මාලදෙණිය
අපේ වළගම්බා රජතුමා උන්නානේ. උන්නැහේ වැඩිමනත් රජකම් කළේ මහා වනාන්තරවල. ඒ කිව්වේ සතුරු සේනාවක් පලවා හරින්නට සටන් කළා වන වැදිලා. මෙහෙම වන බිම් වැදිලා සටන් කරන කොට ආයේ මොන රජසැපක් යැ. මදුරුවෝ තළතළා හතුරු හේනාවට වහං වෙලා තමයි ඔය කටයුතු කළේ ඩිං ඔහොම හටන් කරන කොට බිසවුන්නාන්සේ ආවා රජතුමා එක්කලා. ඒ ඇත්තියටත් හටන් ශිල්පය හුරුයි. රජතුමා එක්කලා හටන් බිමට ඇවිත් සහයෝගය දුන්නා. එහෙම කළේ අපේ වළගම්බා රජතුමා නිරතවෙලා උන්නු හටන් සුළුපටු නෑ කියලා දේවින්නාන්සේ හොඳ හැටියට තේරුම් ගෙන සිටි නිසා. මං එක සමයක හටන් තිබ්බෙ සාවියේ හරි අපූරු දියකඳුරක් තිබ්බා. හරි ම සීදේවි දියකඳුරක්. බලන්ට බෑ ලස්සනයි. මෙම දේවින්නාන්සේ වැඩි මනාපයක් දැක්වූවා. හටන් කරලා මාන්සිවෙලා රජතුමා ආ විට මේ දෙණිපෙතේ දිය කඳුරෙන් පැ සනහා ගන්නවා. දොහක් එතැන පැන් සනහා ගෙන ආ දේවිය සමඟ රජ ක්ෂෞවහා පිටත් වුණා. හතුරු සේනා ඈතින් එනවා දැකලා. ඊට පස්සේ දොහක බලන කොට දේවියගේ කරබැඳි රන්මාලය නෑ. ඇහුවා වළගම්බා රජතුමා දේවිය කොහිද කර මාලය කියලා. මාලය දෙණියේ කියලා කියා හිටියා. දැන් ඔය හැටියට මාලය බැරිවෙලා තිබ්බ දෙණියෙන් ආ ඒකට මිනිස්සු කියන්න හුරු වුණා මාලය දෙණියේ කියලා. ඔන්න ඊට පස්සේ දේවියගේ මාලය අමතක වුණු සාවියට මාලදෙණිය කියලා කියන්ට ගත්තා.
මාරඹ
ඔය කෙහෙල් ජාති තියෙනවා නේ. ඒවාට රඹ කියලා කියනවා. රඹකැන් බොහෝ තිබුණු නිසා රඹුක්කන වුණා කියලත් කියන්නේ. ආං ඒ වගේ එක කාලයක ඈ මේ එක සාවියක තිබ්බා රඹ ගස් ඕසෙට. රඹ කියලා කිව්වට - ආයේ ස්වල්ප රඹක් නෙමේ. මහා මහත දෙහෙත රඹ තිබේ. ඒ සාවියේ ඒ තරම් ජනගහනයක් උනෙත් නෑ. මිනිස්සු අඩු නිසා ඒ පළාතේ රඹ කැන් කෑමට වඳුරෝ ලේනු වාගේ වන සතුන්ට අත් ඇරිලා තිබේ. කිව්වහම ආයේ වනපෙතේ සතුන්ට මේවා කාලා අහක් කරන්නට බෑ. ඒ තරම් රඹ තිබ්බා. ඔන්න වැඩේ කියන්නේ එක කාලයක ආවා ඉඩෝරයක්, , ඒ ඉඩෝර කාලයේ, ආටා පිට පළාත්වලින් මිනිස්සු මේ රඹ තිබ්බ සාවියට. ආ ගමන් ඒවා කන්ට තියා ගත්තා. ඊට කලියෙන් ඒ ඇත්තෝ කලබල වුණා. ඇයි ද දන්නවාද? මේ රඹ ආයේ ලේන්සි නෑ. මහා විසාලයි. පොච්චියේ මෙහෙමත් රඹ කියලා කියන්ට ගත්තා. ඔහොම යං, ඒ මිනිස්සු මේ මහත රඹ තිබූ සාවිය මහත රඹ - රඹ කියලා හඳුන්නන්ට ගත්තා. ඕං, ඊට පහු මහරඹ, කියන එක ජන ව්‍යවහාරයට බැහැර වුණේ මාරඹ කියලා. මාරඹ කියන සාවිය අදත් ඕ ඒ පළාතට කියනවා.
