කම්මුතු කිරීම - අවසන් කරනවා
සෝරතිය- කොටස
සැරිසැරිවෙලා -පිළිවෙළ
උසික්කා-වීසිකර දමනවා
මුළුක්කාදිය - අස්සක් මුල්ලක් නෑර
සකලමනා- සියලු දේවල්
දෙහෙට්ටියා -උපදේශ දෙන්නා
සකියා - මුල්වන්නා / ප්‍රධානියා
වතීවාරන්න - නොයෙක් ආකාරයේ
උහැන- ඔසවාගෙන
කපාපායාපු - එළිපෙහෙළි කරන ලද
උරිදිපාය- කාර්යශුරත්වය
එකම්පහිතෙ- කැමැත්ත
ඇදවෙනවා - විරුද්ධ වෙනවා
කිලි පැහිච්ච - වියපත් වූ
කුලකිලි - කුලයට අගෞරව වීම
හිරත්තේ - හෙමිහිට
කහලී - විරුද්ධවාදීකම
කටහැල්කෑම - බත් කෑම
හරිස්සනවා- කතාබස් කර තීන්දු ගැනීම
චරවුරුව - කෙඳිරිගෑම
එකදුපාදාව -එකමුතුවීම
කානගිනවා - ශබ්දනගමින් විරුද්ධ වෙනවා
කුරියන් - වැව් මාළු
කිලච්ච වෙනවා - කලබල වෙනවා
තරුමිරිහටත් - තරවටුකිරීම
බරු ගහලා - හුරලා / එළිකරලා
වහ වැටෙනවා -ඩිසේ කැමති වෙනවා
සංගේමානේ -ගෞරවය / දැඩිසේ හැඳුනුම්කම
කැටකළුව-වෑ බැම්මට ආසන්නයේ දිය සිඳී ගිය කොටස මෙහි මඩ කැට මතුව තිබෙයි
ආරන්නෝරු - පැටලිලි
සාදිය -වර්ගය
නඩලංකෙළිනවා -දාංගලේ සෙල්ලම් කරනවා
සුම්මා -බැහැ
හබ වෙනවා -රණ්ඩු සරුවල් කරනවා
බරලේ -බරගතිය
ඉරිවෑවල්- අනවශ්‍ය කතාබහ
දලුලනවා- වැඩෙනවා / ලියලනවා
හඳ රබහ වෙනවා -සඳ වැහිවලාකුළෙන් වැසී ගිය ද මද එළිය පැතිරී තිබීම
ඉර රබහ වෙනවා- ඉර වැහි වලාකුළෙන් වැසී ගිය ද මද එළිය පැතිරී යෑම
කාවල් කරනවා - වැට බඳිනවා
වංගල වාලිත්තං කතා ලතා / කතා බහ
හේන් පත්තෑයමක් - විශාල ප්‍රමාණයේ හේනක්
මහමද්දහනය - ඉර මුදුන් යාමය
Comments
Post a Comment