විෂ්ණු දෙවියන් ජගන්නාථ වශයෙන් හින්දු භක්තිකයෝ අදහති. මේ දෙවියන්ගේ ප්‍රතිමාව සහිත කෝවිලක් පූරිහි ඇත. මුළුමනින්ම නිම නොකරණ ලද එම ප්‍රතිමාව විශ්ව කර්මයා විසින් තනන ලද්දකැයි යනුවෙන්ද කථාවක්ද ඇත. කෘෂ්ණගේ ඇට කැබැල්ලක් ඉන්ද්‍රධූව රජුට ලැබුණි. විෂ්ණු ප්‍රතිමාවක් තනා එම ඇට කැබැල්ල එහි තැත්පත් කිරීමට ඔහුට සිතක් උපන්නේය. මේ නිසා ඔහු ප්‍රතිමාව තනන ලෙස දෙව්ලොව මහා ගෘහ නිර්මාණ ශිල්පී විශ්වකර්මගෙන් අයැදීය. ඔහු ඊට එකග විය. නමුත් තමා එම කාර්යයේ යෙදී සිටියදි කිසිවෙකු තමන් දෙස බැලුවොත් එසේ නැතහොත් සිය කටයුත්තට අන් ක්‍රමයකින් බාධා පැමිණවුවොත් ඒ මොහොතේත්ම කාර්යය අවසන්ව නොතිබුණද ඉවත්ව යන බව රජුට පැහැදිලි කළේය. රජතුමා ඊට කැමැති වූයෙන් විශ්වකර්ම වැඩ ආරම්භ කළේය. එක රැයකින්ම ඔහු ඔරිස්සාහි නිල්ගිරි කඳු මුදුනේ මහා කෝවිලක් තැනුවේය. අනතුරුව පිළිමයේ වැඩ ආරම්භ කළේය. දින පහළවක් පුරාවටම ඒ පිළිබඳව නොසොයා රජතුමා
අමාරුවෙන් ඉවසා සිටියේය. අවසානයේ පිළිමය තනන ආකාරය බැලීම සඳහා එහි ගියේය. කෝප වු විස්මකර්ම වහාම එතැනින් පිටත්ව ගියේය. පිළිමයේ වැඩ නිම වී නොතිබුණි. එය ඉතාම කැත මුහුණකින් යුක්ත විය. දෑත්ද තනා නොතිබුණි. තමාගේ අනුවණ කම පිළිබඳව කණගාටුවට පත් රජතුමා මහා බ්‍රහ්මයා හමු වී සිදු වූ දේ විස්තර කළේය. පිළිමය ඒ ඇති ආකාරයෙන්ම මහත් ප්‍රසිද්ධියට පත් කිරීමට මහා බ්‍රහ්ම භාර ගත්තේත්ය. ප්‍රතිමාව විවෘත කිරීමේ උත්සවයට බොහෝ දෙවිවරුනටද ආරාධනා කළේය. විවෘත කිරීමේ උත්සවයේදී කපුවා ලෙස මහා බ්‍රහ්ම පෙනී සිටියේය. ඔහු දේව රූපයට ඇස් හා ආත්මයද ලබා දුන්නේය. මේ නිසා ජගන්නාථ දේවාලය ප්‍රසිද්ධියට පත්විය. මේ ප්‍රතිමාවේ ස්වරූපයට අනෙක් බොහෝ තැන්වලද ප්‍රතිමා තනා ඇත්තේය. මෙය පසෙක කෘෂ්ණගේ සොහොයුරු බලරාමගේ හා සොහොයුරිය වූ සුභද්‍රාගේද ප්‍රතිමා දැකිය හැකිය.
Comments
Post a Comment