gossiplanka image 1
 


ස්වාමීන් වහන්ස, වර්තමාන ශ්‍රී ලාංකික සමාජ පසුබිම තුළ භික්ෂූන් වහන්සේගේ කාර්ය භාරය කෙබඳු විය යුතු ද?


භික්ෂුව යනු පොදු වස්තුවක්, මහණ වූ දවසේ පටන් මම ය, මාගේ ය කියල කිසිවක් ගන්නේ නැතිව අම්ම - තාත්තා, අඹු දරුවන්, ගේදොර - ඉඩකඩම්, විතරක් නොවෙයි නමත් අත්හරිනවා.භික්ෂුවකට ප්‍රධාන වශයෙන් කාරණ තුනක් ගැන කිසිම ඇලීමක් නැහැ. ඒ තමයි, පුද්ගලයන් සමග ඇලීමක් නැහැ, වස්තුව දේස්පොළ කෙරෙහි ඇලීමක් නැහැ, සංකල්ප කෙරෙහි ඇලීමක් නැහැ. භික්ෂුවකට ආරක්ෂා කරන්න කිසි දෙයක් නැහැ. ඒ නිසා භික්ෂුව කියන්නේ සමාජ සේවයට උපරිම සුදුසුකම්ලත් පුද්ගලයා යි. භික්ෂුව පූජ්‍යයෙක් මිසක් පූජකයෙක් නො වෙයි. ඒ වගේ ම භික්ෂුව කියන්නේ අතරමැදියෙකුත් නො වෙයි. ඒ බව විශේෂයෙන් අවබෝධ කරගන්න ඕනැ. දෙවියන් ඉදිරියේ කපුකම් කරන්න

හොඳ නැහැ. වමානයේ එවැනි තත්වයක් උදා වෙලා තියෙනවා. අද ඇතැම් භික්ෂූන් පූජක ස්වරුපයෙන් ශෛලීගත පුද පූජා පැවැත්වීමට පුරුදු වී සිටිනවා. දේශපාලනඥයන් ගුවන් තොටුපොළට යන විට පසෙන් එළවාගෙන ගිහින්, එනකොට ආයෙත් දුවගෙන ගිහිල්ලා පිරිත් කියනවා. පංශුකූලයට යන්න, ආශීර්වාද කරන්න, ගොඩනැගිලි විවෘත කරන්න මේවාට පමණක් දැන් ඇතැම් භික්ෂූන් සීමා වෙලා.


වර්තමානයේ පැවිදි කිරීම්වලට වඩා තුන්හතර ගුණයකින් න්තරුණ හාමුදුරුවරු උපැවිදි වෙන බව අසන්නට ලැබෙනවා? එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල ඉඳල මේ වෙනකොට තරුණ හාමුදුරුවරු 20,000කට වැඩි ප්‍රමාණයක් ශාසනය අතහැර ගිහිල්ලා තියෙනවා. මේ නිසා දැන් අපේ රටේ මේ වන විට නේවාසික භික්ෂුවක් හෝ නොමැතිකමින් වසා දමා ඇති විහාරස්ථාන සංඛ්‍යාව අතිවිශාල යි. බොහෝ විහාරස්ථානවල වැඩ සිටින්නේ එක් නමක් හෝ දෙනමක් පමණ යි. පංශුකුලයක් වත් දෙන්න ප්‍රමාණවත් තරම් භික්ෂූන් වහන්සේ නොමැති ගම් දනවු බොහොමයක් අපේ රටේ තියෙනවා.මේ තත්වය ඇති වීමට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ නිදහසින් පසුව භික්ෂු අධ්‍යාපනය බිඳවැටීම යි. අතීතයේදී හැම අතින් ම පරිපුර්ණ නායකත්වය, පරිපාලනය, උපදේශනය සඳහා සුදුසු පණ්ඩිත හාමුදුරුවරු බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් අපට තිබුණ. මේ උගත් හාමුදුරුවරුන්ගේ ක්‍රියා කලාපය එන්.ජී.ඕ. සංවිධානවලට තම අරමුණු ඉටු කරගැනීමේදී විශාල බාධාවක් ව පැවතුණා. මේ නිසා එවකට රට පාලනය කළ කළු සුද්දන් මගින් පිරිවෙන් අධ්‍යාපනය විනාශ කිරිමට පිඹුරුපත් සැකසුවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධියක් ලබාගෙන රැකියාවක් කිරීමේ අවස්ථාව භික්ෂූන්ටත් ලබාදීම 'මිනිස් අයිතිවාසිකම් සුරැකීමක් බව පෙන්වා දුන්නා. මේවාට රැවටුණු ඇතැම් භික්ෂූන් පාළි, බුද්ධාගම, ඉතිහාසය ඉගෙනීම අත්හැරල දේශපාලන විද්‍යාව ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව ඉගෙනගත්තා.ගිහි - පැවිදි අයත් අඩු වැඩි වශයෙන් මේ පාප කර්මයට සම්බන්ධ වුණා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණු තරුණ හාමුදුරුවරු බලහත්කාරයෙන් දේශපාලනයට බඳවාගත්තා. "මේ සමාජයේ අපි විප්ලවයක් කරන්න ඕනෑ. පවතින රජය පෙරළල අපි බලයට එන්න ඕනෑ” කියල නොයෙක් විදිහේ දේශනා පවත්වල හිත් දූෂණය කරල දේශපාලනයට බඳවාගත්තා.ඇයි මේ බලහත්කාරයෙන් අරගෙන ගිහිල්ල දේශනා පවත්වල දේශපාලනයට බඳවාගන්නේ ? එතැනයි අයිතිවාසිකම් කඩ වෙන්නේ, අපාගත වෙන්නේ, භික්ෂුව රටට පන්සලට නැති කරන්නේ. මම විශ්වාස කරන අන්දමට, හාමුදුරුවරුන් හෝ ගිහියන් ඉගෙනගෙන අවසාන වනතුරු පක්ෂ දේශපාලනය කරන හොඳ නැහැ. කෙනෙක් එක වර වෙඩි තියල මරල දානවට වඩා භයානකයි මේ අඩු වයසෙදි දේශපාලනයට ඇදගෙන ගිහිල්ලා මුළු ජීවිතය ම මරල දාන එක.


