 
ආරක්වේලි - නඩත්තු වියදම්
ආම්පන්න -මසුන් මරණ මෙවලම්
ජම්පරකළුව - වැහිකබාය
මාදැල -දිගින් හා පළලින් විශාල දැල්
වර්ගයක්
අතංගුව - මසුන් මැරීමට භාවිත කරන
පොල්ලක්. එහි කෙළවරට උලක්
සවිකර තිබෙයි
ලෙල්ලම - - මසුන් විකුණන ස්ථානය
වළාලය - මුහුදු රළ ඉහළ නැගීම
මාරියාව - වැස්ස සමඟ සුළං හැමීම
වැහි කෝඩය - වර්ෂාව
තලාදීම - ගෙරවීම
ඉර බලනවා - ඉර පායනවා
සඳ බලනවා - සඳ පායනවා
වාල දමනවා - මුහුදේ ගැඹුර බලනවා
පන්න කරනවා - මසුන් මරණවා
දුවනවා - ඔරුව පදිනවා
තරු බිය ගන්නවා - තරු බැස යනවා
මායක්කම - දැල් එලීම
ගල් කඩනවා - නැංගුරම දියට දැමීම
සුරගු - ඔරුව ගොඩ ගන්නවා
රස්සාවේ යනවා - මුහුදු යෑම
හොඳයි - ප්රමාණවත් / සෑහෙන තරම්
හොඳ කරනවා - ඉසිනු ලබනවා
මුහුදුකඩවර - මුහුදට අරක්ගත් දෙවියන්
ලේ ඔරුව - කෙසෙල් කඳන් ආශ්රිතව තනන ඔරුව
සිරි බෝමාලය - ධීවරයන් විවාහයේ දී පෝරුවට නගි න මනමාලි යට පළඳවන
මාලය
රුවල්තරුව - තරුහතක පොකුරක්
හන්දින්නත්තරු - තරුහතක පොකුරක් රාත්රී 9 - 10 අතර පායයි
රතු මුහුද - මසුන් බහුල මුහුද
ගොළු මුහුද - ඉතා බියකරු මුහුද
සූරාවලිය - දියවැල
දියැත - මුහුදු රළ ගමන් ගන්නා අත
වඩදිය - මුහුදු ජලය ඉහළ යෑම
බාදිය - මුහුදු ජලය පහළ යෑම
වඩිදූව -මුහුදේ ගැඹුර මනින ලීය ජලයේ ගමන් වේගය විමසීම
දියකඩ -ජලයේ ගමන් වේගය විමසීම
හැන්නදිරාල - ඔරුවේ හිමිකරු
ඩිවොස් කාරයා-ඔරුවේ ගමන් කරන්නා
මරක්කලහෙ-ඔරුවේ ගමන් කරන ප්රධානියා
කෝඩියා -ඔරුවට ආ නවකයා
පොංගල් -ඉවුම් පිහුම් කරන්නා
සිප්පම් - කරවල වේළන්නා
හම්බයෝ - මුස්ලිම් ධීවර ප්රජාව
බඩසුද්ද - මෝරා
මේෂකාරයා - දැල්කරුවා
ආමි - කැස්බෑවා
ගන කළුවර කැටිය- මසුන් බහුල මුහුද
මාළු කෙත - මසුන් අධික ප්රදේශයක්
තුඩුව - මුහුදට නෙරා ඇති ගොඩබිම
හයිය - වැස්ස සමග එන කුණාටුව
කැණුගෑම - මසුන් ඔරුවට දමා ගැනීම
 
    
Comments
Post a Comment