විජයානන්ද දහනායක යනු 50, 60 දශකයන්හී මෙරට දේශපාලන කරළියේ අතිශයින්ම කතා බහට ලක්වූ භූමිකාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. දකුණෙන් බිහි වූ ප්රථම අග්රාමාත්යවරයා වූ මෙතුමා 1902 ඔක්තෝබර් 22 ගාල්ලේදී උපත ලබන්නේ මෙරට බොහෝ නායකයින් බිහිකළ බුධ හිමි කන්යා ලග්නයෙනි. කුජගෙන් යෙදුන විපරිත රාජ යෝගය මෙන්ම ප්රබල පරිවර්තන යෝග දෙකක්ද සහිතව මෙතුමාගේ හඳහනේ ලග්නාධිපති බුධ උත්පත්තියේදී සිකුරු හිමි තුලා රාශියේ වන දෙවැන්නේ තැන්පත් වී සිටින අතර දෙවැන්න අධිපති සිකුරු ලග්නයේ තැන්පත් වී සිටියි. ඊට අමතරව පස්වැන්න අධිපති ශනි සිව්වැන්ද, සිව්වැන්නාධිපති ගුරු පස්වන්නේද සිටීමෙන් තවත් ප්රබල පරිවර්තන යෝග බලයක් ඇතිව උපන් මෙතුමාගේ මෙම ග්රහ පිහිටීම් දේශපාලනයට යොමුවීමේ ප්රමුඛ සාධකයෝ වෙති. මෙම ප්රබල ග්රහ පිහිටීම් ශූර කථිකත්වයකින් සහ තියුණු බුද්ධියකින් හෙබි වී භාෂා උගතෙකු මෙන්ම පොදුජන නායකයකුද බිහිකළ බව පැහැදිලි කරයි. ලග්නාධිපති මෙන්ම දසවැන්නාධිපතිද වූ බුධ රාජ්ය කාරක රවි හා රාහු සමග සංයෝගවීමද දේශපාලනයේ ඉහළම පුටුව කරා මොහු යොමු කළ ග්රහ පිහිටීම් ලෙස දැක්විය හැකිය. 1959 බණ්ඩාරණායක ශ්රීමතාගේ අභාවයෙන් අනතුරුව අග්රාමාත්ය ධූරයේ වැඩභාරගනු ලැබූවේ දහනායක මහතා විසිනි. එය කෙටි කලකට සීමා වූවද මොහු ශ්රී ලංකාවේ පස්වැනි අගමැතිවරයා ලෙස ඉතිහාසයට එක්වුණි. මේ අතර නීතිඥයකු නොමැතිව තමාම පෙනී සිටිමින් නඩුවලින් විජයග්රහණය කිරීමට තරම් ශූර කතිකත්වයක් මෙතුමාට ලැබුනේ දෙවැනෙහි වූ ප්රබල ග්රහ පිහිටීම් හේතුවෙනි. ශනි සිව්වැන්නේ වීම මෙන්ම නමවැන්නාධිපති සිකුරු ලග්නයේ සිටීමෙන් යෙදුනු "චන්ද්ර වුඩා" යෝගයද මානව දයාව, අනුකම්පා සහගත බව සමානාත්මතාව වැනි උදාර ගති මතුවීමට ඉවහල් වූ බව පැහැදිළිය. මේ අතර දහනායක මැතිඳුන් ජීවිතාන්තය දක්වාම අවිවාහකයකු වීමට බලපෑ ජ්යෙතිෂමය කරුණු අතර හත්වැන්නාධිපතිගේ නීචවීම මෙන්ම සිකුරු නීචවීමද, ශනි වැනි ග්රහයකු සිව්වැන්නේ සිටීමද ප්රබල ලෙස බලපෑ බව පෙනේ.
Comments
Post a Comment