
1. මුල්වරට හැඳුනුම්පතක් ලබාගැනීම
විශ්වාසනීය පුද්ගල අනන්‍යතාවය හැඳුනුම්පතයි. මුල්වරට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් පහත දැක්වෙයි. -
1. ශ්‍රී ලංකාවේ පදිංචි පුරවැසියෙකු විය යුතුය.
2. වයස අවුරුදු 16 සම්පූර්ණ විය යුතුය.
හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පු.ලි.දෙ.වි.1 අයදුම්පත්‍රය පහත දැක්වෙන නිලධාරීන්ගෙන් ලබා ගත හැකිය.
1. අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාම නිලධාරි
2. වතු පදිංචිකරුවෙක් නම් අදාළ වතු අධිකාරි
3. පාසැල් අයදුම්කරුවෙක් නම් අදාළ පාසලේ විදුහල්පති හෝ පිරිවෙනක නම් පරිවේනාධිපති
මෙසේ ලබාගත් අයදුම්පත සම්පූර්ණකර අවශ්‍ය ලිපිලේඛන ද සමග එය ලබාගත් නිලධාරියා වෙත බාරදිය යුතුය. පළමු වතාවට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පහත දැක්වෙන ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.
1. විධිමත්ව සම්පූර්ණ කරන ලද පු.ලි.දෙ.වි. 1 අයදුම්පත්‍රය
2. අයදුම්කරු වයස අවුරුදු 40ට අඩු අයෙක් නම් උප්පන්න සහතිකය හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත්කරනු ලබන අනුමාන වයස් සහතිකය අනිවාර්යය. (අනුමාන වයස් සහතිකයක් ඉදිරිපත්කරන අයෙකුගේ උපන්දිනය වශයෙන් සලකනු ලබන්නේ අනුමාන වයස් සහතිකයේ සඳහන් වර්ෂයේ ජූලි මස 1 වැනිදාය.)
3. අයදුම්කරුගේ වයස අවුරුදු 40ට වැඩිනම් සහ උප්පන්න සහතිකය හෝ අනුනුමාන වයස් සහතිකය නොමැති නම් පමණක් ලේඛන සෙවීමේ හිස් ප්‍රතිඵල සටහන සමග උපන් දිනය තහවුරු කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් සමග පහත දැක්වෙන විකල්ප ලේඛන දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් ද ඉදිරිපත් කළ යුතුය.
1. පාසැල හැරයාමේ සහතිකය
2. අයදුම්කරුගේ/අයදුම්කාරියගේ උපන්දිනය සඳහන්ව ඇති දරුවන්ගේ උත්පැන්න සහතික පිටපත්
3. උප්පැන්න සහතිකයේ උපුටාගත් කොටස
4. ශ්‍රී ලංකාවේ පුරවැසි සහතිකය
5. වතු හැරයාමේ සහතිය
6. ගමන් බලපත්‍රයේ අදාළ පිටුවල සහතික කළ පිටපත්
7. වතු අධිකාරි විසින් නිකුත්කල ලියාපදිංචි කාඩ්පත
8. ජම්ම පත්‍රය හෙවත් හඳහන
9. බෞතීස්ම සහතිකය
4. අයදුම්කරු උපන්නේ විදේශයක නම් ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු බවට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කළ පුරවැසි සහතිකය සහ එහි ඡායා පිටපතක්
5. අයදුම්කාරිය විවාහක කාන්තාවක් නම් සහ ස්වාමිපුරුෂයාගේ නම ලබා ගැනීමට අදහස් කරන්නේ නම් විවාහ සහතිකයේ මුල් පිටපත සහ එහි ඡායා පිටපතක්
6. අඟල් 1 3/8 x 7/8 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 5ක්
7. මුද්දර ගාස්තු
1. වයස අවුරුදු 17ට අඩුනම් රු. 3.00ක මුද්දර
2. වයස අවුරුදු 17ට වැඩි නම් රු. 13.00ක මුද්දර
8. තම රැකියාව ද අයදුම්පතේ සඳහන් කිරීමට අවශ්‍ය නම් මාස 3ක් ඇතුළත ලබාගත් අදාළ සේවා සහතිකය ද, වෘත්තීය සුදුසුකම් ලබා ඇති අය එම සුදුසුකම සනාථ කිරීමට අවශ්‍ය සහතික ද ඉදිරිපත් කළ යුතුය. ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරය ලියාපදිංචි කළ සහතිකයේ සහතික කළ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
9. පූජ්‍යත්වය සනාථකිරීම සඳහා
බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
දසසිල් මාතාවක් නම් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් ලියාපදිංචිවීමේ සහතිය.
ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් සහතිය.
කතෝලික පූජකවරුන් අදාළ පැවිදි නිකායේ ප්‍රධානීන් වෙතින් ලබාගත් සහතිකය .
9. ඉල්ලුම්පත්‍රය සහතික කිරීම
ග්‍රාම නිලධාරි (ග්‍රාම නිලධාරි සහතික කළ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කිරීම අනිවාර්යය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යවන් නම් ඉගෙනුම ලබන පාසැලේ විදුහල්පති
වතු පදිංචිකරුවකු නම් වතු අධිකාරී
10. හැඳුනුම්පත් ලබාගැනීමට අදාළව සම්පූර්ණ කළ ඉල්ලුම්පත් බාරදිම
සාමාන්‍ය සේවය - ඉල්ලුම්පත සහතික කළ නිලධාරියාට
එක්දින සේවය - අදාළ නිලධාරියෙකු සහතික කිරිමෙන් පසුව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ එක් දින සේවා අංශයට නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පතක් බාරදිමෙන් පසු නිශ්චිත කාලසීමාවක් තුළ අයදුම්පත බාරදුන් නිලධාරියා වෙත ඔබේ හැඳුම්පත යවනවා ඇත. එවිට එය එතැනින් ලබා ගත හැකිය.
පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමෙන්තුවේ ලිපිනය හා වෙනත් තොරතුරු මෙසේය: -
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව
10, මහල, 'සුහුරු පාය'.
ශ්‍රී සුභූතිපුර,
බත්තරමුල්ල කොළඹ
දුරකථනය 011-2555616
ෆැක්සි: 11-2593634
විද්‍යුත් තැපෑල- info@drp.gov.lk
වෙබ් අඩවිය: info@drp.gov.lk
නැතිවූ හැඳිනුතක් සඳහා දෙවැනි පිටපතක් ලබා ගැනීම
වැදගත් නැති වූ හැඳුනුම්පත වෙනුවට දෙවන පිටපතක් ලබා ගන්නා පුද්ගලයන් එය ලබාගත් පසු යම් හෙයකින් නැති වූ හැඳුනුම්පත නැවත ලැබුනහොත් වහාම එය කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දීමට පියවර ගැනීම අවශ්‍යය. නැති වූ හැඳුනුම්පතක් වෙනුවට දෙවැනි පිටපතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කීපයකි. නැති වූ හැඳුනුම්පත 2014-09-01 දිනට පසුව නිකුත්කරන ලද එකක් නම් නැවත උප්පැන්න සහතිකය ඉදිරිපත්කිරීම අවශ්‍ය නොවේ. එහෙත් නව හැඳුනුම්පතට ද තනතුර ඇතුළත් කරන්නේ නම් අදාළ තනතුර සහතික කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම නමේ වෙනස්කිරිමක්, පුරවැසිභාවය වෙනස්වීම, පැවිදි හෝ උපැවිදිවීම, විවාහවීම වැනි අවස්ථාවක එයට අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතුය. අයකරන මුද්දර ගාස්තුව රු. 15.00කි.
හැඳුනුම්පත සංශෝධනය කිරීම
ඔබේ නම, ලිපිනය හෝ හැඳුනුම්පතේ සඳහන් වෙන කිසියම් තොරතුරක් වෙනස්වී ඇත්නම් එය සංශෝධනය කිරිමට අවශ්‍ය වෙයි. එමෙන්ම ඔබගේ වත්මන් පෙනුම (ස්වභාවය) හැඳුනුම්පතේ ඇති ඡායාරූපයට වඩා වෙනස් වී ඇත්නම්, පාවිච්චිය නිසා හැඳුනුම්පත අපැහැදිලි වී ඇත්නම්, එහි කොටසක් හෝ පලුදුවී ඇත්නම් වැනි හේතුවලදී ද අලුත් හැඳුනුම්පතක් ලබා ගත යුතුය.
හැඳුනුම්පත නැතිවී ඇත්නම්....
කළ යුතු පළමු කාර්යය හැඳුනුම්පත නැතිවූ බව දැනගත් වහාම ආසන්න පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් කර පැමිණිල්ලේ මුල් පිටපත ලබා ගැනීමය. (පොලිසියට පැමිණිලි කරන්නට යාමේදී ග්‍රාමසේවක හමුවී ඔබගේ පදිංචිය සනාථ කිරීමට අවශ්‍ය ලිපියක් ද රැගෙන යාම අවශ්‍ය ය.) ඉන්පසු ඔබ හැඳුනුම්පත ලබා ගන්නා ග්‍රාමසේවක/නිලධාරියා හමුවී අදාළ ෆෝරමය ලබාගෙන එය සම්පුර්ණ කරතියම් ප්‍රමාණයේ ඡායාරූප 5ක් ද සමග බාරදෙන්න. උත්පැන්න සහතිකයේ සහතික කරන ලද ඡායා පිටපතක් ද ඇමිණිය යුතුය. ඉදිරිපත් කළ යුතු වෙනත් ලේඛන ඇත්නම් ඒවා ද අයදුම්පත සමගම බාර දිය යුතුය.
