ලොව ප්‍රථම අගමැතිනිය වීමේ භාග්‍ය හිමිකරගත් සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම පත්‍රය පිළිබඳව නොයෙක් මතවාද පවතී. ඇතැමුන්ගේ අදහස වන්නේ මෙතුමිය කන්‍යා ලග්නයෙන් උපත ලද බවය. කෙසේවුවත් 1916 අප්‍රේල් 17 සිත නැකතේ ප්‍රථම පාදයෙන් උපන් බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම රාශිය සිංහය බවට විද්වතුන් බොහෝ දෙනෙකු පිළිගනු ලබන්නේ සාධාරණ වූ ශාස්ත්‍රීය පදනමක් අනුව බවට පිළිගැනීමට සිදුවේ. ඒ අනුව බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම ලග්නය ලෙස මෙහිදී ඉදිරිපත් කරනු ලබන්නේ සිංහ ලග්න කේන්ද්‍ර සටහනයි. ලග්නාධිපති රවි මෙහි ධනස්ථානය සහ අයස්ථානය අධිපති බුද සමඟ උච්ච වී නමවැන්නේ තැන්පත් වීමෙන් බණ්ඩාරනායක මැතිනියගේ පෞරුෂය සහ ඒ හා බැඳුණු ක්‍රියාකාරකම් මනාව පිළිඹිබු වන අතර උච්ච රවි සහ නීච කුජගෙන් යෙදුනු නීච භංග රාජ යෝගයේත්, දෙක, දොළහ, හය සහ අටවැන්නෙහි ග්‍රහයින් සිටීමෙන් යෙදුණු සිංහාසන යෝගයෙත්, ගුරුගෙන් යෙදුන විපරිත රාජ යෝගයෙත් උපරිම පල බණ්ඩාරනායක මැතිනිය නොඅඩුව ලැබූ බව පැහැදිළි වේ. මේ අතර චන්ද්‍රයාගෙන් හත්වැන්නේ ගුරු සිටීමෙන් යෙදුනු ගජකේරී යෝගයද මෙහි දැකගත හැකිය. මීට අමතරව සිකුරු දසවැන්නේ ස්ව ස්ත්‍රව සිටීමෙන් යෙදුනු මාලවී යෝගයද විශිෂ්ට උච්ච රවි සමග භාග්‍යස්ථානයේ සිටීම විවාහ සහකරුද රාජ්‍ය නායකයකු වූ බවට සාක්ෂි සපයයි. බණ්ඩාරනායක මැතිනියගේ ජීවිතයේ සුවිශේෂී පෙරළිකාර සිදුවීම් රැසක්ම සිදුවන්නේ එතුමිය ශනි සහ බුධ මහ දශාවන් ගත කරමින් සිටි කාල වකවානුව තුලදීය. බණ්ඩාරනායක මහතාගේ අභාවය මෙන්ම මෙතුමිය තෙවරක්ම මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වන්නේද මෙම මහ දශාවන් දෙක අතරතුරයි.
Comments
Post a Comment