gossiplanka image 1
 




ගුණදාස කපුගේ නම් ගායන ශිල්පියා සිංහල සංගීත ක්ෂේත්‍රය තුළ නම් දරා ඇත්තේ සමාජයේ පහළ පන්තියේ තැලී පොඩිවුන පීඩිත මිනිසුන් වෙනුවෙන් තම හඬ වඩාත් සංවේදී ලෙස අවදි කළ ගායකයා හැටියට කීම නිවරදිය. දෑස නිල්පල් තෙමා, සුභ ප්‍රාර්ථනා කියමන්, නාඹර ගොයමට, සීතල සඳ එළියේ වැනි ප්‍රේමණීය ගීතාවලියකින් තම ගායන දිවිය ආරම්බ කළද 'කම්පන' වැනි ඒක පුද්ගල ප්‍රසංගයක් තුළින් විරෝධාකල්ප ගීත කලාවකට ප්‍රවිෂ්ඨ වූ මොහු තමා දැරූ දේශපාලන මතවාදය වෙනුවෙන් කලාව භාවිතා කිරිමට දඬුවම් වශයෙන් රාජ උදහසටද ලක් වූ කලාකරුවකු වූ බව අමතක කළ නොහැකිය. ඒ අනුව තමාටම අනන්‍ය වූ පීඩිත මිනිසුන්ගේ ආත්ම ප්‍රකාශනයක් බඳු ශෝකී ස්වරයකින් රසිකයින් මුසපත් කළ කපුගේ කලාකරුවා එවන් වූ පොදු ජන ගායන ශිල්පියකු වීමට බලපෑ ජ්‍යොතිෂමය කරුණු අතර ඔහුගේ කන්‍යා ලග්න ජන්ම පත්‍රයේ තෙවැන්න සහ දසවැන්න සම්බන්ද ග්‍රහ පිහිටීම් සුවිශේෂී වෙයි. යමෙකුගේ දක්ෂතාවය, ප්‍රතිභාව පෙන්වන තෙවැන්න අධිපති ලෙස මෙහි සිටි කුජ, සිකුරුගේ රාශියක තැන්පත්වීම මොහු තම සහජ හැකියාව කලාව වෙනුවෙන් ගෙනා බව පෙන්වයි. ඒ අතර එම රාශි අධිපති සිකුරු පීඩිත පන්තිය නියෝජනය කරන ශනි සමග රැකියාව පෙන්වන දසවැන්නේ සිටිනු පෙනෙයි. කලාව වුවද මොහු ඉන් ජනනය කිරීමට උත්සාහ දැරුවේ පීඩිත පන්තියේ දහඬිය කඳුළ සුසුමෙහි හඬ බව ශනි සිකුරු සංයෝගයෙන් පැහැදිළි වෙයි. මීට අමතරව ස්වරයට අධිපති සුරගුරු මෙහි ලග්නයේ සිටිමින් තම යුතුකම් කොටස ඉටුකොට තිබෙන අතර එකොළොස්වැන්නේ සිටි ස්වක්ෂේත්‍ර සදු ගෙන් යෙදුන "ධුරා ධුර' යෝගය මෙන්ම රවින්ගෙන් යෙදුන වෙශී, වොෂී සහ උභයචාරී යෝගයන්ද ප්‍රසිද්ධිය, මහජන ප්‍රසාදය, ගෞරවය වැනි දේ දිනාගැනීමේදී බලපෑ සාධක අතර ඉදිරියෙන්ම වෙයි.