ජන්ම පත්‍රයක තෙවැන්න සහ දසවැන්නේ බලවත්කම මත තම ජීවන යාත්‍රාව සාර්ථක ගමනක් කරා යොමුකරගත් ඇත්තියක ලෙස මාලනී බුලත්සිංහල ගායන ශිල්පිනිය හැඳින්විය හැකිය. කිසිවකුත් නොසිතූ මොහොතක අකල් මරණයකට ගොඳුරු වුවද ඇය සිංහල ගායනා ක්ෂේත්‍රය තුළ බිහිවූ ප්‍රතිභාපූර්ණ විශාරද ගායන ශිල්පිනියක බව කීම අතිශයෝක්තියක් නොවේ. ග්‍රහ ලොව ප්‍රමුඛයා වන රවි හිමි සිංහ ලග්නයෙන් උපන් මෙතුමියගේ ලග්නාධිපති කුජ හිමි වෘශ්චික රාශියේ හෙවත් සිව්වැන්නේ තැන්පත් වී සිටින අතර ලග්නයේ ශනි චන්ද්‍ර සංයෝග වී තිබෙනු දැකගත හැකිය. මෙම එකදු පිහිටීමක් හෝ කලාවට සම්බන්ධ පිහිටීම් සේ නොපෙනුනද මෙතුමියගේ තෙවැන්න සහ දසවැන්න අධිපති සිකුරු ස්වරකාරක ගුරු සමඟ හයවැන්නේ තැන්පත්වී දසවැන්න දැකීම මෙන්ම අට අධිපති වූ ගුරුගෙන් යෙදුන විපරිත රාජ යෝගයද මැය විශිෂ්ට ඝනයේ සංගීතම්බිනියක කරවූ බව පෙන්වයි. ඊට අමතරව ගුරු නීච වී සිටියද එම රාශි අධිපති ලග්නයේ තැන්පත් වී සිටීමද උසස් ජීවන තත්වයක් පවත්වා ගැනීමට මහෝපකාරී විය. නමුත් අට අධිපති නීච වී සිටීම මෙන්ම අටේ රාහු වැනි පාපියෙකු සිටීමත් කුජ, ශනි පාපීන් දෙදෙනා අටවැන්න දැකීමද මෙතුමියට අකල් හදිසි මරණයකට මුහුණදීමට තුඩුදුන් කරුණු අතර ඉදිරියෙන් වෙයි.
Comments
Post a Comment