gossiplanka image 1
 


උදාර රණකාමියකු සතු එඩිතර බව මෙන්ම ශුර නායකත්වය ඩෙන්සිල් කොබෑකඩුව මැතිදුන්ගේ ජන්ම පත්‍රයෙන් මනාව පිළිඹිබු වෙයි. මෑත යුගයේ මෙරට යුධ ඉතිහාසය තුළ අතිශය ජනාදරයට පත් රණශුරයින් අතරින් මොහුට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. මෙහි ලග්නාධිපති සිකුරු, බුධ හිමි මිථුන රාශිය වන භාග්‍යස්ථානයේ තැන්පත් වී සිටින අතර එම රාශි අධිපති සිටින්නේ සටන්කාමී කුජ සහ රවිට මැදිව දසවැන්නේ වීම හෙතෙම රණකාමීත්වය ජන්මයෙන්ම ගෙනා බව සනාථ කරයි. ඊට අමතරව මෙතුමාගේ දසවැන්න බෙහෙවින්ම බලගතු බව මෙහි සිටින කුජ සහ හත්වැන්නේ සඳු අතර යෙදෙන පරිවරතන යෝගය මෙන්ම ශනි හා කුජ අතර වු නීච භංග යෝගයෙන්ද පැහැදිළි වෙයි. මෙම ග්‍රහ පිහිටීම් ජන්මියාගේ උදාර ගති වැඩි දියුණු කරවීමට ඉවහල් වූ බව පෙනෙන අතර ලග්නාධිපති නමවැන්නේ සිටීම මෙන්ම නමවැන්නාධිපති දසවැන්නේ සිටීම තුළින් නිහතමානී කම මුසු එඩිතර නායකත්වයක් රණබිම තුළ නිරුපණය කළ මෙතුමාගේ කේන්ද්‍ර සටහනේ දැකිය හැකි අශුභ පිහිටීමක් ලෙස රාහු සහ කොත්තුවෙන් යෙදුන "කාල සර්ප යෝගය" දැක්විය හැකිය. නොසිතු ඛේදනීය ඉරණමකට අවසානයේ මුහුණලුන් මෙතුමාගේ ලග්නාධිපති අට අධිපතියාද වෙමින් නමවැන්නේ සිටි අතර නමවැන්නාධිපති දොළොස්වැන්නාධිපති කමද සහිතව සිටියේ මාරක දොවන්නාධිපති වූ නීච කුජ සහ රවි සමගය.