බුදුන්වළ
මේ ගමට නම හැදුණෙත් සිං රජ කාලේ වෙච්ච ඇබැද්දියක් හින්දයි. ඒ කාලේ හරි - රජතුමා කව්ද කියලා හරි - හරි හැටි නිච්චියක් නෑ. එහෙත්, රජ කාලේ වෙච්ච ඇබැද්දියක් කියන එකයි ජනවහරේ එන්නේ. වැඩේ කියන්නේ, එක රජ කෙනෙක් හිටියා බෞද්ධ සූසන්ට මහා ආදරෙන් සේවා කරාපු. පන්සල් නගා හිටෙව්වා. ඒවා පිළියම් කළා. බණ පොත් ලියෙව්වා. , ඔහොම ඉන්න කොට මිනිසුන්ට වන්දනා මාන කරන්ට බුදු පිළිම ඉදි කළා. මෙලෙසින් පන්සල්වලට පූජා කළ බුදු පිළිමත් ආයේ නිකම් නිකම් පිළිම නොවෙයි. බොහෝ වේලාවට දඹරන් පිළිම තමා පූජා කළේ.මේ හැටියට දඹරන් පිළිම රජතුමා පූජා කරන්ට ගෙන ගියේ සෙබළුන් ලවා, සෙබළුන් පිළිමයට ආරස්සාවට දුන්නා. එහෙම යන විඩක්කලේ එක ගමක් අසල හොර මුළක් ලැගලා උන්නා. දඹරන් බුදු පිළිම වහන්සේ හොරා ගන්ට. දැන් අර සෙබළුන්ට කරන්න දෙයක් නෑ. කළේ දඹරන් පිළිම වහන්සේ වළකට දැම්මා හොයන්ට බැරිවෙන්ට. එහෙම කරලා පිළිම වහන්සේ ආරක්සා කළා. පසුව හොරමුළ එළවා දමා පිළිම වහන්සේ වළෙන් ගොඩට ගන්නට හෙවා. ඒක ලේසි වුණේ නෑ. කලබලයට වළට පිළිමය දමාපු හන්දා. පිළිමය හොයන්ට වෙහෙස වෙන සෙබළුන් ඇහුවා පිළිමය කෝ කියලා. බුදුන් වළේ කියලා එවිට කටකාරයෙක් කියා හියා. එතැන් පටන් බුදුන් වළේ. බුදුන් වළේ කියලා ඒ පළාතට කිවා. ඒක දැන් “බුදුන්වළ" හැටියටයි කියන්නේ.
පොඩිනාවෙල
හිටියා ගැටයෙක් හේන් - කුඹුරු ගොවිතැන් කරන්න. මේ ගැටයට හිරයක් ගන්ට ඕනෑ වුණා. ඒ කිව්වේ කල වයස හරි ගිය හන්දා බැලුවා - ගොයිතැනට දස්ස වුණාට ඩිගිත්තක් මෝඩ පහේ ඇත්තෙක්. කතා ලතාව මෝඩයි - කල් කිරියාවත් මෝඩයි. මේ මෙ මෝඩ ගතිය හින්දා තමයි පෙළවහත් පරමාද වුණේ. බැරිම තැන එක මාමණ්ඩි කෙනෙක් බින්න කසාදයක් කතා බහ කළා. එතැන උන්නේ එක දැරිවියයි. ඒ ඇත්තිට බරසාරෙට කුඹුරු තිබ්බා. ගේ අද්දර කුඹුරු යායක් තිබ්බා.. ඕං මේ මෝඩ පහේ බෑනා කැටුව ආවා අර මාමණ්ඩි මගුල තීන්දු කරගන්ට. ඒ ඇවිත් හිටන් කතා බහ කරන අතරේ අර සෙනග මැද්දේ පෙන්නා හිටියා බෑනට වෙල. ආ බෑනෝ - මේ බලපං උඹට මේ දැරිවියගේ දෑවැද්දට හිමි වෙන කුඹුරු පොඩ්ඩ කියලා කිව්වා. ඈ මාමේ - බොරු නොකියා හිටහං. ආයේ මෙතන හෙනං, හොඳ කුඹුරු පොඩ්ඩ මට ලැබෙන්නේ - කිවා බෑනා. පොඩි නෑ වෙල - පොඩි නෑ වෙල මාමේ කියලා තවදුරටත් සතුට ඉහවහා ගිහිං කිවව. ඕ ඊට පස්සේ ඒ සාවියට පොඩි නෑවෙල කියලා කිව්වා. දැන් නම් මං ඒ සාවිය පොඩිනාවෙලා කියලයි බැහැර වෙන්නේ.
කොටගම
කිව්වහම ආයේ ඒ කාලෙ මේ පළාතට හරිහමන් නමක් බැහැර වුණේ නෑ ඕ. ඒකට මොකද ඒ පළතේ හැටියට සෙනග උන්නා. ගොයිතැම් බත් කරගෙන තම තමුන්ට පුළුවන් රස්සාවක් කරන්ගෙන මිනිස්සු දැහැමින් ජීවත් වුණා. වැඩේ කියන්නේ, ඒ කාලේ මහ අමුතු මිනිහෙක් මේ පළාතට කඩා වැදුණා. මිනිහා ආවේ ඉන්දියාවෙන්. කළේ ශාස්ත්‍ර කියන රස්සාව. වැඩේ කියන්නේ ඒ මිනිහා කියන කියන ශාස්ත්‍ර ඇත්ත වුණා. පළාතේ මිනිස්සුත් කැමැති වුණා. ඒ හින්දා ඒකට මොකද ඕං කන විට මේ මිනිහට ගෞරව කරන්නට ගත්තා ඒ පළාත් වාසීන්. ඒ හින්දා ඒ මිනිහා නිකම් ම බමුණෙක් බවට පත් වුණා. දිගු රැවුල කරවටකර ඇට මාලය - හරියට සන්නාසියෙක් වාගේ. ඒ වුණාට , කියන්ට බැරි වුණානේ මේ බමුණාගේ එක අතක් කොටයි. පුදුමේ කියන්නේ මේ කොට අතින් තමයි මිනිස්සුන්ට ශාස්ත්‍ර කීම පවා කළේ. ඕං ඒ හින්දා ඩිංග දවසක් ගතවෙද්දි මේ බමුණා පුරසිද්ධ වුණා මෙහෙම. කොට බමුණා ඉන්න ගම කියලා. කොට බමුණා ඉන්න ගම් ඩිංග ඩිංග බැහැර වුණේ මෙහෙමයි. කොට බමුණා ගම වුණා. ඒකත් දිග වැඩියි වාගේ ඒ හින්දා වඩා පාඩුවට මෙහෙම කියනවා. කොට බමුණා යන්නෙහි බමුණා කෑල්ල ගිලිහුණා. එතැන් පටන් ඒ ගම කොටගම බවට පත් වුණා.
Comments
Post a Comment