අනාගත භික්ෂු පරපුරක් වෙනුවෙන් සසුන්ගත කරන්නට කුල දරුවන් සොයාගැනීමත් අද දුෂ්කර යි. රට තුළ ක්‍රියාත්මක වන එන්.ජී.ඕ. සංවිධානවල ක්‍රියාමාර්ග අතිශයින් සුෂ්ම යි. තමන්ගේ ආගම් ප්‍රචාරයට පිවිසෙන්නේ සමාජ සුබසාධනය' යන තේමාව මුල් කරගෙනයි. අපේ රටේ ඈත එපිට නොදියුණු ගම්මානවල වෙසෙන බෞද්ධයන්ගේ දැවෙන ප්‍රශ්නවලට විදේශීය මුදල් යොදාගනිමින් තාවකාලික පැලැස්තර දමනවා. අපේ ගැමියන් ඒවාට වසඟ වූ පසුව හීන් සීරුවේ ම තමන්ගේ ආගමික ආක්‍රමණයන්ට නතු කරගන්නවා. "ඔබ අපේ ආගමට ආවොත් අපි ඔබට පිහිට වෙන්නම්” කියමින් අපේ රටේ දිළිඳු ජනතාවට අයථා බලපෑම් කරන සංවිධාන දැන් රට පුරා ම ක්‍රියාත්මක යි. මේ ආක්‍රමණයන්ට හසු වන බෞද්ධයන්ගේ ගණන දිනෙන් දින ම ඉහළ යනවා. . මේ නිසා අනාගත භික්ෂු පරපුරක් වෙනුවෙන් සසුන්ගත කරන්නට කුල දරුවන් නැති වෙනවා. 'පුංචි පවුල රත්තරන්” තේමාව යටතේ නිදහසින් පසුව ගත වූ හැට වසර තුළ ක්‍රමයෙන් පවුලක දරුවන් ප්‍රමාණය එක් දරුවාට හෝ දරුවන් දෙදෙනකුට සීමා වී තිබෙනවා. පවුලේ ආර්ථිකය හේතුවෙන් දරුවන් වඳ කළ යුතු යැ යි පැවසීම සිංහල ජාතියේ අවාසනාවක්. පවුලක එක් දරුවෙක් වත් නැති වන තුරු වඳ කළ ද ආර්ථිකයේ වර්ධනයක් සිදු වන්නේ නැහැ. රටේ ආර්ථිකය රට තුළ වෙසෙන සියලු ජාතීන්ට එක ලෙස බලපෑ යුතු වුණත් ආර්ථිකය සිංහල බෞද්ධයන්ගේ දරුවන් වඳ කරදැමීම වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වන්නේ ඇයි දැ යි බලවත් ගැටලුවක්.


මෙවැනි ශාසන විලෝපකාරි තත්ව හඳුනාගෙන, ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා ඔබ වහන්සේ ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කෙබඳු ද?


අද ඇතැම් දේශපාලන පක්ෂ ඒ අයගේ රැස්වීම්වලට අරහත් ධජය ඇඳගත් පුංචි හාමුදුරුවරු අරන්ගෙන යනවා. මහානායක හාමුදුරුවරු ඇතුළු වගකිව යුතු කිසිවෙක් මේවා ගැන කට අරින්නේ නැහැ. කුඩා ළමයෙක් ගෙනැල්ලා, කෙස්ටික බාලා, සිවුර පෙරෙවුවට හාමුදුරු කෙනෙක් වෙන්නේ නැහැ. ඒ ගත විතරයි මහණ කරන්නේ. හිත මහණ කරන අධ්‍යාපන ක්‍රමයකුත් අවශ්‍යයි. ඒ සඳහා සෑම මාසයක ම තරුණ ළමයින් 25 දෙනෙක් තෝරාගෙන තාවකාලිකව පැවිදි කරල අපේ සිංහලකම බෞද්ධකම රැකගැනීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් මා ආරම්භ කර තිබෙනවා.

