gossiplanka image 1
 




රෝහණ විජේවීර යන නම ලාංකීය දේශපාලන ඉතිහාසයට එක්වන්නේ සම්ප්‍රදායික දේශපාලන රාමුවෙන් ඔබ්බට යමින් එහි විප්ලවීය වෙනස් සිදුකිරීමට තැත්දැරූ නායකයකු හැටියටයි. ජර්මන් ජාතික කාල් මාගේ මාක්සීවාදී න්‍යාය තම දේශපාලන දර්ශනයේ පදනම කරගනිමින් වරෙක ප්‍රජාතන්ත්‍රවාදී මාවතද තවත් වරෙක ඉන් ඔබ්බට ගිය රැඩිකල් පිළිවෙතක්ද ගනිමින් තම දේශපාලන භාවිතය ඉදිරියට ගෙනගිය මොහුගේද ජීවිත ගමන 1989 ඉල්මස එක් අඳුරු දිනයක බිහිසුණු හෝරාවක නිමාවට පත්වන්නේ බෞනීය අකාරයටය. 1943 ජුලි 14 වැනි බුද දින සවස් යාමයේ සෙනසුරු හිමි අනුර නැකතෙන් සහ වෘශ්චික ලග්නයෙන් උපන් විජේවීරයන්ගේ ලග්නාධිපති කුජ උපතේදී විපරිත රාජ යෝගයක් උදාකරමින් තැත්පත් වී සිටින්නේ දුෂ්ඨ රාශියක් වන හයවැන්නේ ස්ව ස්ත්‍රවය. නමවැන්න හෙවත් භාග්‍යස්ථානය අධිපති සඳු ලග්නයේ නීච රාශි ගතව සිටින අතර නමවැන්නේ රාහු සමග පස්වන්නාධිපති වූ යෝග කාරක ගුරු උච්ච බලව සිටීමෙන් ජන්මියාගේ ආත්මීය පෞරුෂය පැහැදිළි වේ.  කෙසේ වුවත් රාජ්‍ය කාරක රවි අටවැන්නේ සිටීම එතරම් ශුභ පිහිටීමක් නොවූවද අට අධිපති බුධ ස්ව ක්ෂේත්‍ර බලයෙන් යෙදුණු විපරිත රාජ යෝගයේ බලයද වෙනස් මගක් ගත් දේශපාලන ප්‍රවාහයක නියමුවෙකු බිහිකිරීමට මග පාදා තිබේ. ඊට අමතරව මෙම ජන්ම පත්‍රයේ සිකුරු සහ ශනින්ගේ පිහිටීමද අතිශයින්ම වැදගත් වේ. විජේවීරන්ගේ දේශපාලන දිවියේ සුවිශේෂම කාල වකවානුව වන්නේ ඔහු සිකුරු මහ දශාව ගතකරමින් සිටි වයස අවුරුදු 25 සහ 45 අතර කාලසීමාවය. මෙම කාල සීමාව තුළ මොහුගේ දේශපාලන භාවිතාව මැනවින් කැපී පෙණුනු අතර 1971 අප්‍රේල් කැරැල්ල සහ අනතුරුව දේශපාලන සිරකරුවකු වීම, නැවත 1982 ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පැමිණ ජනාධිපති අපේක්ෂකෙයකු ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම මෙන්ම නැවත ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙතක් අනුගමනය කිරීම වැනි සංසිද්ධීන් සියල්ලම එම සිකුරුගේ මහ දශාව තුළට අයත් වේ. රෝහණ විජේවීරයන් 1989 ඉමස අවාසනාවන්ත අයුරෙන් ඝාතනයට ලක්වන විට ඔහු ගත කරමින් සිටියේ අටවැන්නේ සිටි දසවැන්න අධිපති රවිගේ මහ දශාවයි.a