gossiplanka image 1
 


දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් 1864 සැප්තැම්බර් 17 වෙනි දින කොළඹ ධනවත් පවුලක දරුවකු ලෙස උපන් අනගාරික ධර්මපාලතුමන් යටත් විජිත යුගයේ ජාතියේ පිනට මෙරට පහළ වූ දැවැන්ත යුග පුරුෂයෙක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. සිංහලයා වෙනුවෙන් පමණක් නොව, සමස්ත ලෝකවාසී බෞද්ධයින් වෙනුවෙන්ද අති විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ මෙතුමාගේ ජන්ම පත්‍රය ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුගේ රුව ගුණ මනාව පිළිඹිබු කරයි. බුධ හිමි කන්‍යා රාශිය තම ජන්ම රාශිය කරගනිමින් උපන් මෙතුමාගේ ලග්නාධිපති බුද දොළොස්වන්නේ සිටියද එම රාශි අධිපති රවි ලග්නයේ යෝග කාරක ශනි සහ සිකුරු සමග තැන්පත් වී පරිවර්ථනය බලයක්ද සහිතව සිටීමෙන් ලග්නයේ ප්‍රබලතාවය පැහැදිළි කරයි. ඊට අමතරව නමවැන්නාධිපති සිකුරු ලග්නයේ සිටිමින් යෙදුන චන්ද්‍ර වඩා යෝගයද ධර්මයේ ඇලුනකු බවට සාක්ෂි සපයයි. සිකුරු නීච වී ලග්නයේ වීම, ශනි-සිකුරු සංයෝගය මෙන්ම ශනි, සිකුරුගේ රාශියක වීමද අනගාරික ජීවිතයකට මතුමා පෙළඹ වූ බවට ඉගි කරන අතර කුජ ලග්නය දැකීම එඩිතර තමාට මෙන්ම නිදහස් සිතුවිලි ජනිත කරවීමටද මග පෑදූ බව පැහැදිළිය.