විජය කුමාරණතුංග යනු කවරෙක්දැයි අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. මෙරට සමස්ත ජනතාව අතර අතිශයින්ම ජනාදරයට පාත්‍ර වූ ජනතා පුත්‍රයෙකු වූ මොහු නළුවකු මෙන්ම පසුකාලීනව දේශපාලකයකු වශයෙන්ද පැමිණි ගමන නතර වූයේ 1988 පෙබරවාරි 16 දින දහවල් ඉතාමත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙමින් මෙලොවින් සමුගැනීමෙනි. 1945 ඔක්තෝම්බර් 09 කොළඹදී බුදු හිමි මිථුන රාශිය තම ජන්ම ලග්නය කර ගනිමින් උපන් මොහුගේ හඳහන්නේ සුවිශේෂී ග්‍රහ පිහිටීම් කිහිපයක්ම වේ. මෙහි ලග්නාධිපති බුධ "භද්‍රා" යෝගය උදාකරමින් තෙවැන්න අධිපති රවි සහ දහවැන්න සහ හත්වැන්න අධිපති ගුරු සමඟ සංයෝගවී සිටීම මගින් ජන්මියා සතු පෞරුෂය මනාව පෙන්නුම් කරයි. වික්‍රමස්ථානය අධිපති රවි, ගුරු වැනි ග්‍රහයකු සමඟ සංයෝග වීම පසුකාලීනව දේශපාලනයට මෙන්ම ගායන ක්ෂේත්රයටද යොමුවීම පිළිඹිබු කරන අතර හත්වැන්න අධිපතියාගේ බලවත්කම අනුව විවාහ සහකරුගේ පෞරුෂයද මනාව තේරුම්ගත හැකිය. ඒ අනුව මොහු විවාහ ගිවිසගත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අගමැති පියෙකුට සහ අගමැති මවකට දාව උපන් දියණියක වූවා මෙන්ම ඇයද පසුකාලීනව මෙරට අග්රාමාත්යධූරය මෙන්ම අනතුරුව ශ්‍රී ලංකාවේ සිව්වන විධායක ජනාධිපතිනියද වූවාය. පස්වැන්නාධිපති සිකුරුගේ තැන්පත් වීම සහ ලග්නගත කුජගේ ස්වරූපය අනුව ඉතා සිත්ගන්නා රූපකායක් සහිත ආකර්ශනීය පෞරුෂයකින් යුතු වූ මෙතුමාද ධනයට වඩා ගුණයට ප්‍රකට වූ පුද්ගලයකු වූ බව දෙවැන්න අධිපති සිටින ආකාරයෙන් පෙන්නුම් කරයි. ඊට අමතරව කුජ ලග්නයේ සිටීමෙන් එඩිතරකම මෙන්ම ඉදිරියට යාමේ ගුණයද අයුක්තිය අසාධාරණය හමුවේ නොබියව සටන් වැදීමද මොහුගේ දේශපාලන ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී පැහැදිළි වෙයි. නමුත් අට අධිපතියා සිටින රාශි අධිපතියා නීචවීම සහ එම රාශි අධිපති කුජ ලග්නයේ රාහු සමඟ සිටීම සහ අට අධිපති දෙවැන්නේ සිටීම අවාසනාවන්ත අවසානයකට මග පාදමින් මෙතුමා මෙලොවින් සමුගනු ලැබූවේ සාහසිකයකුගේ වෙඩි වරුසාවක් හමුවෙයි. ඒ වනවිට මෙතුමා ගතකරමින් සිටියේ කොත්තු මහ දශාවේ රාහු අතුරු දශාවය. මේ අතර විජය කුමාරණතුංගගේ ජීවිතයේ අතිශය ස්වර්ණමය කාල පරිච්ඡේදය අයත් වන්නේ මොහු 1969 සිට 1985 අතර ගතකළ ලග්නාධිපති උච්ච බුධගේ මහ දශාවටය. 1969 "හන්තානේ කථාවෙන්' ඇරඹි තම සිනමා රංගන දිවියේ සියලු විශිෂ්ට කඩඉම් මෙන්ම 70 දශකයේ අග භාගයේ සුමිත්‍රා පීරින්ගේ ගග අද්දර හි ගීත ගයමින් චිත්‍රපට පසුබිම් ගායනයට මෙන්ම 1977 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග විවාහ ගිවිස ගැනීමද උක්ත දශා කාලයට අයත් වෙයි. නමුත් උපතේදී රාහු සහ කේතුට මැදිවෙ සෙසු ග්‍රහයින් තැන්පත් වීමෙන් යෙදුන කාල සර්ප යෝගයේ අශුභ පල විපාකද අත්විඳි විජය කුමාරණතුංගයන්, ජයවර්ධන රජයේ දේශපාලන සිරකරුවකු ලෙස අතිශය දරුණු දඟගෙයි දඬුවම් වලටද ලක් වූ බව අමතක කළ නොහැකිය.
Comments
Post a Comment