gossiplanka image 1
 


කොල්වින් ආර්. ද. සිල්වා යනු ලාංකීය වාමාංශික දේශපාලනයේ විප්ලවීය චරිතයක් මෙන්ම මෙරට නීති ක්ෂේත්‍රයේ නමගිය ආන්දෝලනාත්මක නීතිවේදියෙකුද වු බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. 1970 සමගි පෙරමුණු රජයේ ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ මෙතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ නිර්මාපකයා ලෙසද ඉතිහාසයට එක්ව සිටියි. ක්‍රි. ව. 1907 පෙබරවාරි 16 දකුණු ලක බලපිටිය ග්‍රාමයේදී උපත ලද කොල්වින් ආර්. ද. සිල්වා මහතාගේ ජන්ම ලග්නය වන්නේ සිකුරු හිමි වෘෂභ රාශියයි.  ලග්නාධිපති උපතේදී අටවැන්නේ තැන්පත් වී සිටියද ශනි සහ කුජන්ගෙන් යෙදුන සස සහ රුචක නම් මහා පුරුෂ යෝග මෙන්ම දසවැන්නේ වූ සුවිශේෂී ග්‍රහ පිහිටීම සහ ලග්නාධිපති තැන්පත් රාශි අධිපතියා වන සුරගුරු දෙවැන්නේ සිට ලග්නාධිපතිට සප්තම දෘෂ්ටියක් ලබාදීම තුළින් මනා පෞරුෂයකින් හෙබි පුරුෂයකු බිහිවන ලකුණු මෙතුමාගේ ජන්ම පත්‍රය තුළින් පැහැදිළි වෙයි. විශේෂයෙන් නීති ක්ෂේත්‍රය මෙන්ම දේශපාලන කරළියේද තමන්ට අනන්‍ය වූ සිත්ගන්නා වාග් චාතුර්යයක් පලකළ මෙතුමාගේ එම ප්‍රතිහාවට දෙවැනෙහි වූ ගුරුගේ පිහිටීම සාක්ෂි සපයයි. ඊට අටවැන්නේ සිටි සිකුරුගෙන්ද නොමද සහයක් ලැබුණු අතර එකොළොස්වැන්නාධිපති දෙවැන්නේ සිටීම තම හැකියාවෙන් ධනවතෙකු වන බව පැහැදිළි කරයි. මේ අතර කෙනෙකු නියළෙන වෘත්තිය පෙන්වන දසවැන්න මෙතුමාගේ හඳහනේ ඉතාමත් බලවත්ම වු ස්ථානය බව පෙන්නේ. එහි නමවැන්න සහ දසවැන්න අධිපති යෝගකාරක ශනි ස්ව ක්ෂේත්‍ර බලයෙන් සස නම් මහා පුරුෂ යෝගය උදාකර දී තිබේ. ඊට අමතරව පස්වැන්න අධිපති බුධ මෙන්ම සිව්වැන්න අධිපති රවිද නමවැන්න අධිපති ශනි හා එක්ව කේන්ද්‍ර ත්‍රිකෝණාධිපති යෝගයන් කිහිපයක්ම උදාකර තිබෙනු දැකගත හැකිය. මෙතුමා වාමාංශික දේශපාලනයේ කැපී පෙනුණ චරිතයක් වීමට ග්‍රහ  ලොව සටන්කාමියා වූ කුජ ස්ව ක්ෂේත්‍ර බලයෙන් රුචක යෝගය උදාකරමින් හත්වැන්නේ සිටීම මෙන්ම එම කුජ නවාංශකයේද වෘශ්චික රාශිගතවීම මහෝපකාරී වූ බව පැහැදිළි වේ.