට එම තානාපති කාර්යාලය මගින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ඒ බව දැනුම්දීමෙන් පසුව ඇති වූ ගමන් බලපත්‍රය අවංගු කිරීමට කටයුතු කරනවා ඇත. වලංගු ගමන් බලපත්‍රයක් නැති වූ හෝ සොරකම් කළ විට නැවත ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී රු. 10,00.00ක දඩ මුදලක් අයකරනු ලබයි.
යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ තාවකාලික ගමන් ලේඛන
යන්ත්‍රයෙන් කියැවිය නොහැකි ගමන් බලපත්‍ර සහ තාවකාලික ගමන් ලේඛන වශයෙන් හඳුන්වන්නේ ගමන් බලපත්‍රයක් නැතිවී හෝ සොරාගෙන ඇති අවස්ථාවක හෝ විදේශයේ සිටියදී කල් ඉකුත්වී ඇති අවස්ථාවක නිකුත්කරනු ලබන බලපත්‍රයකි. ඔබ සිටින රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයෙන් අදාළ සහතිකය ලබා ගත හැකිය. ඔබට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා එවැන්නක් ලබා ගත යුතුය. මෙම බලපත්‍රයක් වලංගු වෙන්නේ එක වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා පමණය.
බාල වයස්කරුවන්
වයස අවුරුදු 16ට අඩු අයදුම්කම්කරුවන් බාල වයස්කරුවෙකු ලෙස සලකනු ලබයි. බාලවයස්කරුවන් අයදුම්පත බාරදීම සඳහා අදාළ කාර්යාලයට පැමිණෙන විට ස්වකීය දෙමාපියන් හෝ නීත්‍යනුකූල භාරකරුවන් සමග පැමිණිය යුතුය. බාලවයස්කරුවන් සඳහා ස ණ කරන ලද අයදුම්පත සමග පහත දැවෙන ලිපිල්ලේඛන ඉදිරිපත් කළ යුතුය.
අයදුම්කරුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක්
ඡායාරූපශාලාවේ ලදුපත
දෙමාපියන්ගේ ගමන් බලපත්‍ර (ඒවායේ දත්ත පිටුවේ හා ළමුන්ගේ විස්තර ඇතුළත් පිටුවේ ඡායා පිටපත්) දෙමව්පියන්ට විදේශ ගමන් බලපත්‍රයක් නොමැති නම් දිවුරුම් ප්‍රකාශයක් සමග ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය.
දෙමවුපියන්ගේ කැමැත්ත ප්‍රකාශ කෙරෙන ලිපියක්
අයදුම් කරන්නේ දරුකමට හදාගත් ළමයෙකු සඳහා නම් පහත දැක්වෙන අමතර ලියකියවිලි අවශ්‍ය වෙයි.
දරුකමට හදාගත්බවට සහතිකයක්
එයට අදාළ උසාවි නියමය
ළමා හිමිකම් හා ළමා ආරක්ෂණ කොමසාරින්ගේ ලිපියක්
ඉහත දැක්වෙන ලේඛනවල මුල් පිටපත් සමග ඡායා පිටපතක් ද ඉදිරිපත් කළ යුතුය. පහත දැක්වෙන විශේෂ අවස්තාවලදී පහත දැවෙන ලේඛන ද ඉදිරිපත් කළ යුතුය.
දරුවා ශ්‍රී ලංකාවෙන් පිටත ඉපදී ඇත්නම් එක් එක් දරුවා සඳහා කොන්සල් කාර්යාලයෙන් ලබාගත් උප්පැන්න සහතිකය සහ පුරවැසිභාවය ලියාපදිංචි කළ සහතිකය.
කලාත්‍රයා ගමන් බලපත්‍රයක් ලබාගෙන නොමැති නම් ඔහුගේ/ ඇයගේ ජාතික හැඳුනුම්පත
කලාත්‍රයා මියගොස් ඇත්නම් මරණ සහතිකය
දෙමාපියන් දික්කසාද වී ඇත්නම් දික්කසාද සහතිකය සහ දරුවාගේ භාරකාරිත්වයට ඇති අයිතිය සඳහන් කරමින් කරන විට දෙන ලද උසාවි නියෝගය
දරුවා දෙමාපියන් විසින් අත්හැර දැමුවෙකු නම් පොලිස් වාර්තවේ සහතික කරන ලද පිටපතක් සහ ප්‍රාදේශීය ලේකම්
Comments
Post a Comment