හැඳුනුම්පත් එක් දින සේවාව
ප්‍රථම වරට හැඳුනුම්පතක් ලබා ගැනීම, පවතින හැඳුනුම්පත සංශෝධනය කර ගැනීම හෝ නැති වූ හැඳුනුම්පතක් වෙනුවට අලුත් එකක් ලබා ගැනීම වැනි සේවා එක් දිනයක් තුළ ඉටු කර ගත හැකිය. ඒ සඳහා අදාළ අයදුම්පත විධිමත්ව සම්පුර්ණ කර ග්‍රාසේකගේ සහ ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය ද සහිතව සහ අවශ්‍ය අනෙකුත් ලියකියවිලි සමග පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව වෙත ගොස් ඒවා බාර දෙන්න. මේ සඳහා රජයේ ගාස්තු වශයෙන් රුපියල් දහසක මුදලක් අයකරනු ලැබේ.
ස්ථිර පදිංචියක් නැත්නම්...
ඔබ දැනට පදිංචි වී සිටින වසමේ ග්‍රාම නිලධාරියා හමුවී හැඳුනුම්පතක් සඳහා ඉල්ලීමක් කළ හැකිය.
හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු අවස්ථා
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත්තේ 15 වැනි වගන්තිය යටතේ 2005-03-29 දින නිකුත් කරන ලද 1380/17 දරන ගැසට්පත්‍රය යටත්තේ මීළඟට සඳහන්කරන නිලධාරීන්ට පරික්ෂා කර බැලීම සඳහා ඔබේ හැඳුනුම්පත ඉල්ලීමටත්, ලග තබා ගැනීමටත් බලය පවරා ඇත.
දිස්ත්‍රික් ලේකම්
අතිරේක දිස්ත්‍රික් ලේකම්
ප්‍රාදේශීය ලේකම් ග්‍රාම නිලධාරි
කම්කරු කොමසාරිස් ජනරාල්
කම්කරු කොමසාරිස්
සහකාර කම්කරු කොමසාරිස්/කම්කරු නිලධාරි
ආගමික හා විගාමික පනතේ 7 (ආ) 2 වගන්තිය යටතේ සන්නද්ධ හමුදාවක සාමාජිකයෙක් ආගමික හා විගාමික පනතේ 4 (1) වගන්තිය යටතේ පත්කල
බලයලත් නිලධාරියෙක්
ඕනෑම නිලයත් පොලිස් නිලධාරියෙක්
තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තු විමර්ෂණ නිලධාරියෙක්
ඉහත සඳහන් නිලධාරින් හැර වෙනත් කිසිම නිලධාරියෙකු හෝ තැනැත්තෙකු විසින් හැඳුනුම්පත ඉල්ලා සිටීම, පරික්ෂා කීරිම හෝ ලග තබා ගැනීම නීති විරෝධී වෙයි. එබැවින් බලයලත් නිලධාරීන් විසින් හැර වෙනත් අයෙකු ඔබේ හැඳුනුම්පත ඉල්ලා සිටියහොත් ඔබට එය ප්‍රතික්ෂේප කළ හැකිය. එහෙත් ඔබ කිසියම් සේවාවක් ලබා ගැනිමේදී ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඔබේ කැමැත්ත පරිදි හැඳුනුම්පත ඉදිරිපත් කළ හැකිය.
නව හැඳුනුම්පත් අංකය
ජාතික හැඳුනුම්පතේ මෙතෙක් තිබූ ඉලක්කම් 9කින් යුතු අංකය වෙනුවට 2016 සිට අංක 12කින් යුතු නව අංකයක් ආදේශ කරනු ඇත. මෙහිදී මෙතෙක් භාවිතා වූ අංකය අවසානයේ ඇති ඉංග්‍රීසි අක්ෂරය ඉවත් වෙන අතර අලුතින් ඉලක්කම් 3ක් එකතු කරනු ලබයි.
පැරණි ක්‍රමයට අනුව හැඳුනුම්පත් අංකය
871301450V
නව හැඳුනුම්පත් අංකය
1987130014500
Comments
Post a Comment