gossiplanka image 1
 


පැල් ගැහීම - ස්ත්‍රී - පුරුෂ සම්බෝගය

සල්ලංවෙනවාප- විනාශ වෙනවා/ පංච බෙල්ලන් දමන

විට ක්‍රීඩාවට සුදුසු වීම

හාකන්පෙත්තා - හේන් කැපීමට නිසි පිළිවෙත් දන්නා දක්ෂ තරුණයා

හීවඬුවා - සී සෑමේ දක්ෂ තරුණයා

පොත් කිරීම - එක උඩ එක ඇහිරිම

කැති කඳ - කැත්ත, පිහිය බඳු මෙවලම් මුවහත් කරගැනීමට යොදාගන්නා ලීය

කණුමන්ද -හේන් කොටන විට කැපූ ගස්වල ඉතිරි කොටස

මීමිනිතුරේ - හේන් කොටන විට ගස් මැදින් වළහිටින සේ  කැපීම

ගැදැල්ල ගහනවා - ගැදැල්ලකරුවන් හේන් බිමේ තිබෙන රොඩු ඉවත් කිරීම

එල්ලංගාව - එක වැවකින් තව වැවක් පෝෂණය වන වැව් පද්ධතියක්. මෙය වැව් එල්ලංගාව ලෙස ද හැඳින්වෙයි.

පත්තක්කා - කොමඩු

ඇටෑදෑටියා වීම - කරල් පැසීගෙන ඒම

ගෝලුගන්නවා - කේන්ති ගැනීම

ගාල් වෙනවා - සම්බන්ධ වෙනවා / කිට්ටු වෙනවා

පණ ඇරලා ඉන්නේ - ආලවන්තකම / හිතේක්ෂිවන්තකම

මුල්කැටාව  - එක ස්ථානයක් මැදට හිටින ලෙස තබා රවුමට දඬු වැට බැඳ හේන්

කරන ක්‍රමයක්.

වාම්පතුල් - හේන් කොටන විට කටු ඇණීම වළකා ගැනීම සඳහා යොදාගන්නා ගෝන හෝ මුව හමින් තනාගත්සාම්ප්‍රදායික පාවහන් යුවලක්

ඇඹිටිල්ලා  -කුඩා දරුවා

බද්දේරාල -බදු අයකරන නිලධාරියා

මරිකාරයා - කුළු හරක් අල්ලන පිරිමි ජනයා

මහ පෝය - පසළොස්වක පෝය

කළුවර පෝය - අමාවක

අග්ගිඩවෙලා - අහවරවෙලා / ඉවරවෙලා

හේලංකඩ - අඟුව

කුණ්ඩා හට්ටිය- ලොකු වළ

බිලිංචි- බිලිං ගෙඩි