ඔහු හුදු කලාකරුවකු ලෙස පමණක් මෙරට රසිකයින්ගේ සිත් පැහැරගත් අයකු ලෙස ලඝුකොට කථා කිරිමට පුලුවන් කමක් නැත. තම සුවිශේෂී කලා හැකියාවට අමතරව ඊට යටින් වන අතිශය අසමාන වූ මානුෂීය ගුණ සමුදායක්ද අතිශය සංකීර්ණ අපූර්ව වූ ඇවතුම් පැවතුම් නිසාද ඔහු මිනිසුන් අතර නොමියන මිනිසකු බවට පත්විය. වරෙක රටේ ඉහළම පුරවැසියන් හා එකට අවුරුත් මොහු තවත් වරෙක සරමක් හැඳ නිරුවත් උඩු කයින් ගැවසීමට ප්‍රියකලේ තම අසල්වැසියන් වූ සමාජයේ පතුලේ ගිලි ගිය නොයෙක් අන්දමේ මිනිසුන් වට කොටගෙන, ඔහුගේ සිනහව, කඳුළ, සුසුම සමඟය. සැබැවින්ම ඔහු අතිශයින්ම සංකීර්ණ චරිතයක් විය. සිංහල ගීත ක්ෂේත්රයේ එදා මෙදා තුර පහළ වූ අසහාය ජනප්‍රියතම ගායකයා වන එච්. ආර්. ජෝතිපාල හෙවත් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල මෙලොව එළිය දකින්නේ බුධ හිමි කන්‍යා රාශිය තම ජන්ම ලග්නය කර ගනිමින් සහ කුජ හිමි සිත නැකතෙනි. 1936 පෙබරවාරි 12 කොළඹදී උපන් ජෝතිපාලයන්ගේ ලග්නාධිපතියා උපතේදී පස්වෙනි භාවයේ රවි සමග සිටීමෙන් සහ අයස්ථානය අධිපති සඳු ලග්නයේ තැන්පත් වීමෙන් මොහු පුන්සඳක් මෙන්ම මෙරට කලා ස්ත්රයේ ඉහළින්ම වැජඹෙමින් සහ මරණයෙන් මතු ද ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ගායකයා වීමට තරම් භාග්‍යවන්තයකු වූ බවට සාක්ෂි සපයයි. හතර සහ හත අධිපති ස්වර කාරක ගුරු වික්‍රමය, හැකියාව පෙන්වන තෙවැන්නේ යහපත් ලෙස තැන්පත් වීම සහ එම රාශි අධිපති කුජ ස්වක්ෂේත්ර ශනි සමඟ හයවැන්නේ තැන්පත් වීමෙන් කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි අන්දමේ එතුමා තුළ වූ විශිෂ්ට ගායන හැකියාව මනාව පිළිඹිබු කරයි.ෙ නමවැන්න වූ සුභස්ථානය, දෙවැන්න වූ ධනස්ථානය අධිපති සිකුරු හතරවැන්නේ යහපත් ලෙස සිටීමෙන් සෞන්දර්යාත්මක දේ පිළිබඳ තදින් බැඳීයාම මෙන්ම රසවත් දේ කෙරෙහි උපතින්ම ලොල් වූ බව පැහැදිළි වේ. එමෙන්ම නමවැන්න අධිපති 1, 4, 7, 10 වැනි තැනක අනුකම්පාව සහිත, පරාර්ථකාමී මිනිසෙකු විය. මොහු කෙතරම් මුදල් ඉපයූවද ඒවා ඉතුරු කිරිමට හෝ තම සුඛ විහරණය තමා වෙනුවෙන් ගොඩනගා ගැනීමට සිත් නොදීමටද සිකුරුට සංයෝග වූ නීච රාහුගේ බලපෑම ඉවහල් වූ බව පෙනේ. කෙසේ වුවත් දිළිඳු පැල්පතේ සිට නගරයේ මහා මැඳුරු, රජ මැඳුරු දක්වා තම හැකියාව සහ අප්‍රතිහත ධෛරය මතින් ඉදිරියට ගමන් කරමින් මිය යාමෙන් මතුද තවමත් සිරිලක ජනප්‍රියතම පොදුජන කලාකරුවා ලෙස වැජඹෙන ජෝතිපාලයගේ හඳහනේ දැකගත හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ගායනා ලෝකයේ රජෙක් වෙමින් අසීමිත ජනාදරයකට ලක්වුවද මෙතුමාගේ හඳහනේ එකඳු හෝ උච්ච ග්රහයෙකු දැකගැනීමට නොලැබීමය. නමුත් කුජ සහ ශනි කෙරෙන් යෙදුන විපරිත රාජයෝගය මෙතුමා මෙවන් වූ ඉහළ තලයකට ගෙනා බව පැහැදිළිය. ලාංකීය ගායන ක්ෂේත්රයේ මෙවන් වූ ග්‍රහ බලයක් සහිත එකම කලාකරුවා මොහු යැයි කිව හැකිය. ජෝතිපාල කලාකරුවා තම ගායන දිවියේ හිනි පෙත්තටම පැමිණියේ සහ ශ්‍රී ලංකාවේ වසරේ හොඳම ගායකයා ලෙස සරසවි සම්මානයෙන් දෙවරක්ම පිදුම් ලැබූවේ ගුරු සහ ශනි මහ දශාවන් ගෙවමින් සිටියදීය.
Comments
Post a Comment