හොරණ දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානයේදී සිදු කෙරෙන තාවකාලික පැවිදි බව ලබාදීමේ වැඩසටහනට ඉදිරිපත් වන තරුණ පිරිස අතිවිශාල යි. නිවැරැදි ජීවිතයක් ගත කිරීමට නිවැරැදිව හිතන්න ඕනැ. ඒ නිසා මම කල්පනා කළා කියවීමට පොත්පත් ලබාදීම බුද්ධි වර්ධනය ඇති කළොත් ඒ හාමුදුරුවරු හිතන්න පටන් ගන්නවා. කළ යුත්ත නොකළ යුත්ත පිළිබඳ හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඒ සඳහා දැනට අවුරුදු 17කට කලින් බෞද්ධ පොත් මුද්‍රණය කරල බෙදාහැරීම ආරම්භ කළා. මුල් අවධියේදී බස් රථයක පොත් පුරවාගෙන රට පුරා ගෙන ගියා. අද ඒ උත්සාහය ඉතාමත්ම සාර්ථක වී තිබෙනවා. අද විශාල පිරිසක් බණ පොත් කියවනවා. මුද්‍රණය කරනවා. සුනාමිය ඇති වූ අවස්ථාවේදී මැලේසියාවෙන් මට ලැබුණු සියලු මුදල් වියදම් කර තංගල්ලේ රෝහලක් ඉදි කළා. නමුත් ඇමරිකන් ඩොලර් මිලියන ගණනක් මුදල් ලැබුණු ඇතැම් එන්.ජී.ඕ. ආයතන තියෙනවා 103ක් වියදම් කරලා නැහැ. ඒවා තියාගෙන ඉන්නවා ආණ්ඩු පෙරළන්න, නැති නම් කොටි සංවිධානයට උදව් කිරීම සඳහා.


අපේ රටේ පිරිවෙන් අධ්‍යාපනය අගාධයට යා නොදී රැකගන්නට වගකිව යුතු ලොකු හාමුදුරුවරු ගන්නා උත්සාහය පිළිබඳ සතුටු විය හැකි ද

 

මේ රටේ පිරිවෙන් 580ක් පමණ තියෙනවා. එයින් වැඩි ප්‍රමාණයක භික්ෂුවක් හදන අධ්‍යාපන ක්‍රමයක් නො වෙයි තියෙන්නේ. විශ්වවිද්‍යාලයට ගිහිල්ල උපාධියක් ලබාගෙන රැකියාවක් කිරීම තමයි නිවන කියලා උන් වහන්සේ හිතාගෙන ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වත් ආනන්ද මෛත්‍රෙය හිමියන් වත් අ.පො.ස. සාමාන්‍ය පෙළ වත් ලියලා නැහැ. ත්‍රිපිටකය ආරක්ෂා කළ හාමුදුරුවරුන්ට ඔය උපාධි තිබුණේ නැහැ. එවැනි ක්‍රමයක් හඳුන්වා දුන්නේ මිනිසුන්ට රැකියා ලබාදීමට යි. පිරිවෙන් හරහා නිවැරැදි සාමණේර භික්ෂු පුහුණුවක් ක්‍රියාත්මක නොවුණොත් ශාසනික අර්බුදය තවතවත් උග්‍රවෙනවා.අපේ වගකිව යුතු ලොකු හාමුදුරුවරු විවිධ නිකායවලට බෙදී සිටීම විශාල දුර්වලකමක්. ඒ ඇත්තන්ටත් තමන් ගැන හිතනවාට වඩා වෙනත් දෙයක් ගැන සොයා බලන්න වෙලාවක් නැහැ. නමට ලොකු හාමුදුරුවරු වුණට ඒ හාමුදුරුවරු නායකත්වය ගැනීමත් අද පාපයක් වෙලා. මම වගකිව යුතු තනතුරක් දරනව නම් මගේ යුතුකමක් තියෙනවා මාසයකට වතාවක් වත් ලොකු හාමුදුරුවරු සියලුදෙනා ම කැඳවලා සාකච්ඡා කරන්න, භික්ෂු අධ්‍යාපනය කොහොම ද? භික්ෂූන් වැරැදි මාර්ගයක ගමන් කරනවා ද? නැතිනම් වෙනත් මාර්ගයක ගමන් කරනවා ද ? මේ රටේ බෞද්ධයෝ අන්‍ය ආගම්වලට හරවනව ද? බණ පොත් ගිනි තියනවා ද? බුදුපිළිම වැසිකිළිවල දාලා විනාශ කරනව ද? මේවාට විරුද්ධව පියවරක් ගන්න වගකිව යුත්තන්ට කියන්න ඕනැ. නැති නම් ශාසනික අර්බුදය තව තවත් උග්‍ර වෙනවා.

තමන්ට ලැබෙන වස්තුවට, එකට, දාන වේලට, සල්ලිවලට කෑදරකමේ මේ විනාශය නොදැක්කා වගේ ඇහැයි කනයි පියාගෙන ඉන්නවා නම් ඒක ඒ ඇති අපාගත වන මහා පාප කර්මයක් වෙනවා.