gossiplanka image 1
 



උපාලි විජේවර්ධන යනු මෙරට සිටි කීර්තිමත් ව්‍යාපාරිකයකු පමණක් නොව, ඔහු මෙරට එක් අඳුරු යුගයක ජාතික, සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා මග පෑදූ යුග පුරුෂයෙකු ලෙසද හැඳින්විය හැකිය. 1982 පෙබරවාරි 15 දින ගුවන් ගමනක යෙදී සිටියදී අතුරුදහන් වු මෙතුමා ඒ වන විට ශ්‍රී ලංකාවේ සිටි ධනවත්ම මිනිසා මෙන්ම දකුණු ආසියාවේ සිටි ධනවතුන් අතර තෙවෙනි තැන පසු වූ බවද ප්‍රකට කරුණකි. ව්‍යාපාරිකයකු ලෙස දෙස් විදෙස් හි සුපතල වූ මෙතුමා 1938 පෙබරවාරි 17 දින මෙලොව එළිය දක්නා විට නැගෙනහිර සිතිජයෙන් උඩට මතු වී තිබුණු රාශිය වූයේ රාශි චක්‍රයේ අවසන් රාශිය වන බ්‍රහස්පති හිමි මීන රාශියයි. උපතේදී ලග්නාධිපති අයස්ථානය වූ එකොළොස්වනේ සිටි අතර එකොළොස්වැන්නාධිපති ලග්න භාවයේ සිටිමින් මහා ධනයෝගයක් පෙන්නුම් කරන පරිවර්තන යෝගයක් උදාකර ඇති බව දැකගත හැකිය. මීට අමතරව දෙවැන්නාධිපති සහ නමවැන්නාධිපති කුජ ලග්නයේ සිටීමෙන් "චන්ද්‍ර වුඩා" යෝගය උදාකර දී තිබීමෙන් මෙතුමා ධනයට මෙන්ම උදාර ගති පැවතුම් ඇති ජාත හිතකාමී පුරුෂයකු වූ බවද පෙන්නුම් කරයි. මේ අතර අටවැන්නාධිපති සිකුරු මෙන්ම හයවැන්නාධිපති රවිද දොළොස්වැන්නේ සිටීමෙන් විපරිත රාජයෝගයක්ද උදාකරදී තිබෙනු දැකගත හැකි වුවත් අට අධිපති සහ හය අධිපති දොළහේ සිටීම සහ එම රාශි අධිපති 22 වන දෙර්කාණාධිපති ලෙස ලග්නයේ කුජ සමඟ සිටීම හදිසි අනතුරු සහ සතුරු  කුමන්ත්‍රණයන්ට ගොදුරු වීමට ඇති ඉඩකඩ හෙළි කරයි. ඒ අනුව හදිසි ගුවන් අනතුරකින් මිය ගිය බවට සනාථ වූ උපාලි විජේවර්ධනයන් මිය යනවිට ගත කරමින් සිටියේ ගුරු මහ දශාවේ කෙල්ලෝ අතුරු දශාවය. ලග්නාධිපති ගුරු උපතේදී ශනි සමග පරිවර්තනය වෙමින් බාධක රාශි අධිපති බුද සමඟ (මීන ලග්නයට හත්වැන්න බාධක රාශිය වෙයි) සිටි අතර කේතු අටවැනෙන් අටවැන්නා වූ ආයුෂය පිළිබඳ වගකියන භාවයක් වූ තෙවැන්නෙහි නීච වී සිටියේය.